spot_img

I Am All Girls (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

I am All Girls (2021) මේ අවුරුද්ද සත්‍ය කතා ඇසුරෙන් නිර්මාණය වෙච්ච චිත්‍රපටි එක දිගට නිකුත්වෙන වර්ශයක් වෙලා. ඒ අතරට එක්වුණු තවත් ලස්සන චිත්‍රපටියක් තමයි මේ. 2021 මැයි මාසේ Netflix විසින් නිකුත් කෙ‍රුණු මේ චිත්‍රපටිය ලොකු ංනප්‍රියත්වයක් ලබාගෙන තියෙනවා. සාමාන්‍ය ප්‍රසිද්ධ වෙබ් අඩවි වල ratings, IMDB 5.8, RottenTomatoes 63%, Google Users 91% වගේ තත්වයක තියෙන්නේ.

Donovan Marsh විසින් අධ්‍යක්ෂණය කරනු ලැබූ මේ චිත්‍රපටියේ තිර රචනය කරලා තියෙන්නේ Wayne Fitzjohn, Marcell Greeff දෙදෙනා විසින්. සත්‍ය කතා ඇසුරෙන් කතා ලියන එක ලේසි වැඩක් නෙමෙයි. මේ දෙන්නා ඒ වැඩේ සාර්ථකව කරලා තියෙනවා. රඟපෑමෙන් දායක වෙනවා Erica Wessels (ජෝඩි), Hlubi Mboya (න්ටොම්බි), Leshego Molokwane (ළමා න්ටොම්බි), Mothusi Magano (ජෝර්ජ්) ඇතුළු පිරිසක්.

කතාව ගැන කෙටියෙන්. ජෝඩි කියන්නේ මිනිස් ජාවාරම්කාරයන් ගැන හොයන මෙහෙයුමක පරීක්ෂකවරියක් විදියට. ඇයට හොයාගන්න ලැබෙනවා තොරතුරු කිහිපයක් සහ එමගින් මේ ජාවාරමේ මහමොළකරු‍ගේ නම. නමුත් පැහැදිලි සාක්ෂි නොමැතිව ඔවුන්ව අල්ලාගැනීමේ අපහසුකම තමයි ‍තිබෙන්නේ. මේ අතරේදී අවුරුදු 20කට පෙර අතුරුදහන් වූ කුඩා ගැහැණු ළමයි 6 දෙනෙක්ගේ නම පාවිච්චි කරමින්, මිනිමරන කෙනෙක් ගැනත් හොයන්න ජෝඩිට භාරවෙනවා. මේවා ගැන කරන පරීක්ෂණ කටයුතු මොන වගේ වෙයිද? කවුද මේ මිනිමරුවා? ඇයි එයා මේ මිනි මරන්නේ? මේවා දැනගන්න, මේ සිංහල උපසිරැසි සමඟ චිත්‍රපටිය රසවිඳින්න. ජයවේවා!!

 

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

නිලුෂ හේමාල් අලහකෝන්
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

5 COMMENTS

  1. බොහොම ස්තූතියි උපසිරැසියට.😀
    ජයවේවා! 👍

  2. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram