today-is-a-good-day
More

    Ishqaa (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    ඉන්දියාව කියන්නේ විශාලතම සිනමා කර්මාන්තයක් තියෙන රටක්නේ,ඒ අතරින් හින්දි,දමිල,තෙලෙගු,කන්නඩ,මලයාලම් තමයි අපි ගොඩක්ම ආශාවෙන් බලන චිත්‍රපටි බිහිවෙන්නේ,ඉතින් මේවට අමතරව ඉන්දියාවේ තව ගොඩක් භාෂාවලින් චිත්‍රපටි බිහිවෙනවා,ඉතින් ඔන්න වෙනසකටත් එක්කම අද ඔයාලට අරගෙන ආවෙ පන්ජාබ් චිත්‍රපටියක්,චිත්‍රපටිය තමයි Ishqaa,.2019 ජනවාරි 4නිකුත් වෙන මේ චිත්‍රපටියට  කිසිම ඉoග්‍රිසී උපැසිරසියක්නම් හොයාගන්න ලැබුනේ නෑ මේ චිත්‍රපටියට,ඒ නිසා අසාලිවීමක් කරල  ඔයාලට අරගෙන ආවා,කොහොම හරි ලොකු කතාවක්නම් බලාපොරොත්තුවෙන්න එපා මේ චිත්‍රපටියෙන් සරල කතාවක් සරල විදියට ඉදිරිපත් කරල තියෙන්නේ,චිත්‍රපටිය කෙසේ වෙතත් චිත්‍රපටියේ ලස්සන සිoදු කිහිපයක්ම තියෙනව,අන්න ඒ සිoදු ටික නිසාම තමයි මේකට උපැසිරැසි කරන්නත් අදහසක් ආවේ

    පන්ජාබි සිනමාවේ නළු නිලියන් ගැන අපි වැඩිය දන්නේ නැති උනාට, Rx 100 කිව්වනම් තෙලෙගු චිත්‍රපටි රසිකයන්ට මතක් වෙන නමක් තියෙනවා,ඒ තමයි Payal Rajput..ඉතින් මෙයා තමයි මේ චිත්‍රපටියේ ප්‍රධාන නිළි චරිතය නිරූපනය කරන්නේ,එහෙම උනාට Rx 100 එකේ තරම් දෙයක් නම් බලාපොරොත්තු වෙන්න එපා..ඉතින් Payal Rajput සමග Nav Bajwa,Aman Singh Deep,Karamjit Anmol කියන අයත් මෙහි රoගනයෙන් දායක වෙනවා,හරි එහෙනම් දැන් කතාව පැත්තට හැරෙමුකෝ..

    රාජ්දීප් (Nav Bajwa) එයාගේ කොලෙජ් එකට යන පලවෙනි දවසෙන් තමයි චිත්‍රපටිය පටන් ගන්නෙ,ඉතින් අලුතෙන්ම පටන් ගන්න දවසේ මුලින්ම හැමෝම අදුරගන්න අතරේ තමයි තමයි  රාජ්දිප් සීරත්ව දකින්නේ.සීරත් (Payal Rajput) කියන්නේ රාජ්දීප් එක්ක පොඩි කාලේ එයාගේ පාසලේ ඉගෙන ගත්ත හොදම යාළුවා,ඉතින් කොහොම හරි අවුරුදු ගානකට පස්සේ සීරත්ව රාජ්දීප්ට හම්බවෙනවා,සීරත්ට තමන්ගේ හොදම යාළුවා හම්බවුන සතුටට තිබ්බට රාජ්දීප්ට නම් තියෙන්නේ යාළුකමක හැගීමක් නෙවෙයි,මොකද රාජ්දීප් සීරත්ට ආදරේ කරන්නේ පොඩි කාලේ ඉදන්ම,ඉතින් පාසලෙන් අයින් වෙලා අවුරුදු ගානකට කලින් නගරෙට ගියපු සීරත්,රාජ්දීප්ට ආදරේ කරනවද?..ඇත්තෙන්ම නෑ මොකද සීරත්ගේ ජීවිතේ දැන් වෙන කෙනෙක් ඉන්නවා,ඉතින් දැන් රාජ්දීප් මොකද කරන්නේ. අන්න එතනින් තමයි චිත්‍රපටිය පටන් ගන්නේ..එහෙනම් ඉතින් බලන්න ආරාධනා කරනවා Ishqaa..

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  YOUTUBE පිටපත් සදහා ගැලපේ
    • SRT හා IDX TV උපසිරැසි දෙවර්ඟයම ගොනුවේ නිකුත් කර ඇත.

     

    Download “Ishqaa (2019) සිංහල උපසිරැසි” Ishqaa.(2019).Sinhala.Subtitle.rar – Downloaded 2635 times – 840 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

     

    ලහිරු උදයංඟ
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    5 COMMENTS

    1. … ගොඩක්ම ස්තූතියි. …
      ඔබට සහ ඔබ පවුලේ සැමට
      තෙරුවන් සරණ ලැබේවා..!

    2. බොහොම ස්තුතියි සබ් එකට බ්‍රෝ 😊👊..
      මේ film ටිකෙන් කැමති එකකට සබ් දෙනවද පුළුවන් නම් 😊😊😊😊
      * Khari Biscuit (2019) Marathi [IMDb 8.1]
      * Lapachhapi (2017) Marathi [IMDb 7.1]
      * Cycle (2018) Marathi [IMDb 8.4]
      * Yaari Dosthi (2019) Marathi [IMDb 6.0]
      * Fatteshikast (2019) Marathi [IMDb 9.0]
      * Vicky Velingkar (2019) Marathi [IMDb 6.2]
      * Saavat (2019) Marathi [IMDb 7.4]
      * Gelo (2016) Punjabi [IMDb 8.6]
      * Cuckoo (2014) Tamil [IMDb 7.8]

    Leave a Reply to ishanz Cancel reply

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram