spot_img
spot_img
More

    Hate Story 4 (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    අද මේ අරන් ආවේ මගේ උපසිරැසි ජිවිතේ තවත් කඩඉම් සලකුණක්… 2011 වසරේ උපසිරැසි ගන්වන්න පටන් ගත්තාට පස්සේ මේ අද දෙන්නේ 300 වැනි උපසිරැසි ගැන්විම. මේ තුන්සිය වෙනි උපසිරැසියට කොහොමත් මං හින්දි චිත්‍ර‍පටියක්ම ලබා දෙන්න තමයි හැදුවේ මොකද මේ චිත්‍ර‍පටියක් එක්ක මං හින්දි චිත්‍ර‍පටිම විතරක් 218ක් කරලා තියනවා. ඒ වාර්තාවත් ඉතින් තාමත් කාටවත්ම කඩන්න හැකි වෙලා නම් නැහැ. ඉතින් හොද හින්දි චිත්‍ර‍පටියක් එනකම් තමයි පහුගිය දවස් ටිකේ චිත්‍ර‍පටිත් වැඩිය නොදි මඟහැර මඟහැර බලන් උන්නේ. නමුත් අපේ ප්‍රමෝද් ෆේස්බුක් එකේ මේ වගේ පොස්ට් එකක් පවා දාලා තිබ්බා කෝ හේට් ස්ටොරි 4 ඒක දිපියෝ කියලා! ඉතින් ලැබුන තර්ජන මැද මං හිතුවා ඕන එකක් කියලා 300 වැනි උපසිරැසියට මේ චිත්‍ර‍පටිය අරන් එන්න.

    කලින් හේට් ස්ටොරි චිත්‍ර‍පටි සියල්ල නරඔලා තියනවා නම් චිත්‍ර‍පටියේ කතාව ගැන අමුතුවෙන් හදුන්වලා දෙන්න උවමනා නැති වේවි. මෙහි ප්‍ර‍ධාන පලිගැනිමේ චරිතය වෙන්නේ කාන්තා චරිතයක්. චිත්‍ර‍පටි සියල්ලටම එය පොදු කාරණාවක්.. මේ චිත්‍ර‍පටිය අධ්‍යක්ෂණය කරන්නේ Vishal Pandya විසින්. ඔහු තමයි කලින් ආපු හේට් ස්ටොරි චිත්‍ර‍පටි මාලාවේ දෙවැන්න හා තෙවැන්න අධ්‍යක්ෂණය කලේ. මෙි චිත්‍ර‍පටිය ජනප්‍රිය වෙන්න තවත් කාරණාවක් බවට පත්උනේ ”Aashiq Banaya Aapne” මේ ගිතය නැවත රිමේක් එකක් විදියට මේ චිත්‍ර‍පටියට එකතු කරලා තිබිම. මෙහි ප්‍ර‍ධාන චරිත ලෙස Urvashi Rautela,Vivan Bhatena,Karan Wahi,Ihana Dhillon හා Gulshan Grover රංඟනයෙන් දායක වෙනවා.

    චිත්‍ර‍පටියේ කතාව ගැන කිව්වොත් තාෂා (Urvashi Rautela) කියන්නේ තරුවක් වෙන්න සිහින දකින යුවතියක්. ඇය රැකියාව වශයෙන් කරන්නේ රාත්‍රි සමාජශාලා වල නර්තනය ඉදිරිපත් කරන එක… ඇය කරදරයකට මුණ දිලා ඉන්න වෙලාවක රාජ්විර් නැමැති තරුණයෙක් ඇයට උපකාර කරනවා. මේ දැන හඳුනගන්න සම්බන්ධකම ටිකක් දුරදිග යාම නිසාම වගේම තාෂාගේ හීන ගැන දැනගත්ත රාජ්විර් ඇයට උදව් කරනවා ප්‍ර‍සිද්ධ විම සදහා.රාජ්විර් ගේ අයියා තමයි ආර්යන් කියන්නේ. වෙළද දැන්විම් හදන ආයතනයක ප්‍ර‍ධානියෙක්. තමන්ගේ මල්ලි මේ හදුන්වලා දුන්න තාෂා කියන කෙනාව නිරුපිකාවක් කරන්න ආර්යනුත් උදව් කරනවා. මේ අතර ආර්යන්ට තාෂා ගැන හිතක් පහල වෙනවා. ආර්යන් දන්නවා තමන්ගේ මල්ලි රාජ්විර් ඇයට ආදරය කරනවා කියලා. නමුත් ආර්යන් හිතාගන්නවා කොහොම හරි තමන්ගේ මල්ලිට කලින් ඇයගෙන් ගන්න පුලුවන් ප්‍රයෝජනය අරගන්න. එක කෙල්ලෙක් නිසා මේ අයියාටයි මල්ලිටයි සිද්ධවෙන්නේ මොකක්ද කියලා ඔයාලට බලාගන්න පුලුවන් වෙන්නේ මේ චිත්‍ර‍පටිය නරඔලාම තමයි..

    එහෙනම් මගේ 300 වැනි උපසිරැසිය මෙලෙස ඔයාලට තිළින කරමින් මං සමුගන්නවා. යන්න කලින් කියන්න ඕනි ඔයාලට ඩිරෙක්ට් ලින්ක් එහෙම ගන්න පුලුවන් සයිට් එකක් අපි දැන් හදලා තියනවා. පහත බැනර් එකේ නම දිලා ඇති. ඒ නමින් ඔයාට ගියාම ඒ සයිට් එකට යන්න පුලුවන් වේවි… අපි දෙන උපසිරැසියට ගැලපෙනම පිටතක් එතැනින් අරගන්න පුලුවන් වේවි. ඒ වගේම නැවත මතක් කරනවා අපේ පරණ ෆේස්බුක් ෆැන් පෙජ් එක කිපදෙනෙක් එක දිගට රිපොට් කිරිම නිසා අපිට අහිමි වෙලා තියනවා ඉතින් මෙන්න මේ ලින්ක් එකෙන් ගිහින් අපේ ෆෑන් පෙජ් එකටත් ලයින් එකක් දාන්න. https://www.facebook.com/zoomwebsite/ හමුවෙමු නැවතත් හොද චිත්‍ර‍පටියක් සමඟින්..

    Hate Story චිත්‍ර‍පටි මාලාවේ පෙර නිකුත් වු චිත්‍ර‍පටි
    Hate Story (2012) චිත්‍ර‍පටිය මෙතැනින් ලබාගන්න
    Hate Story 2 (2014) චිත්‍ර‍පටිය මෙතැනින් ලබාගන්න
    Hate Story 3 (2015) චිත්‍ර‍පටිය මෙතැනින් ලබාගන්න

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  WEB / HD පිටපත් සදහා ගැලපේ

     

    Download “Hate Story 4 (2018) සිංහල උපසිරැසි” Hate.Story.4.(2018).Sinhala.Subtitle.rar – Downloaded 349 times – 39 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

     

    දර්ශණ නිශාන්ත පීරිස්
    + posts

    Founder & Owner - Zoom.Lk
    SRI LANKAN 🇱🇰 කෝට්ටේ 🏡
    Traveler 🚶Train Lover 🚂
    emotional eater 🍝️🥪
    MI Fan 📱MI 9T PRO user

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram