spot_img
spot_img
More

    Hichki (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    2018 වසරට අදාලව මේ වෙද්දි නරඹන්න ලැබුනු හොඳම චිත්‍රපටය තමයි ‘හිච්කි’. Brad Cohen කියන ඇමෙරිකානු දේශකවරයා ඔහුගේම ජීවන කතාව අලලා Lisa Wysocky සමගින් එක්ව රචනා කරපු Front of the Class : how Tourette Syndrome Made Me the Teacher I Never Had කියන කෘතිය මූලික කරගෙන තමයි මේ ‘හිච්කි’ චිත්‍රපටය නිර්මාණය වෙලා තියෙන්නේ. We Are Family (2010) චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ සිද්ධාර්ත් මල්හෝත්‍රා දිගුකාලීන නිහැඩියාවකින් පස්සෙ අධ්‍යක්ෂකවරයෙක් විදියට නැවතත් කල එලි බහින්නේ මේ චිත්‍රපටය හරහා. IMDB දර්ශක අගය 7.5/10ක් ලෙස සනිටුහන් කරගනිමින් නොමද ප්‍රේක්ෂක සහ විචාරක ප්‍රසාදයට පාත්‍ර වුනු මේ චිත්‍රපටය ආදායම් අතින් පවා අති සාර්තක වුනා.

    Mardaani (2014) චිත්‍රපටයෙන් පස්සේ වසර 3ක් පමණ ක්ෂේත්‍රයෙන් ඈත් වෙලා හිටපු රාණි මුකර්ජි නැවතත් රිදී තිරය වර්ණවත් කළා මේ චිත්‍රපටයේ කරපු රංගනය හරහා. ඇය ‘හිච්කි’ චිත්‍රපටයෙහි කළ රංගනය වෙනුවෙන් 2018 වර්ෂයට අදාලව පැවැත්වෙන සෑම සිනමා සම්මාන උළෙලකදීම පාහේ හොඳම නිළියට හිමි සම්මානය සඳහා නිර්දේශ වේවි කියන කාරණය නම් ඒකාන්තයෙන්ම කියන්න පුලුවන්. හොඳම නිළිය ඇය වේවි කියලා කියන්න නම් තාම කල් වැඩියි. නමුත් හොඳටම විශ්වාසයි ඇය එම සම්මානය සඳහා ලොකු තරඟයක් දේවි කියන කාරණය නම්.

    නේනා මාතූර් උපතින්ම කථන අපහසුතාවයක් උරුම වූ තරුණියක්. ඇය Tourette Syndrome කියන රෝගී තත්ත්වයෙන් පෙළෙනවා. ඒ හේතුවෙන් ඇයට කතා කිරීමේදී ලොකු අපහසුතාවයකට මුහුණ දෙන්න සිද්ද වෙනවා. හරියට නොනවතින ඉක්කාවක් වගේ. ඒකත් ලොකු සද්දයක් එක්ක. මේ කාරණය නිසා ඇය ඉගෙනුම ලබන අවධියේ පටන් මුහුණ දෙන අභියෝගය සුළුපටු නැහැ. මෙම රෝගී තත්ත්වය නිසාවෙන් පංතිය තුළදී නිරන්තර උසුළු විසුළු වලට ඇය ලක්වෙන්නේ ළමයින්ගෙන් පමණක් නොවෙයි. ගුරුවරුන් පවා ඇයව නොසළකා හරිනවා. කෙසේ හෝ ඇයගේ අප්‍රතිහත ධෛරය නිසා ඇය ඉතාමත් හොඳින් අධ්‍යාපන කටයුතු නිමා කරනවා උපාධිදාරිණියක් හැටියට.

    තමන්ගේ ජීවිතේ පළවෙනි අදියර ඒ විදියට සාර්තක කරගන්න නේනා‍ගේ ජීවිතයේ ඊළඟ ලොකුම බලාපොරොත්තුව වෙන්නේ ගුරුවරියක් වෙන එක. මේ තරම් කථන අපහසුතාවයක් තියෙන ඇයට ගුරුවරියක් වෙන්නට වුවමනා කළේ ඇයි කියලා ඔබට හිතෙන්න පුලුවන්. ඔවු ඇය සහභාගී වුනු හැම සම්මුඛ පරීක්ෂණයකදීම ඇයට එල්ල වුනු ප්‍රශ්නය වුනෙත් ඒක. ඇයගේ මේ කථන අපහසුතාවයට පිංසිද්ද වෙන්න ඇයව ගුරුවරියක් විදියට බඳවා ගන්නට කිසිම පාසලක් ඉදිරිපත් වුනේ නෑ. නමුත් හදිසියේම දවසක් ඇය ඉගෙනුම ලබපු සෙන්ට් නොට්කරයිට්ස් පාසලෙන්ම ඇමතුමක් එනවා ඇයව ගුරුවරියක් විදියට බඳවා ගන්න කැමතියි කියලා. නේනාට ලෝකයක් දිනුවා වගේ. හරිම ආසාවෙන් පාසලට ගිහින් ඒ තනතුරේ වැඩ බාරගන්නවා. ඇයට ලැබෙන්නේ 9F පංතිය. ඔන්න ඔතනින් එහාට තමයි කතාව පටන් ගන්නේ. ළමයි 14 දෙනෙක් විතරක් ඉන්න මේ 9F පංතිය මොකක්ද? හරියට කතා කරගන්නවත් බැරි නේනාට හිටි හැටියේ ගුරුවරියක් විදියට පත්වීමක් ලැබීමයි මේ 9F පංතියයි අතරේ තියෙන සම්බන්දය මොකක්ද කියන කාරණයත් එක්ක චිත්‍රපටය හරි අපූරුවට ඉදිරියට ගලාගෙන යනවා. පැය 2ක් ගත වේවි ඔබට නොදැනීම..

    හැමදාමත් තමන්ගේ දුබලතා ගැන එහෙමත් නැත්නම් තමන්ගේ නොහැකියාවන් ගැන මැසිවිලි නගමින් ඉන්න හැබැයි එතනින් එහාට පියවරක් තියන්න බයෙන් ඉන්න සෑම සියලු දෙනාම නැරඹිය යුතු චිත්‍රපටයක් තමයි ‘හිච්කි’. තමන්ගේ දුබලතාවයක් තමන්ගේ ලොකුම ශක්තියක් බවට පරිවර්තනය කරගත්තු නේනා මාතූර්ලා මේ ලෝකයේ තවත් ඕන තරම් ඇති. එහෙම වෙන්න හීන මවන අයත් නොසෑහෙන්න ඇති. අන්න එහෙම කෙනෙකුට මේ චිත්‍රපටිය පෙන්නන් පුලුවන් නම් හරිම වටිනවා. 2018 වසරට අදාලව ඔබ නැරඹිය යුතුම චිත්‍රපටයක් හැටියට ‍පොදුවේ හැමෝටම මේ චිත්‍රපටිය නිර්දේශ කරනවා.

     

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  WEB / HD පිටපත් සදහා ගැලපේ

     

    Download “Hichki (2018) සිංහල උපසිරැසි” Hichki.(2018).Sinhala.Subtitle.rar – Downloaded 2301 times – 37 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    ගයාන් ගමගේ
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram