spot_img

Half Girlfriend (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

කාලයක් තිස්සේ බලාගෙන හිටපු චිත්‍ර‍පටියක් තමයි මේ අරන් එන්නේ. කලින් නම් මේ චිත්‍ර‍පටියේ ටිවි රිප් එකක් අවුට් උනා. ටිවි එකක පෙන්වද්දි අපිට සම්පුර්නම චිත්‍ර‍පටියම නුලටම බලන්න ලැබෙන්නේ නැහැ කියලා දන්නවා නේ. ටිවි කොපිය පැනගෙන බැලුවා නම් එච් ඩි කොපිය බැලුවාම තේරේවි ”මේ සින් එක මං බලපු කොපියේ තිබුනේ නැනේ කියලා” . ඒ වගේම මේ කොපියට ආපු සබ් එකේ ඉංග්‍රිසියෙන් කතා කරන කිසිම එකකට සබ් තිබුනේ නැහැ. ලයින් 1200ක් වගේ සබ් එකේ තිබ්බේ නමුත් ඒ ඉංග්‍රිසි ටිකට සබ් ටික දාලා ගත්තාම ලයින් 1600 දක්වා වැඩි උනා. හිතාගන්නකෝ ෆිල්ම් එකේ ඉංග්‍රිසියෙන් කතා කරන තරම. හැමදාම වගේ ලයින් ටික ගහලා එවාගේ අඩුපාඩු හදලා දුන්නේ නවීන් තමයි…ඒකට ස්තුතිවන්ත වෙන්න ඕනි.

චිත්‍ර‍පටිය ගැන කිව්වොත් මේක Mohit Suri ගේ අධ්‍යක්ෂණයක්… Aashiqui 2,Ek Villain,Hamari Adhuri Kahani මේ වගේ ජනප්‍රිය හැම චිත්‍ර‍පටියක්ම ඔහු අතින් නිපදවුන එවා. මෙහි ප්‍ර‍ධන චරිත ලෙස Arjun Kapoor හා Shraddha Kapoor රංඟනයෙන් දායක වෙනවා. මේ චිත්‍ර‍පටියට පාඨක වෙන්නේ Chetan Bhagat ගේ Half Girlfriend නම් කෘතියයි..

කතාව ගැන කිව්වොත් මාධව් ජා ගමක ඉදන් නඟරයට පැමිණෙන්නේ විශ්ව විද්‍යාල අධ්‍යාපනය හදාරන්න. මාධව්ට පොඩි අඩුපාඩුවක් තියනවා ඒ තමයි ඉංග්‍රිසි කතා කරන්න බැරි කම. මේ කොලෙජ් එකේම ගැණු ළමයෙක් ඉන්නවා හැමෝගේම අවධානයට ලක්වුන. ඇය නමින් රියා. රියා හැමෝගේම අවධානයට ලක්වෙන හේතුවක් තමයි ඇහැට කනට පේන ගැණු ළමයෙක් විම වගේම ලොකු සල්ලිකාරයෙක්ගේ දුවෙක් විම. කොහොම හරි මාධව් රියා සමඟ සම්බන්ධයක් පටන් ගන්නවා. (මාධව් ලොකු කට්ටක් කනවා රියාව යාළුකරගන්න ඒක චිත්‍ර‍පටිය බලලාම දැනගන්නකෝ) මාධව් රියාට ආදරය කරන්න ගන්නවා.. නමුත් රියා මාධව්ට ආදරය කලාත් ඇය අපුරු කතාවක් කියනවා මාධව් කැමැත්ත අහපුවාම. ඇයට ජිවිත කාලේ පුරාම ඉන්න බැරි පෙම්වතියක් වෙන්න බැරි උනාට. ජිවිතේකාලේ බාගයක් දුරට යන්න පුලුවන් හාෆ් ගර්ල්ඩ්ෆ්‍රේන්ඩ් කෙනෙක් වෙන්නම් කියලා. මේක මාධව්ටත් අවුලක්. මොකක්ද හාෆ් ගර්ල්ඩ්ෆ්‍රෙන්ඩ් කියන්නේ කියලා… සමාන්‍යයෙන් චිත්‍ර‍පටිවල සල්ලිකාරයෙක්ගේ දුවෙක් සමාන්‍යය පවුලක කොල්ලෙක් එක්ක යාළු උනාම දෙමව්පියන්ගේ අකමැත්ත නිසා මේ අයට එන ප්‍ර‍ශ්න බාධක නේ තියෙන්නේ. හැබැයි මේ චිත්‍ර‍පටියේ මේ දෙන්නාගේ වෙන්විම වෙන්න මේ කිසිම දෙයක් ආදාල වෙන්නේ නැහැ. මාධව් හා රියා වෙන්වෙන්නේ ඇයි? එයාලට වෙන් වෙන්න තරම් ආව ප්‍ර‍ශ්නය මොකක්ද? ඒ හැමදේටම උත්තර චිත්‍ර‍පටිය ඇතුලේ තමයි තියෙන්නේ..

 

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  WEB / HD පිටපත් සදහා ගැලපේ

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

දර්ශණ නිශාන්ත පීරිස්
+ posts

Founder & Owner - Zoom.Lk
SRI LANKAN 🇱🇰

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram