spot_img

Hello Ghost (2010) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

Hello Ghost (2010) ටිකක් පරණ වුනාට ගොඩාක් ලොකු ප්‍රේක්ෂක ආකර්ෂණයක් දිනාගත්ත චිත්‍රපටියක්. අන්තර්ජාලයේ තියෙන ratings බැලුවාමත් ඒක හොඳටම පැහැදිලි වෙනවා. IMDB 7.6, RT 85%, MyDramaList 8.1 වගේ අද මේ ලිපිය ලියනකොට අරගෙන තිබ්බා. ඉතිං මේ වගේ ජනප්‍රිය කොරියානු චිත්‍රපටියක් අතහරින්නේ කොහොමද…

කොරියාවේ සෝල් නගරයේ රූගත කරපු මේ චිත්‍රපටිය ලියලා අධ්‍යක්ෂණය කරන්නේ Young-Tak Kim විසින්. ඉතාමත් ලස්සනට ගලාගෙන යන මේ කතාව, පුදුම විදියට හිතන වදිනවා. ඒකට නළු නිළියන්ගේ රඟපෑමත් ගොඩාක් දුරට ඉවහල් වෙලා තියෙනවා. ලොකු ලස්සන අය මේකට අරගෙන නැති වුනත්, චරිතයට හොඳටම ගැලපෙන කෙනාව කෝරගෙන තියෙනවා. රඟපෑමෙන් දායක වෙන්නේ Tae-Hyun Cha (සන්-මන්), Ye-won Kang (යුන්-සූ), Chang-Seok Ko (දුම්බොන හොල්මන), Jang Young-Nam (අඬන හොල්මන) ඇතුලු පිරිසක්. හැමෝම විශේෂ වුනත් ලියන්න ඉඩ නෑනේ.

කතාව කෙටියෙන් කියනවා නම්, අපේ ප්‍රධාන චරිතය (සන්-මන්) උත්සාහ කරන්නේ දිවිනසා ගන්න. නමුත් කොච්චර විදි වලින් කොච්චර සැරයක් උත්සාහ කලත්, දිවිනසා ගන්න ලැබෙන්නේ නෑ. හැමතිස්සේම මොකක් හරි හේතුවක් නිසා බේරෙනවා. එක පාරක් මෙහෙම දිවිනසා ගන්න ගත්ත උත්සාහයක් වැරදිලා නැගිටිනකොට, හොල්මන් පේන්න පටන් ගන්නවා. එයාගේ වටේ හොල්මන් හතරක්. මේ හතරදෙනා සන්-මන් පස්සේ දිගටම එනවා. එයාලාගෙන් ගැලවෙන්න සන්-මන් මොකක් කරයිද? හොල්මන් සමඟ ජීවිතය කොහොමද? සන්-මන් ගේ සිත ගන්න පෙම්වතිය මේක කොහොම බාරගනිවිද? මේ සිංහල උපසිරැසි සමඟ චිත්‍රපටිය රසවිඳලා බලන්න. ජයවේවා!

 

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
  • SRT ලෙස උපසිරැසි නිකුත් කර ඇත

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

 

නිලුෂ හේමාල් අලහකෝන්
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

5 COMMENTS

  1. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

    Request:
    Mission Possible (2021) – IMDb

  2. බොහොම ස්තූතියි උපසිරැසියට.😀
    ජයවේවා! 👍

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram