spot_img

Fukrey Returns (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

තවත් චිත්‍ර‍පටියක් අරන් ආවා. මං කලින් චිත්‍ර‍පටිය දෙනකොට කිව්වා නේ දැන් ටිකක් චිත්‍ර‍පටි අරන් එන්න පමා වෙනවා කියලා රාජකාරි වැඩ නිසා. හැබැයි කොහොම හරි පොරොන්දු උන චිත්‍ර‍පටිය අරන් ඇවිල්ලා තමයි නතර වෙන්නේ. අද මං කලින් දුන්න Fukrey (2013) චිත්‍ර‍පටියේ දෙවැනි කොටස අරන් තමයි ආවේ. ඔයාලා නිකමට හරි මේකේ පලවෙනි කොටස බලලා නැත්නම් දෙවැනි කොටස බලන්න යන්න එපා. මුලින්ම පලවෙනි චිත්‍ර‍පටිය බලලා ඉන්න මොකද චිත්‍ර‍පටි දෙකම එකිනෙකට සම්බන්ධයි. පලවෙනි ෆිල්ම් එක බලලා නැත්නම් මේ ලිපිය කියවන්නත් එපා නැත්නම් ඉතින් කතාව ගැන දැනගන්නවා… පළමු චිත්‍ර‍පටිය වගේම මේ චිත්‍ර‍පටියත් අධ්‍යක්ෂණය කලේ Mrighdeep Singh Lamba විසින්… Pulkit Samrat,Ali Fazal,Manjot Singh,Varun Sharma,Priya Anand,Richa Chadda, Vishakha Singh මෙහි ප්‍ර‍ධාන චරිත නිරුපණය කරමින් රංඟනයෙන් දායක වෙනවා. පළමු චිත්‍ර‍පටිය මෙන්ම මේ චිත්‍ර‍පටියත් ඉහල ප්‍රෙක්ෂක ප්‍ර‍තිචාරයක් දිනා ගත්තා. ඒ කෝටි 100 සිමාවද පහු කරමින්… මේ චිත්‍ර‍පටියේ කතාව ගැන කිව්වොතින්…

පලවෙනි ෆිල්ම් එක බලපු අය දැනගන්න ඇති නේ අන්තිමට අපේ කොල්ලෝ හතර දෙනා පැලැන් එකක් ගහලා බෝලීව හිරේ යවනවා කියලා. එතැනින් නේ චිත්‍ර‍පටිය නතර වෙන්නේ. මෙහෙම වසරයක් ගෙවිලා යනවා.. මේ අය බොහෝම සතුටින් කාලය ගත කර කර ඉද්දි තමයි බෝලී හිරෙන් නිදහස් වෙලා එන්නේ. මේක ඉතින් හනී,චූචේ,සෆර් හා ලාලීටයි බොහෝම නරක ආරංචියක් වෙනවා. බොලීත් නිදහස් වෙලා ඇවිල්ලා මුලින්ම අල්ලගන්නේ මේ හතර දෙනා තමයි.. ඊට පස්සේ මේ අයට වෙන පැලැන් එකක් කියනවා සල්ලි හොයන්න. ඒ එක්කම චූචේට හීන පේන එක නතර වෙනවා. දැන් හීන පෙන්නේ නැතුව මේ අය කොහොමද සල්ලි හොයන්නේ… හීන පේන එක නතර වෙනවාත් එක්කම චූචේට අනාගතය පෙන්න පටන් ගන්නවා. මේ පාරත් ගිය පාර වගේම ලොකු පටලැවිල්ලකට මේ හතර දෙනාම අන්තිමට අහුවෙනවා. ඉතින් මේ පටලැවිල්ලෙන් ගැලවෙන හැටි තමයි මුළු චිත්‍ර‍පටිය පුරාවටම යන්නේ. කලින් චිත්‍ර‍පටිය වගේම මේ චිත්‍ර‍පටියෙත් පහුගිය චිත්‍ර‍පටියේ චරිත සේරම දැකගන්න පුලුවන්. කම්මැලි කමක් නැතුව පැය දෙකක් මේ චිත්‍ර‍පටිය එක්කම ගත කරන්න පුලුවන් කියලාත් මතක් කරන්න ඕනි. එහෙනම් තවත් චිත්‍ර‍පටියක් සමඟින් හමුවෙනකම් සුභදවසක් ප්‍රාර්ථනා කරනවා

Fukrey (2013) පළමු චිත්‍ර‍පටිය මෙතැනින් ලබාගන්න.

 

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  WEB / HD පිටපත් සදහා ගැලපේ

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

දර්ශණ නිශාන්ත පීරිස්
+ posts

Founder & Owner - Zoom.Lk
SRI LANKAN 🇱🇰

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram