More

    Ghoomer (2023) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    Ghoomer (2023) Sinhala Subtitle

    හැමෝම ඉල්ලපු චිත්‍රපටියක් මේ අරන් ආවේ. මේක ඉල්ලලා සුම් පෙජ් එකට වගේම මටත් ප්‍රයිවට් මැසේජ් පවා ඇවිල්ලා තිබ්බා. මං හිතන්ඇනේ ත්තටම මේකට තාම උපසිරැසියක් කවුරුත් නොදාන්න හේතුව එකම එකයි. අපිට චිත්‍රපටියකට නම් උපසිරැසි දාන්න පුලුවන් 😀 එත් කොහොමද ක්‍රිකට් මැච් එකකට සබ් දාන්නේ. මේකේ අන්තිම පැය බාගේ තනිකරම මැච් එකක් තියෙන්නේ. ලයින් 500ක් විතර මැච් එකේ විස්තරේ යන්නේ..කොහොම හරි මට දැනෙන විදියට ඔයාලාටත් තේරෙන විදියට මැච් එකේ උපසිරැසි දැම්මා. මේක බලන ක්‍රිකට් ගහන ගහන කෙනෙක් එහෙම දාපුවාගේ වැරැද්දක් තිබ්බොත් ඉතින් කියන්න. මොකද මැච් බැලුවාට එවාගේ හරියටම කියන දේවල් වල දැනුමක් ලොකුවටම නැහැ නොවැ..

    චිත්‍රපටිය පැත්තට ආවොත් මේක ඉතින් R. Balki ෆිල්ම් එකක්. හින්දි චිත්‍රපටි බලන කෙනෙක් නම් මේ අධ්‍යක්ෂකවරයා ගැන නොදැන ඉන්න විදියක් නැහැ. English Vinglish, Pad Man, Mission Mangal වගේ චිත්‍රපටි මොහුගේ අධ්‍යකෂණයෙන් හැඩවුන එවා. Abhishek Bachchan හා Saiyami Kher මෙහි ප්‍රධාන චරිතයෙන් රංඟනයට දායක වෙනවා..

    ඔයාලා බැනර් වලම දැකපු විදියට අතක් අහිමි කෙනෙක්ට ජාතික ක්‍රිකට් කණ්ඩායමට සෙල්ලම් කරන්න පුලුවන්ද? අඩුම ගානේ තේරෙන්නවත්.. ඇනිනා කියන්නේ දක්ෂ ප්‍රහාරත්මක පිතිකරුවෙක්… නමුත් ජිවිතේ නොහිතු වෙලාවක වෙන එක් සිදුවිමක් නිසා ඇයගේ දකුණු අත අහිමිවෙනවා. එතැනින් එහාට ඇයගේ ක්‍රිකට් දිවිය අවසන් වේවිද? පවුලේ සැමටම එකතු වෙලා පැය දෙකක් ඇස් ඉවතට ගන්නේ නැතුව බලන්න පුලුවන් චිත්‍රපටියක් තමයි ඉතින් මේක.

    ”අවුරුදු ගණන් මහන්සිවෙලා කැපවෙලා ජිවිතේ තැනකට ආවම හැමෝම කියනවා ඒක වාසනාව කියලා.. එත් වාසනාව කියලා දෙයක් නැහැ. තියෙන්නේ උත්සහාය”

     

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි අන්තර්ජාලයේ ඇති එච් ඩි හා වෙබ් පිටපත් සදහා ගැලපේ
    • SRT හා IDXTV ලෙස උපසිරැසි නිකුත් කර ඇත.
    • විඩියෝ පිටපත් සුම් ලින්ක් හබ් වෙබ් අඩවියෙන් පහසුවෙන් ලබාගත හැක

     

    Download “Ghoomer (2023) සිංහල උපසිරැසි” Ghoomer.(2023).Sinhala.Subtitle.rar – Downloaded 4171 times – 1 MB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    දර්ශණ නිශාන්ත පීරිස්
    + posts

    Founder & Owner - Zoom.Lk
    SRI LANKAN 🇱🇰 කෝට්ටේ 🏡
    Traveler 🚶Train Lover 🚂
    emotional eater 🍝️🥪
    MI Fan 📱MI 9T PRO user

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    6 COMMENTS

    1. ගොඩක්ම ස්තූතියි දර්ශණ සොයුර ……….
      ඔබට සහ ඔබ පවුලේ සැමටත්
      මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
      බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

    2. මේ film අති අස්ස්භාවික කරුණක් මත පදනම් වෙච්ච කතාවක් කොහමද බන් උබලා මේක හිත හදගෙන බලන්නේ 👀 👀

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram