spot_img
spot_img
More

    Frozen 2 (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -
    ඔන්න එහෙනම් හිටිගමන් අන්තර්ජාලෙට පිටපතක් නිකුත් වුන ඔයාලා හැමෝම එනකං ඇඟිලි ගැන ගැන හිටපු ගිය අවුරුද්දෙ නොවැම්බර් මාසෙ ඉඳන් තිර්ස්ගත වෙන්න පටන් ගත්ත Frozen 2 චිත්‍රපටයයි. ඉතිං ඔයාලා හැමෝම මේක බලනවා කියන්නෙ Frozen 2013 චිත්‍රපටය බලලා ඇති කියලා. ඉතිං වැඩි කතා නැතුව චිත්‍රපටය ගැන බලමු.
    සුපුරුදු පරිදි චරිත ටික දන්නවනෙ.එල්සා, ඇනා, ඕලෆ්, ක්‍රිස්ටොෆ් හා ස්වෙන් වගේ අය තමා මේකෙත් ඉන්නෙ. එල්සාගෙයි, ඇනාගෙයි පොඩි කාලෙ තාත්තා කිව්වා කතාවක වර්තමාන තත්ත්වයක් වගේ එකක් තමා ඉතිං මුළු චිත්‍රපටය පුරාවටම දිවයන්නෙ. ඒ කතාවෙ තියෙන්නෙ එක්තරා මායාවන්ගෙන් පිරුණු වනාන්තරයක් ගැන. එල්සගෙ තාත්තා පොඩි කාලෙදි වුන දෙයක් නිසා ඒ වනාන්තරය මීදුමකින් වැසී යනවා. එහෙ තිබුන සියළුම මායවන් අඩපණ වෙනවා. ඒවගේම එහෙ එක්තරා ගෝත්‍රික කණ්ඩායමකුත් ජීවත්වෙනවා. ඉතිං ටික කාලෙකට පස්සෙ එල්සට ඇහෙන්න ගන්නවා එක්තරා විදිහක හඬක් .. මෙයා මේ හඬ ගැනම කල්පනා කර කර ඉද්දි එක දවසක රෑ මෙයා අතින් අර මායාවන් නැවත පණ ගැන්වෙනව. ලොකුවට මේ ගැන කියන්න බලාපොරොත්තු වෙන්නෙ නෑ. ඒ නිසා ඔයාලම මේක බලල ඉන්න..
    ඔන්න එහෙනං ඔයාලට හොඳ ආරංචියක් කියන්නයි මේ යන්නෙ, ඊළඟට චිත්‍රපටවලට උපසිරැසි දීම අවම කරලා රූපවීහිනි කතා මාලාවලට අතගහන්න තමා හීන මවන් ඉන්නෙ, මොකද අපෙ සයිට් එකේ ටීවී සීරීස් අඩු නිසා.. එහෙනං තවත් ජනප්‍රිය චිත්‍රපටයකින් හෝ කතාමාලවකින් හමුවන අරමුණින් අදට සමුගන්නවා.. ඔබ සැමට සුභ දවසක්!! තෙරුවන් සරණයි!!

     

    ලබා දි ඇති උපසිරැසි සියළුම BluRay පිටපත් සදහා ගැලපේ

    Download “සිංහල උපසිරැසි” Frozen.II.2019.sinhala.subtitle.rar – Downloaded 2132 times – 31 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    හිමාෂ් තිලකරත්න
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram