spot_img

Fast X (2023) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

Fast X (2023) Sinhala Subtitle

Fast and Furious කතා මාලාව, ත්‍රාසජනක චිත්‍රපටි වලට කැමති හැම දෙනා අතරේම, ගොඩාක් ජනප්‍රිය වෙච්ච කතා මාලාවක්. මේකේ තියෙන වාහන එක්ක දාන සෙල්ලම්, පුදුම හිතෙන විදියට නිර්මාණය කරලා තියෙනවා. ඒක තමයි මේක වැඩියෙන්ම ජනප්‍රිය වෙන්න හේතුව. සමහර දේවල් අතාත්වික වගේ දැනුනත්, හොලිවුඩයේ සමහර ත්‍රාසජනක ක්‍රියාදාම චිත්‍රපටි වල වගේ අමුතු අතාත්වික දේවල් නැති චිත්‍රපටි මාලාවක් විදියටයි ගොඩාක් අය මේක හඳුන්වලා තියෙන්නේ.

මේ තියෙන්නේ ඒ් චිත්‍රපටි මාලාවේ දහවෙනි දිඟහැරුම. Fast X (2023) කියලා මේක නම් කරලා තියෙන්නේ. සමහර අය Fast & Furious 10 විදියටත් හඳුන්වලා තියෙනවා. 2021 තිරගත වුණු, F9 චිත්‍රපටියේ ඉදිරි දිගහැරුමක් විදියටයි මේක නිර්මාණය වෙන්නේ. කතාව පටන්ගන්නේ, ඒ් චිත්‍රපටියේ සිද්ධියක් මුල් කරගෙන.

Fast & Furious චිත්‍රපටි මාලාවේ වැඩිම චිත්‍රපටි ප්‍රමාණයක් අධ්‍යක්ෂණය කරලා තියෙන Louis Leterrier තමයි මේකත් අධ්‍යක්ෂණය කලේ. සුපුරුදු පරිදි Gary Scott Thompson ගේ හිතේ නිර්මාණය වුණු චරිත අලලා තමයි මේකත් දිග හැරෙන්නේ. Vin Diesel ඇතුළු කිහිපදෙනෙක් එකතු වෙලා තමයි මේක නිෂ්පාදය කලේ. ඒ් වගේම රංගනයෙන් දායක වුනා, Vin Diesel (ඩොමිනික්), Jason Momoa (ඩාන්ටේ), Michelle Rodriguez (ලෙටී), Tyrese Gibson (රෝමන්), John Cena (ජේකොබ්) ඇතුළු විශාල ජනප්‍රිය පිරිසක්.

චිත්‍රපටිය නිකුත් වෙලා තාම මාසයක්වත් නැති තරම්. ඒ අතරේ චිත්‍රපටිය ලබාගෙන තියෙන web ratings ගැන පොඩ්ඩක් කියන්නම්. මේ ලිපිය ලියන මොහොත වෙනකොට, IMDb 6.1, Rotten Tomatoes 56%, Google Users 89% ලබාගෙන තියෙනවා. ඩොලර් මිලියන 340ක ඇය වැයකින් නිෂ්පාදය වුණු චිත්‍රපටිය, මේ වෙනකොටත් ඩොලර් මිලියන 653 ඉක්මවලා ආදායම් උපයගෙන තියෙනවා. මොනවා වුනත්, ආදායම් අතින් ඉතා හොඳ මට්ටමක තියෙන චිත්‍රපටියක්.

මේ චිත්‍රපටි මාලාව ගැන හැමෝම දන්න නිසා, කතාව ගැන කියන්න යන්නේ නෑ. මේක ඩාන්ටේ විසින් ඩොමිනික්ට එරෙහිව ක්‍රියාත්මක කරන පලිගැනීමක් පාදක කරගෙන දිවෙන කතාවක් කිව්වාම ඇතිවේවි.

එහෙනම්, මේ සිංහල උපසිරැසිය එක්ක චිත්‍රපටිය නරඹන්න. රසවිඳින්න. හැමදාම කියනවා වගේ, මේ උපසිරැසි වල ගුණ දොස්, අඩුපාඩු, හොඳ නරක ගැන අපිට කියන්න. ඒ්කෙන් අපේ උපසිරැසි තවත් ගුණාත්මක කරගන්න පුළුවන්. ජයවේවා!!

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති WEB පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDXTV ලෙස උපසිරැසි නිකුත් කර ඇත.
  • විඩියෝ පිටපත් සුම් ලින්ක් හබ් වෙබ් අඩවියෙන් පහසුවෙන් ලබාගත හැක

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

නිලුෂ හේමාල් අලහකෝන්
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

3 COMMENTS

  1. ගොඩක්ම ස්තූතියි නිලුෂ සොයුර ……….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram