spot_img

Fake Bodyguard (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

Fake Bodyguards (2021) මේ අවුරුද්දේ නිෂ්පාදනය කෙරුණු චීන චිත්‍රපටියක්. වසංගත තත්වය කොච්චර තිබුණත් අති සාර්ථක ලෙස ආදායම් වාර්ථා තියන්න මේ චිත්‍රපටියට හැකිවුනාලු. ඒ නිසාම මම මේක සිංහල රසිකයන්ට බලන්න පරිවර්තනය කලේ. Ratings: MyDramaList 5.9/10, iQiYi 8.2/10 ලබාගෙන තියෙනවා මේ කතාව.

අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Jiang Xiaotong කියන තරුණ අධ්‍යක්ෂකවරයා. ජනප්‍රිය චිත්‍රපටි හතරක් මේ වෙනකොට ඔහු විසින් නිර්මාණය වෙලා තියෙනවා. මෙහි රඟපෑමෙන් දායක වෙනවා Wang Taili, Ada Liu, Yin Xiao Tian ඇතුළු පිරිසක්. නොදන්නා භාෂාවකින් තිබුනත් රස විඳින්න ලොකු බාධාවක් නොවෙන්න මේ අය රඟපාලා තියෙන බව නම් කිවයුතුමයි.

කතාව ගැන කියනවා නම්, අපේ ප්‍රධාන චරිත තුන් කට්ටුව ජීවත් වෙන්නේ සංචාරක මගපෙන්වන්නන් විදියට රැකියාවක් කරමින්. නීත්‍යානුකූල නොවන විදියට අහඹු ලෙස සංචාරකයන් තෝරාගෙන, එයාලාට මග පෙන්වන එක තමයි මෙයාලාගේ රස්සාව. හදිස්සියේ දවසක්, මෙයාලාට අහඹු ලෙස මුණ ගැහෙනවා මහාචාර්ය චෙන්ව. හැබැයි ඔහු බලාපොරොත්තුවෙන් ඉන්නේ පුද්ගලික ආරක්ෂකයෝ තුන්දෙනෙක්ව. ඉතිං, අපේ තුන්කට්ටුව තැනේ හැටියට ඇණේ ගහනවා. පුද්ගලික ආරක්ෂකයෝ විදියට පෙනී සිටිනවා. එයාලාගේ අනාගතේ කොහොම වෙයිද කියලා තමයි මේ චිත්‍රපටියේ තියෙන්නේ. විද්‍යාත්මක පසුබිමක ප්‍රහසන චිත්‍රපටියක් නිර්මාණයට ගත්ත උත්සාහයක්. සිංහල උපසිරැසි සමඟ රසවිඳින්න. ජයවේවා!!

 

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
  • SRT ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

නිලුෂ හේමාල් අලහකෝන්
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

5 COMMENTS

  1. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

    Request:

    Mission Possible (2021) Korean

  2. බොහොම ස්තූතියි උපසිරැසියට.😀
    ජයවේවා! 👍

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram