today-is-a-good-day
More

    Hell or High Water (2016) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    සුභ දවසක් සියලු දෙනාටම. අමාරු කාලෙක පීඩාවෙන් ඉන්න ඔයාට පොඩි හරි සතුටක් දෙන්න හිතාගෙන, කාලෙකට පස්සේ සූම් එකේ අයත් එක්ක උපසිරැසියක් අරන් එන්න හිතුනා.

    අද මං ඔයාලට අරගෙන ආවේ, American/Western/Crime ගණයට අයිති ෆිල්ම් එකක්. කව්බෝයි ටයිප් එකක්. මේකේ නම දැනටමත් ඔයාලා දන්නවනේ. මේ කියමනේ තේරුම තමයි, “මොනතරම් අමාරු, අසීරු අවස්ථා ආවත් තමන්ට යම් දෙයක් කරන්න තියෙනවා නම් ඒක කොහොමහරි කරන්න ඕනේ” කියන එක.

    මේ කතාවේ අයියා මලෝ දෙන්නෙක් බැංකු මංකොල්ල කනවා. ඒවගේම එයාලට ඉව අල්ලගෙන ඒ කොට්ඨාශයේ විශ්‍රාම යන්න, ඔන්න මෙන්න ඉන්න නිළධාරියෙක් පස්සෙන් පන්නනවා. එයාට මේ අයියා මලෝව අල්ලන්න පුලුවන් වෙයිද, එයාලා මේක කරන්නේ ඇයි කියල මේක බැලුවොත් ඔයාලට දැන ගන්න පුලුවන් වෙයි. ආහ්, අපි Money Heist/ Bank Heist ෆිල්ම් කොච්චර බලලා තිබ්බත්, ඇමෙරිකාවේ බටහිර පැත්තේ බෑන්ක් රොබරීස් දෙන ෆිල්ම් නම් ඉතා ස්වල්පයයි තියෙන්නේ. ඒ වගේම ඇමෙරිකාවේ බටහිර පැත්ත මොන වගේද, ආරක්ෂක අංශ ගැන, භාවිතා වන යෙදුම් ගැන, ඉතිහාසය ගැන අපිට මේ වගේ ෆිල්ම් වලින් ඉගෙන ගන්න පුලුවන්. ඉතිං මේක මග නොහැර බලන්න කියලා මං නැවතත් යෝජනා කරනවා.

    මේ ෆිලුමට ගූගල් පරිශීලක දත්ත 88% ක ප්‍රමාණයකුත්, IMDB අගය 7.6/10 ප්‍රමාණයකුත්, රොටන් ටොමැටෝස් 97% ක ප්‍රමාණයකුත් ලැබිලා තියෙනවා. Chris Pine, Ben Foster සහ Jeff Bridges මෙහි ප්‍රධාන නළු භූමිකා ත්‍රිත්වයෙන් දායක වෙනවා. සම්මාන ලෙස Independent Spirit Award for Best Supporting Male සහ Satellite Award for Best Actor in a Supporting Role ලැබිලා තියෙනවා. එහෙනම් තවත් උපැසිරැසියකින් නැවත හමුවෙමු!

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
    • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

     

    Download “Hell or High Water (2016) සිංහල උපසිරැසි” Hell.or.High.Water.(2016).Sinhala.Subtitle.rar – Downloaded 1364 times – 883 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

     

    සසිරු චමත්
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    6 COMMENTS

    1. ගොඩක්ම ස්තූතියි. …
      ඔබට සහ ඔබ පවුලේ සැමටත්
      මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
      බුදු සරණයි – දෙවි පිහිටයි……..!

      ස්තූතිය ප්‍රකාශකිරීම සිංහල උපසිරසි ලබාගන්නා
      නියම සිංහලයන්ගේ සිරිතකි ……..!!

    Leave a Reply to Supun Kaushalya Cancel reply

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram