spot_img

Gemini Ganeshanum Suruli Raajanum (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

ආපහු දෙමළ චිත්‍ර‍පටියක් අරන් එන්නයි සුදානම… මේක තෝරගන්න හේතු තුනක් තිබ්බා… එකක් පැය දෙකක්ම හොදට හිනා වේවි බලන්න පුලුවන් කතාවක් නිසා තව…මේකේ රඟපාන Regina Cassandra, Pranitha යන දෙන්නාම මං කැමැති නිලියන් විම වගේම… අනික් විශේෂම කාරණය මේකේ ප්‍ර‍ධාන චරිතයේ ජිවිතකතාව අපේ වෙබ් අඩවියේ සබ් දාන ප්‍රමෝද් ඉන්දුනිත්ට හැම අතින්ම සමාන නිසා. මේකේ නිලියෝ දෙන්නෙක් ගැන කලින්ම මං කිව්වානේ ඉතින් ඉතිරි ප්‍ර‍ධාන නිලි චරිතය කරන්නේ Aishwarya Rajesh හා Aaditi Pohankar. මේ කට්ටියම කලින් දැකලා හුරුපුරුදු අය තමයි. මෙහි ප්‍ර‍ධාන චරිතය නිරුපනය කරන්නේ Atharvaa වගේම කොමඩි පැත්ත අරන් යන්න දමිළ සිනමාවේ දැන් නැතුවම චරිතයක් වෙන Soori රංඟනයෙන් දායක වෙනවා.

කතාව ගැන කිව්වොත් ජෙමිනි (Atharvaa) කියන්නේ සෙල්ලකාර තරුණයෙක්… ඔහු ගේ විනෝදාංශය තමයි ආදරය කරන එක. හැබැයි ඔහුගේ ශබ්දකෝෂයේ තහනම් වචනය තමයි කසාදය කියන එක. කොහොම හරි අවුරුදු ගානක් මෙහෙම ගෙවිලා අවසානයේ ජේමිනි තිරණය කරනවා කසාදයක් කරගන්න. ඒ වගේම ඔහු ටිකක් විදියේ අමුතු තිරණයක් අරගන්නවා. ඒ තමයි ඔහුගේ කසාද ආරාධනා පත්‍ර‍ අරන් ගිහින් ඔහු කලින් ආදරය කරලා බුට් එක තියපු හැම ගැණු ළමයෙක්ටම දිලා කසාදේට ආරාධනා කරන්න. ඒ වගේම එයාගේ අතින් උන වැරැද්දට සමාව ගන්න. මේ ගමන ඔහු යන්නේ සූරලි (Soori) එක්ක. මොහු ගැණු ළමයි ආශ්‍ර‍ය කලේ කොහොමද, එතකොට ඒ අයව අතහරින්න ගහපු පැලැන් කොහොමද කියලා බලන්න වෙන්නේ මේ චිත්‍ර‍පටිය බැලුවොත් තමයි. ඔහු ආදරය කලේ කොහොමද කාට කාටද කියලා විස්තර කරන්න ගියොත් චිත්‍ර‍පටියේ කුතුහලය ඔයාලාට නැති වෙනවා. මොකද මේක ආදර කොමඩි කතාවක් උනාට හැම විනාඩි 15කට සැරයක්ම twist එකක් තියනවා. ඒ කියන්නේ මේ බලාගෙන හිටපු කතාව අනික් පැත්ත හැරෙනවා… සමාන්‍යයෙන් මං ටැමිල් එවා අරන් එන්නේ නැහැ නේ. මේක අරන් එන්න තිරණය කලේ සුපිරිම එකක් නිසා තමයි. ප්‍ර‍ශ්න අමතක වෙලා යන්න කම්මැලි නැතුව පැය දෙකක්ම හිනාවේවි බලන්න චිත්‍ර‍පටියක් හොයනවා නම්… මේ චිත්‍ර‍පටිය ඒකට හොද උත්තරයක් වේවි….

 

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

 

දර්ශණ නිශාන්ත පීරිස්
+ posts

Founder & Owner - Zoom.Lk
SRI LANKAN 🇱🇰

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram