today-is-a-good-day
More

    Hello (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    එකෝමත් එක රටක, හිතුවෙවත් නැති විදියට පොඩි අය දෙන්නෙක් මුණගැහුණා. එක්කෙනෙක් ජුන්නු.. අනික් කෙනා සීනු.. මේ දෙන්නා ලොකූ මිත්‍රත්වයක් ඇති කරගත්තා. වර්ෂාවයි වළාකුළුයි වගේ. සීනූ අහිංසකයි.. ජුන්නු කෙල්ල දඟයි.. මේ දෙන්නට මෙලෙස හමුවුනු වේගයෙන්ම වෙන් වෙන්නත් සිද්ධ වෙනවා..

    මේ සේරටම හේතුව දන්නවද? අපි ඉපදුන දවසෙ ඉදලා මැරෙනකම්ම අපේ ඇහැට පේන්නෙ නැති රැහැනකින් තමයි අපිව බැදිලා තියෙන්නෙ කියලා කියනවා. ඒ රැහැනෙ නම තමයි “දෛවය” .. සාමාන්‍යයෙන් මුණගැහෙන අය පිටිපස්සෙත් ලොකු ක්‍රියාවලියක් තියෙනවා.එහෙම එකේ අපේ ජීවිතේ බෙදා ගන්න එන ජීවන සහකාරයා මූණ ගැහෙන්න නම් කොච්චර ලොකු ක්‍රියාවලියක් සිද්ධ විය යුතු ඇතිද?

    මේ ළමයි දෙන්නා මෙහෙම වෙන් වෙලා දැනට අවුරුදු 14යි මාස 3යි දවස් 17ක් වෙනවා. ඒත් සීනුගෙ වගේම ජුන්නුගෙ දෑස් තවමත් මග බලාන ඉන්නෙ ඔවුන් වෙනුවෙන්මයි. සීනු නම් තවමත් හැම දාම උදේ 7.30ට ජුන්නු කියපු තැණට ඇවිත් බලාන ඉන්නවා. ඒත් ජුන්නු කොහේ ඇතිද? සීනුව අමතක වෙලා ඇතිද? සීනුට ජුන්නුගෙන් ලැබෙන එකම එක ඉගියත් අවුරුදු 14කට කලියෙන්ම’ දෛවයේ සරදමින් සීනුට අහිමි වෙනවා. වගේම අවුරුදු 14කට පස්සෙ ලැබෙන එකම එක ඉඟියත් දෛවය විසින් සොරකම් කරගන්නවා.

    සීනු කියන්නෙ ලොකු පෝසත් ළමයෙක් නෙවෙයි. වීදියේ ඉන්න හිඟන ළමයෙක්. ජුන්නු කියන්නෙ සැපට හැඳෙන කෙල්ලක්. ජුන්නු සීනුව හරිම ආදරයෙන් තමයි බලාගත්තෙ.ඒත් දෛවය හරහට ආවයින් පස්සෙ දෙන්නා වෙන් උනත් එයින් සීනුට කීයටවත් නොලැබෙන අලුත් ජීවිතයක් හම්බවෙනවා. ඉතිං දැන් අනන්‍යතායේ ඉදන්ම දෙන්නම දෙවිදියක්. ජුන්නු කියන්නෙත් ආදරේට කියන නමක්. ජුන්නු සීනු කියලත්, සීනු ජූන්නු කියලත් විතරමයි දැනන් හිටියේ.

    අවුරුදු 14කට කලින් ලැබුණ ඉඟිය නැති වුනාක් මෙන් මේ පාරත් ඉඟිය නැති කරගන්නත් හෝ, එය අතාරින්න කිසිම පසුබට වීමක් නොවන සීනුගේ එක් දිනයක කතාවයි මේ.. මුළු චිත්‍රපටයම එක දවසකදි වෙන සිද්ධි සමූහයකුයි තියෙන්නෙ. අනික් ටික ලස්සනම ලස්සන අතීත කථාවක් හරහා දිවෙනවා. ඒ ළමා අතීත කථාව නම් ඉතිං ඇස් අහක් කරගන්න හිතෙන්නෙ නැති එකක්.

    සීනුගෙ චරිතය “අකිල් අක්කිනේනිත්” ජුන්නුගෙ චරිතය එවකට (2017) හදුන්වා දෙන සුරූපී නිලි “කල්‍යානි ප්‍රියදර්ශන්” නුත් ප්‍රධාන රංගනයෙන් දායක වෙනවා. ඒවගේම “රම්‍යා ක්‍රිෂ්ණන්” “ජගපති බාබු” “අජෙයි” කියන අයත් රංඟනයෙන් දායක වෙනව. Action,Romance ඝණයට අයත් වෙන මේ චිතරපටයට 7.2ක IMDb අගයක් ලැබිලා තියෙනවා. ඒ කියන්නෙ මේ IDMb අගය වැඩි වීමක් වෙලා තියෙනවා.

    Action ගැනනම් විශේෂයි. 2021 එන තෙළිගු චිත්‍රපටයකවත් මේකෙ වගේ ලස්සන ඇක්ශන් නම් නැහැ. ගොඩනැගිලි මතින් දුවන ඒවා සහ සටන් ජවනිකා අපිව තවත් ලෝකයකට අරන් යනවා.. ඒවගේම අකිල්ගෙ ඩාන්ස්.. අප්පාහ්.. සේරම “වෙනමම මට්ටමක” ඒවා.

    මේ චිත්‍රපටියට හිමිව ඇති සම්මාන සහ නිර්දේශයන් මෙසේයි!!!

    **65th Filmfare Awards South**
    Won – Filmfare Award for Best Female Debut
    – South – Kalyani Priyadarshan

    Nominated – Filmfare Award for Best Music Director
    – Telugu – Anoop Rubens

    Nominated – Filmfare Award for Best Male Playback Singer
    – Telugu – Armaan Malik – “Hello”

    **7th South Indian International Movie Awards**
    Won – SIIMA Award for Best Female Debut (Telugu)
    – Kalyani Priyadarshan

    Nominated – SIIMA Award for Best Male Playback Singer (Telugu)
    – Armaan Malik – “Hello”

    සිය පියාගේ නිෂ්පාදනයකින් වික්‍රම් කුමාර්ගේ අධ්‍යක්ෂණයකින් නිකුත් වෙන මෙම චිත්‍රපටියේ ගීත සුසං‍යෝජනය “අනුප් රූබන්ස්” අතින් නිම වනවා. අනුප් රූබන්ස් කිව්වම ඉතිං ලස්සනම ලෝකයක් බිහි කරන කෙනෙක්නේ. ලස්සනම ගීත 5ක් යටතේ දිවෙන අතර ගීත සියල්ලක්ම උපසිරැසියෙන් අලංකාර කරලා තියෙන්නේ. ළමා කටහඩවල් සමග සුන්දර ලෝකෙකට රැගෙන යන්න සමත් වෙනවා මෙම චිත්‍රපටිය.

    මේ චිතරපටිය මා ඇතුළු හුගක් දෙනා ලස්සන උපසිරැසියකින්ම නරඹලා තියෙන චිත්‍රපටියක් කියල නම් නිසැකයි.වගේම මේක කාටවත් ලේසියෙන් අමතක වෙන්නෙ නැති ඝණයේ චිත්‍රපටියක්. චිත්‍රපටි ඉතිං අභාවෙට යන්නෙ නැහැනේ. එන්න එන්න ජනයා වැඩිවෙන එකමනේ.. නරඹා නැති වගේම ඉදිරියට චිත්‍රපටි පිස්සන් වෙන්න ඉන්න අයට තෙළුගු අනිවාරෙන්ම වැළදගන්නත් ලස්සන චිත්‍රපටයක් නිසා මමත් රැගෙන ආවා මෙලෙසින්.

    720Px265 වීඩියෝ පිටපත සදහා උපසිරැසි ගැළපෙනවා. වගේම ඩුවල් ඕඩියෝ නිසා තෙළිගු ඕඩියෝ එකට මාරු කරගන්න අමතක කරන්නත් එපා. එහෙනම් ඔයාලම බලන්නකො.. දෛවයෙන් වෙන් වූ දෙදෙනාට යළිත් දෛවය සරදම් කරන විදිය. තවත් උපසිරැසියකින් හමුවෙමු එහෙනම්.

     

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
    • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

     

    Download “Hello (2017) සිංහල උපසිරැසි” Hello.(2017).Sinhala.Subtitle.rar – Downloaded 6159 times – 1 MB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    අශේන් කවිඳු
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    8 COMMENTS

    1. ඕක බලලා ගොඩක් කල්
      වෙන එකකට සබ් කරා නම් ඉවරයිනේ

    2. Chakra , Zombie Reddy ෆිල්ම් දෙකේම හොද කොපි ඇවිල්ලා,සබ් දෙන්න පුලුවන් නම්,ජය වේවා!!!

    3. … ගොඩක්ම ස්තූතියි. …
      ඔබට සහ ඔබ පවුලේ සැමට
      තෙරුවන් සරණ ලැබේවා..!

    Leave a Reply to Naveen Randika Cancel reply

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram