spot_img

Freaky (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

Freaky තවත් අත්භූත මිනිමැරුම් කතාවක්. මේ අවුරුද්දේ ගොඩාක් මේ වගේ චිත්‍රපටි එලි දැක්වුවා. හැබැයි වාසනාවකට වගේ ඒවා ඒකිනෙකට වෙනස් තේමාවන් තියෙන්නේ. මේකත් කලින් චීන චිත්‍රපටියක දැකලා තිබ්බ තේමාවක්. ඒත් කොපි කරලා නෑ. හොඳට කරලා තියෙනවා.

මේ චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Christopher Landon විසින්. චිත්‍රපටි ලෝලියෝ නම් නම කිව්වාම දන්නවා ඇති. ඒත් මතක් කරන්නම්. මෙයා තමයි Happy Death Day 2U, Paranormal Activity වගේ චිත්‍රපටි වල කතාව ලියලා තියෙන්නේ. මේකත් මෙයාගේම කතාවක්. මේ චිත්‍රපටියට රඟපෑමෙන් දායක වෙනවා අළුත් පරපුරේ දක්ෂ ලස්සන නිළියක් වන Kathryn Newton, Vince Vaughn, Celeste O’Connor සහ Dana Drori ඇතුළු පිරිසක්.

දැන් ratings ගැන කතාකරන වෙලාව. අද වෙනකොට, IMDB 6.6, Rotten Tomatoes 83%, Metacritic 66%, Google Users 85% ලබාගන්න සමත්වෙලා තියෙනවා. හොඳ අගයන් ටිකක්.

කතාව දිවෙන්නේ උසස් පාසලේ අධ්‍යාපනය ලබන වැඩිය ජනප්‍රිය නැති, කුලෑටි, ඒත් ලස්සන කෙල්ලෙක් වටා. මෙයා හැදෙන්‌නේ වැඩෙන්නේ අම්මාගේ තුරුලේ. මොකද අවුරුද්දකට කලින් තාත්තා නැතිවෙලා නිසා. ඒ පලාතේ දරුණු මිනීමරුවෙක් හිරෙන් පැනලා ඇවිත්, තරුණ තරුණියන් කිහිප දෙනෙක් මරනවා. ඊටපස්සේ අනපේක්ෂිත විදියට ගොදුර බවට පත්වෙන්‌නේ අපේ කතා නායිකාව මිලී. මිලීට මේකෙන් ගැලවෙන්න ලැබෙන්නේ, තව අත්භූත දෙයක් නිසා. මොකද්ද ඒ? මිලී බේරුනාත් තව ප්‍රශ්න ගොඩකට මුහුණ දෙන්න වෙනවා. ඒවා ගැන දැන ගන්න මේ චිත්‍රපටිය බලන්නම වෙනවා.සිංහල උපසිරැසි සමග චිත්‍රපටිය රස විදින්න. ජයවේවා!!!

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති එච් ඩි හා වෙබ් පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDX TV  ලෙස උපසිරැසි නිකුත් කර ඇත.

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

නිලුෂ හේමාල් අලහකෝන්
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

2 COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram