spot_img

Jacobinte Swargarajyam (2016) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

සම්පූර්ණයෙන්ම පවුලේ කතාවක්. පවුලක තිබිය යුතු බැඳීම, එකිනෙකා වෙනුවෙන් කැපවීම හොඳින් කියවෙන සත්‍ය කතාවක්.කතාව ගත්තම ජාකොබ් කියන්නේ ඩුබායි වලට ගිහින් සාර්ථකව ව්‍යාපාර කරන දක්‍ෂ ව්‍යාපාරිකයෙක්. ඔහු එක එක අයගෙ මුදල් ණයට අරගෙන වෙනත් අයට ණයට දෙන එකත් කරගෙන යනවා. එහෙම කරගෙන යද්දි, ඔහු සතු සම්පූර්ණ මුදලම (ඉන්දීය රුපියල් කෝටි 14ක්) එක් කූට ව්‍යාපාරිකයෙක් වංචා කරනවා. ඉතින් ඔහුට ණය දුන් අයගෙන් ඔහුට ගැලවිල්ලක් ලැබෙයිද? ඔහු වෙනත් ව්‍යාපාරයකින් ලාභ උපයන්න හිතන් ලයිබීරියාවට ගියත් එහිදී අසාර්ථක වෙනවා, විතරක් නෙමෙයි ණයකරුවෙක් ඩුබායිවල ඉඳන් අරගන්නා නීතිමය ක්‍රියාමාර්ග නිසා ලයිබීරියාවෙ කොටු වෙනවා. ඉතින් මේ සම්පූර්ණ ණය බර කරට ගන්නා ජාකොබ්ගේ වැඩිමහල් පුතු ජෙරී මේ පවුල ණයෙන් බේරා ගනීවිද? මුදල් උපයන්න ඔහු මොනවද කරන්නේ? තාත්තාව ආපසු කැඳවා ගනීවිද? පවුලේ අයට මොකද වෙන්නේ? ඔය හැමදේම බලන්න නම් කතාව අරගෙන බලන්න වෙනවා.

විනීත් ශ්‍රී නිවාසන් විසින් අධ්‍යක්‍ෂණය කළ මෙහි චරිත වලට පණපොවන්නේ, ජාකොබ් විදිහට රෙන්ජි පනීකර්, ජෙරී විදිහට නිවින් පෝලි, ෂර්ලි විදිහට ලක්‍ෂ්මි රාමක්‍රිෂ්ණන්, එබින් විදිහට ශ්‍රීනාත් භාසි, අම්මු විදිහට අයිමා සෙබස්තියන් යන අය තමයි.ආයෙත් මේ වගේම ලස්සන කතාවකින් හමුවෙමු.

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

ZOOM උපසිරැසි කණ්ඩායම
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

4 COMMENTS

  1. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

    Request:

    Badava Rascal (2021)

    Singa Paarvai (2022)

  2. මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..💕

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram