spot_img
spot_img

Escape Room (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

Escape Room (2019) තවත් ලස්සන ත්‍රාසජනක චිත්‍රපටියක්. මම කලින් escape room කියන්නේ මොකද්ද කියලා කියලා තියෙනවා. ඒත් කෙටියෙන් හරි ආයේ කියන්නම්. පුද්ගලයන් කිහිපදෙනෙක් කාමරයක සිර කරනවා. මේ කාමරෙන් පැන ගන්න එක තමයි එයාලාගේ අභියෝගය. ගොඩාක් වෙලාවට සරලව පේන දොරක් හැම කාමරයකම තියෙනවා. හැබැයි, ඒක අරින්න තියෙන යතුර හොයාගන්න එක තමයි අමාරු වැ‍ඩේ. යතුර ගැන හෝඩුවාවල්, කාමරය පුරා පේන්න සඟවලා තියෙනවා. ඒවා ප්‍රහේලිකා හෝ තේරවිලි හෝ වෙනත් සිදුවීමක් වෙන්න පුළුවන්. ඉතිං මේ හෝඩුවාවල් භාවිතයෙන් යතුර හොයාගෙන, දොර විවෘත කරගැනීම තමයි කරන්න තියෙන්නේ. ඇමරිකාවේ තරුණ ප්‍රජාව අතරේ මේක ගොඩාක් ජනප්‍රිය ක්‍රීඩාවක්. හැබැයි, පහුගිය කාලේ විවිධ චිත්‍රපටි නිර්මාණකරුවන්, මේක භයානක සහ බය හිතෙන අත්දැකීමක් බවට පත් කරලා තියෙනවා.

මේ චිත්‍රපටිය අනිත් escape room කතා වලට වඩා විශේෂයි. ඇත්තටම මම බලපු හොඳම චිත්‍රපටියක්. අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Adam Robitelවිසින්. කතාව ලියලා තිර රචනය කරලා තියෙන්නේ Bragi F. Schut විසින්. මේ කතාවට ඉහල සාධාරණයක් කරමින් නළු නිලි කණ්ඩායම, විශිෂ්‍ඨ රංගනයක යෙදෙනවා. ප්‍රධාන නිලියගේ හැඟීම් ප්‍රකාෂණය සහ හුරුබුහුටි හැසිරීම්, චිත්‍රපටිය වර්ණවත් කරලා තියෙනවා. රඟපෑමෙන් එක්වන්නේ Taylor Russell (සෝයි), Logan Miller (බෙන්), Jay Ellis (ජේසන්), Deborah Ann Woll (අමන්දා) ඇතුළු පිරිසක්. මේ චිත්‍රපටිය සම්මාන රැසක් ලබාගෙන තිබෙනවා. ඒ වගේම හොඳ ratings ටිකකුත් තියෙනවා. IMDB 6.4, RottenTomatoes 51%, Google Users 86% ක් වගේ.

කතාව ගැන කලින් විස්තර කලා. තරුණ තරුණියන් හය දෙනෙක්, එකිනෙකා නොහදුනන, කාමරයකට එක් කරවන්නේ, විවිධ වු උපක්‍රම භාවිතයෙන්. මේ හැමදෙනාම පැමිණෙන්නේ ජයග්‍රාහකයාට ලබාදෙන ඩොලර් 10,000 බලාපොරොත්තුවෙන්. ක්‍රීඩාවේ යෙදෙ‍නකොට තමයි එයාලාට තේරෙන්නේ, මේක ක්‍රීඩාවකට එහා ගියපු දෙයක් කියලා. ඉතිං, මේකෙන් බේරෙන්නේ කොහොමද? කවුද මේ තරඟයේ ජයග්‍රාහකයා? කොහොමද කාමර වල සංකීර්ණත්වය? මේවා ගැන දැනගන්න, මේ සිංහල උපසිරැසිය සමඟින් චිත්‍රපටිය රසවිඳින්න. ජයවේවා!!

 

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති බ්ලුරේ පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

 

Download “Escape Room (2019) සිංහල උපසිරැසි” Escape.Room.(2019).Sinhala.Subtitle.rar – Downloaded 6551 times – 978 KB

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

 

නිලුෂ හේමාල් අලහකෝන්
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

6 COMMENTS

  1. තෑන්ක්ස් සබ් එකට මේකත් පට්ට Escape Room ෆිල්ම් එකක්… මං කලින් Escape Room ෆිල්ම් එක දුන්න දවසෙ සබ් ඉල්ලපු ෆිල්ම් ටික ගැනත් සලකා බලන්න

    • ඔව්.. මේකේ දෙවැනි චිත්‍ර‍පටිය ලබන මාසේ එනවා. කලින් එක අපි නොදිපු නිසායි මේක දුන්නේ. මොකද දෙවැනි ෆිල්ම් එක බලන්න නම් මේක බලලා ඉන්නම ඕනි නිසා

  2. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

Leave a Reply to Asanka Cancel reply

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram