today-is-a-good-day
More

    Intrusion (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    ඉතින් ඔන්න මේ සති අන්තයේ ලැබුනු නිවාඩුවත් එක්ක තවත් චිත්‍ර‍පටියක් අරන් එන්නයි සුදානම චිත්‍ර‍පටියේ නම තමයි ඉන්ටර්ෂන්.. මේක නෙට්ෆිලික්ස් හරහා නිකුත් උන චිත්‍ර‍පටියක්.. ප්‍ර‍ධාන චරිත විදියට ෆ‍්‍රීඩා පින්ටෝ හා ලෝගන් මාෂල් ග්‍රීන් රංඟනයෙන් දායක වෙනවා…

    කෙලින්ම කතාව පැත්තට යන්නම් කෝ… මිරා හා හෙන්රි කියන්නේ කසාද බැදපු යුවලක්.. මිරා කාලයක් පිලිකාවකින් පෙලිලා යන්තමින් තමයි ගොඩ ඇවිල්ලා තියෙන්නේ.. ඉතින් මිරාටත් වෙනසක් වෙන්න කියලා හෙන්රි ටිකක් පිටිසර පලාතක ලස්සන ගෙයක් හදනවා. මේ දෙන්නාම මේකේ පදිංචියට යනවා. පදිංචියට ගිහින් දවසක් දෙකක් යද්දි මේ නිවසට හොරු වගයක් පනිනවා… හැබැයි පුදුමේ කියන්නේ ගෙදර බඩු විනාස කරලා තිබ්බාත් හොරකම් කරන් ගිහින් තියෙන්නේ මේ දෙන්නාගේම ජංගම දුරකථන දෙක විතරයි. කොහොම හරි පොලිසියට පැමිණිල්ලක් දාලා ගෙදරට ආරක්ෂක කැමරා අනම් මනන් එවාත් හයි කරනවා. මෙහෙම තවත් දින කිහිපයක් යද්දි ආපහු හොරු කණ්ඩායමක් මේ ගෙදරට පනිනවා.. එතැනින් එහාට මිරා හා හෙන්රිට මොකක් සිදුවේවිද? නිතර නිතර මේ පනින හොරු කණ්ඩායම මොකක් හරි විශේෂ යමක්ද හොයන්නේ? කොහොමත් කතාවේ අවසානය නම් ඔබ නොහිතු විරු එකක් වේවි…

    මේ ලිපියේ අන්තිමට කියන්න දෙයක් තියනවා. මේක අර මං දාපු සබ් එකකට කමෙන්ට් එකක් දාපු කෙනාට.. කොහොමත් ඒ කවුද කියලාත් හිතාගත්ත හැකි.. මං හිතන්නේ මං සබ් කරපු ලගදි දාපු උදාහරන විදියට Friend Request,Whistleblower,The Pyramid වගේ එවාත් අර විදියට උස්සලා දාද්දි ඒ අයටත් ඔයා අරම මේල් එකක් හරි කමෙන්ට් එකක් හරි දාන්න ඇති නේද?

    එහෙනම් අපි ගියා තවත් චිත්‍ර‍පටියක් සමඟින් හමුවිමේ බලාපොරොත්තුවෙන්…

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
    • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

     

    Download “Intrusion (2021) සිංහල උපසිරැසි” Intrusion.(2021).Sinhala.Subtitle.rar – Downloaded 1568 times – 531 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    ඉමාෂා ජයසූරිය
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    4 COMMENTS

    1. … ගොඩක්ම ස්තූතියි. …
      ඔබට සහ ඔබ පවුලේ සැමට
      තෙරුවන් සරණ ලැබේවා..!

      Request:
      Rise of the Footsoldier: Origins (2021)

    Leave a Reply to Supun Kaushalya Cancel reply

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram