today-is-a-good-day
More

    Fall in Love with My Badboy (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    සුබ දවසක් වේවා කියල පිළිගන්නවා. ටික කාලෙකට පස්සේ ඔන්න සිංහල උපසිරැසියක් අරන් ආවා. මේක චීන චිත්‍රපටයක් .තුන්කොන් ආදර කතාවක් මුල් කරගත්තු ඓතිහාසික චීන චිත්‍රපටයක් .මේක අයිති වෙන්නේ Historical / Comedy / Romance ගණයට. මේ චිත්‍රපටය තිරගත කීරීම ආරම්භ කරල තියෙන්නේ 2020 ජූලි මාසයේ 28 වෙනිදා.  MyDramaList rating අගය 7 ක් ලබා ගන්න මේ චිත්‍රපටය සමත් වෙලා තියෙනවා. මේක පැය 1 විනාඩි 36 ක් ධාවන කාලයකින් යුක්තයි.ඒවගේම මේ චිත්‍රපටය අධ්‍යක්ෂනය කරල තියෙන්නේ Lei Dong Sheng. ඒවගේම Yang Chun Bei, Dou Zih, Wu Zhu Xi යන රංගන ශිල්පීන් රංගනයෙන් දායක වෙනවා.

    එහෙනම් අපි කතාව පැත්තට හැරෙමු. ලින් යූ ෂාන් කියන්නේ ගමක ජීවත් වෙන ගැහැනු ළමයෙක්. අවාසනාවකට වගේ මෙයාගේ පවුල මූල්‍යමය අතින් කඩාගෙන වැටෙනවා. ඒක නිසා මෙයාලගේ නැදෑයෝ ලින් යූ ෂාන් ට සමච්චල් කරන්න පටන් ගන්නවා. ඒ විතරක් නෙවෙයි මෙයාගේ යාලුවෙක් මෙයාට විහිලු කරන්න පටන් ගන්නවා. මේක නිසා ලින් යූ ෂාන් යූ වෙනස් කෙනෙක් වෙන්න තීරණය කරනවා. මේ නිසා මෙයා ගමෙන් යනවා අධ්‍යාපන ආයතනයක ඉගෙන ගන්න . ඉතින් මෙයා ගියපු පළවෙනි දවසෙම මෙයා දකිනවා ජේෂ්ඨ ශිෂ්‍යයෙක් කණිෂ්ඨ ශිෂ්‍යයෙක්ට දඩුවම් කරනවා. ඉතින් මෙයා මේකට මැදිහත් වෙන්න තීරණය කරනවා.මේ වෙලාවේදි ලින් යූ ෂාන් අතින් ජේෂ්ඨ ශිෂ්‍යයාය ලැජ්ජ හිතෙන දෙයක් සිද්ද වෙනවා. ඒක දැනගන්න චිත්‍රපටය බලන්නම වෙනවා.මේ නිසා ඒ ජේෂ්ඨ ශිෂ්‍යයා ලින් යූ ෂාන්ගේ පස්සෙන් එන්න පටන් ගන්නවා. එතනින් පස්සේ තමයි කතාවේ හොදම හරිය තියෙන්නේ . හොදට හිනාවෙන්න පුළුවන්. කිසිම කම්මැලිකමක් නැතුව බලන්න පුළුවන් චිත්‍රපටයක් තමයි මේක. ඒ වගේම මේකෙ ලස්සන පසුබිම් සංගීතයක් තියෙනවා . එහෙනම් අරගෙනම බලන්න කතාව කොහොමද කියල .ජයවේවා

     

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
    • SRT ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

     

    Download “Fall in Love with My Badboy (2020) සිංහල උපසිරැසි” Fall.in.Love.with.My.Badboy.2020.Sinhala.Subtitle.rar – Downloaded 1062 times – 25 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    මාවන් ගීතාංජන
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    4 COMMENTS

    1. … ගොඩක්ම ස්තූතියි. …
      ඔබට සහ ඔබ පවුලේ සැමට
      තෙරුවන් සරණ ලැබේවා..!

      Request:
      Come True (2020)
      Coming 2 America (2021)
      Yes Day (2021)
      The Vault (Way Down) (2021)

    2. සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
      බුදු සරණයි!!ජය වේවා!!!

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram