More

    Iruttu Araiyil Murattu Kuththu (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    මේක බලනකම් නම් කට්ටිය සැහෙන දවස් ඉදන් නොයිවසිල්ලෙන් බලන් ඉන්න ඇති. මොකද මේ චිත්‍ර‍පටිය මැතකාලයේ දමිළ චිත්‍ර‍පටි රසිකයන් අතර ලොකු කතාබහක් ඇති කරන්න සමත් වුනා … හින්දි වලනම් වැඩිහිටියන්ට තේරෙන දෙපැත්ත කැපෙන වචන දාලා එන කොමඩි ෆිල්ම්ස් එනවා නේ. දමිළ සිනමාවටත් ඔන්න ඒක බෝ වෙලා. එහෙම ආපු චිත්‍ර‍පටියක් තමයි Iruttu Araiyil Murattu Kuththu කියන්නේ. මේ චිත්‍ර‍පටියේ කතා ආභාෂය ග්‍රේට් ගැන්ඩ් මස්ති හින්දි චිත්‍ර‍පටි කතාවට ලාවට සමානයි… නමුත් කතාව ගලා යන ආකාරය නම් එකිනෙකට වෙනස්. Santhosh P. Jayakumar තමයි මෙහි අධ්‍යක්ෂණය කරන්නේ. මේ ඔහුගේ දෙවැනි අධ්‍යක්ෂණය කිරිම. කලින් අපි දුන්න Hara Hara Mahadevaki චිත්‍ර‍පටියත් මොහුගේම තමයි. Gautham Karthik,Vaibhavi Shandilya,VJ Shaa Raa,Yashika Aannand මෙහි ප්‍ර‍ධාන චරිත වලට රංඟනයෙන් දායක වෙනවා..

    කතාව ගැන කිව්වොත් වීරා හා වාසු තමන්ගේ පෙම්වතියන් එක්ක මැලේසියාවේ පොඩි සංචාරයක් දාන්න යනවා. මෙතැනදි මොවුන් නවතින්න ගෙයක් කුලියට අරගන්නවා… මුල් දවස් ටිකේ මොවුන් බොහෝම සතුටින් කාලය ගත කරනවා. නමුත් විරාට හා වාසුට මේ ගෙදර නිකම් අමුතු අමුතු දේවල් සිදුවෙනවා කියලා පුංචි ඉවකුත් වැටෙනවා… කොහොම හරි මේ ගෙදර මොනාද සිද්ධ වෙන්නේ කියලා දැනගද්ද විරා හා වාසු බොහෝම ප්‍ර‍මාද වැඩියි. මේ ගෙදර නපුරු ගැණූ ආත්මයක් ඉන්නවා. ඒ ආත්මයට ගැලවෙන්න පුලුවන් එකම ක්‍ර‍මය වෙන්නේ කවදාවත් කෙල්ලෙක් එක්ක නිදාගත්ත නැති කොල්ලෙක් එක්ක ලිංගිකව හැසිරෙන එක. එහෙම උනොත් තමයි ඇයට ඒ ආත්මයෙන් ගැලවිලා නිදහස් වෙලා යන්න පුලුවන් වෙන්නේ. ඉතින් විරාවයි වාසුවයි ඇය මේ ගෙදර ගෙට්ටුවෙන් එලියට යන්න නොදි සිරකර ගන්නවා. ඔතැනින් එහාට මොනා වෙයිද වගේම විරාටයි වාසුටයි මේ පටලැවිල්ලෙන් ගැලවෙන්න පෙම්වතියන් උදව් කරාවිද කියලා බලන්න පුලුවන් චිත්‍ර‍පටිය බැලුවොත් තමයි… නිරුවත් දර්ශන නැති උනත් සෙක්ස් කොමඩි වර්ඟිකරණයට වැටිලා තියන නිසා මේ චිත්‍ර‍පටිය තනියම බලන එක ඇඟට ගුන වේවි ඒ වගේම දමිළ චිත්‍ර‍පටි ටොරන්ට් නිකුත් කරන්න දැන් හැකියාවක් නැති නිසා පහත බැනර් එකේ ඇති ලින්ක් එක ටයිප් කරලා ගිහින් මේ සබ් එකට ගැලපෙනම කොපිය ගන්න පුලුවන් වේවි.

     

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  WEB / HD පිටපත් සදහා ගැලපේ

     

    Download “Iruttu Araiyil Murattu Kuththu (2018) සිංහල උපසිරැසි” Iruttu.Araiyil.Murattu.Kuththu.(2018).Sinhala.Subtitle.rar – Downloaded 655 times – 27 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    Visual (විශුවල්)
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    2 COMMENTS

    1. බැනර් එකේ ඇති ලින්ක් එක ටයිප් කරලා ගිහින් මේ සබ් එකට ගැලපෙනම කොපිය ගන්න‌ේ ක‌ොහමද කියන්නක‌ෝ, Plz!

      • ඩිරෙක්ට් ලින්ක් සයිට් එක අපිට ලින්ක් කරන්න බැහැ කොපි රයිට් ප්‍ර‍ශ්න නිසා. ඔය බැනර් එක තියන නම තියන සයිට් එකට ගියා නම් ඔයාට මේකේ කොපි එක ගන්න පුලුවන්. නැත්නම් ඕනිම ටොරන්ට් සයිට් එකක සර්ච් කරලා බලන්න

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram