spot_img

Fidaa (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

කට්ටිය ගොඩක් ඉල්ල ඉල්ල හිටිය Blockbuster Hit ෆිල්ම් එකක් තමයි අරන් ආවේ. අපි කවුරුත් දන්න Premam (2015) චිත්‍ර‍පටියෙන් රසික හදවත් දිනාගත්ත සායි පල්ලවි තමයි මෙහි ප්‍ර‍ධාන චරිතය නිරුපණය කරන්නේ… ඒ වගේම තෙලෙගු චිත්‍රපටවල Mister (2017) නිතරම දක්නට ලැබෙන වරුන් තේජ්ද මෙහි ප්‍ර‍ධාන චරිත නිරුපණයෙන් දායක වෙනවා. වරුන් තේජ් හා සායි පල්ලවි එකට රංගනයෙන් දායක වන මුල්ම චිත්‍රපටය වන්නෙත් මෙයයි.Shekhar Kammula විසින් අධ්‍යක්ෂණය කරන ලද අතර, ජනප්‍රිය චිත්‍රපට ගණනාවක්ම නිෂ්පාදනය කල Dil Raju නිෂ්පාදනය සදහා එකතු වී තිබෙනවා.මේ චිත්‍ර‍පටිය තිරඟත වුනේ 2017 ජුලි මාසයේ… විනාඩි 148ක ධාවන කාලයකින් යුතු මෙය තිරගත වුණු පලමු දින 50 තුල පමණක් කෝටි 65 ක් උපයාගනිමින් අවසානයේ චිත්‍රපටය නිෂ්පාදනය කිරීමට වැයවූ මුදල මෙන් හත් ගුණයක ආදායමක් ලබාගැනීමට සමත්කම් දැක්වූවා.

චිත්‍රපටය බොහෝ සෙයින් සාර්ථක වීමට, මෙම චිත්‍රපටයේ සායි පල්ලවි ගේ රංගනය ප්‍රේක්ෂයන් ඇද බැද තබාගන්නා අතර පසුබිම් සංගීතය හා චිත්‍රපටයේ එන ගීත ද ඊට මනා පිටුවහලක් වෙයි.කවුරුහරි කෙනෙක් මොන හේතුවක් නිසා හෝ මේ චිත්‍රපටය බැලුවොත් ඔහු හෝ ඇය අනිවාර්‍යයෙන්ම මෙහි එන සංගීතයට ඇලුම් කරනවා නො අනුමානය.මෙහි විවාහ උත්සවය දවසේ එන Vachinde ගීතය, යූ ටියුබ් හි මිලියන 44+ පමණ නරඹා ඇති අතර රසිකයන් අතර බොහෝ සේ ජනප්‍රිය වුණු ගීතයක් බවට පත්වුණා. එහි විශේෂත්වය වන්නේ නැගී එන සංගීත අධ්‍යක්ෂයෙකු වන Shakthi Kanth Karthick අතින් මෙහි එන ගීත සියල්ලක්ම සංගීතවත්ව තිබීමයි. ඔහු චිත්‍රපටයේ සංගීතය සඳහා උපරිම සාධාරණය ඉටු කර ඇති බව දකින්නට පුලුවන්. චිත්‍රපටයේ එන සෑම ගීතයක්ම පාසා සිත් ගන්නා අතර ඒ සියල්ලකටම උපසිරැසි ගන්වා තිබෙනවා.

කතාව ගැන කිව්වොත් වරුන් ජිවත් වෙන්නේ ඇමරිකාවේ… ඔහුගේ සහෝදරයාට යෝජනාවක් ගෙනවා ඉන්දියාවෙන්. ඔහුගේ සහෝදරයා වෙන රාජු යනවා මේ යෝජනාව ගෙනාපු ගැණු ළමයාව බලන්න. කොහොම හරි රාජු මේ ගැණු ළමයාට කැමැති උනත් ඔහු කියනවා ඒක ස්ථිර කරන්න වෙන්නේ වරුන් ඇමරිකාවේ ඉදන් ආවාට පස්සේ තමයි කියලා. රාජු මේ බලන්න ගිය ගැණු ළමයාගේ නංගි තමයි බානුමතී (සායි පල්ලවි) කියන්නේ… කොහොම හරි රාජුගේ කසාදේ වෙනකම් වරුන් වගේම ඒ අයගේ පවුලේ හැමෝමත් බානුමතීගේ ගෙදර තමයි නැවතිලා ඉන්නේ. කොහොම හරි හැම කතාවෙම වගේ වරුන්ගෙයි බානුමතිගෙයි හිත්වල එකිනෙකා ගැන හැගීමක් හටගත්තත් ඒ දෙන්නට දෙන්නා ආදරේ ප්‍රකාශ කරගන්නේ නෑ.අයියගේ විවාහයෙන් පස්සේ වරුන්,අයියා අක්කා එක්ක ඇමරිකාව බලා යනවා.කොහොමහරි ඇමරිකාවට ආපු වරුන් හට බානුමතීගේ මතකයන් වලින් මිදෙන්නට බැරිව ඔහුගේ ආදරේ ඇයට ප්‍රකාශ කරනවා.ඒත් කනට ගැහුවා වගේ බානුමති ඔහුගේ ආදරය ප්‍රතික්ෂේප කරනවා.බානුමතී ගේ හිතේ වරුන් ගැන ආදරයක් ඇති වෙලා තිබුනත් ඇය ඒක ප්‍රතික්ෂේප කරන්න හේතුව මොකක්ද? වරුන්ටයි බානුමතිටයි එකතු වෙන්න පුලුවන් වෙයිද? කියලා ෆිල්ම් එක බලලාම දැනගන්නකෝ… කොහොම හරි විනෝදෙන් බලන්න පුලුවන් චිත්‍ර‍පටියක් වගේම ලස්සන ආදර කතාවකුත් තියනවා… කතාවේ තේමාවත් LOVE – HATE – LOVE STORY… එතකොට තේරෙනවා නේ වෙන දේ…

 

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  WEB / HD පිටපත් සදහා ගැලපේ

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

රොෂාන් මදුසංක
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram