spot_img
spot_img
More

    Jada (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    2019 වසරෙ නිකුත් උන තවත් සුපිරි ගණයේ දමිල චිත්‍රපටයකට තමයි අද මම උපසිරසි අරගෙන ආවේ.JADA 2019 ලෙසින් නම් කර ඇති මේ සිත්තම Drama/Sport කැටගරි එකට අයත් වෙනවා.6.7ක imdb අගයක් වගේම 81%ක ගූගල් පරිශීලක කැමැත්තකුත් මේ සිත්තමට ලැබිල තියෙනවා. චිත්‍රපටයේ චරිත දෙස බැලුවොත් දමිල සිනමාවේ දැවැන්තයින් රාශියක්ම මේ චිත්‍රපටයට තම රංගනයෙන් දායකත්වය සපයලා තියෙනවා.

    ඒ අතරින් ප්‍රධාන චරිතය නිරූපණය කරන Kathir වගේම Yogi Babu සහ kishore ප්‍රමුඛස්ථානයක් හිමිකරගෙන තියෙනවා. මේ චිත්‍රපටයේ කතාව දිවෙන්නෙ ෆුට්බෝල් ක්‍රීඩාව හා සම්බන්ධවයි.මෑත කාලයේ ක්‍රීඩාවන් සම්බන් ඉන්දීය චිත්‍රපට රාශියක්ම නිකුත් උනා.ඒ අතරින් මේ JADA චිත්‍රපටයට සුවිශේශී තැනක් හිමිවෙනවා. කතාවේ වෙන්නෙ මෙහෙම දෙයක් සෙවන්ස් කියල ෆුට්බෝල් තරගාවලියක් අවුරුදු 10කට පස්සෙ පැවත්වෙන්න යනවා.සෙවන්ස් කිව්වාම ඒ තරගයට 7 දෙනෙක් තමයි සෙල්ලම් කරන්නේ.මේ සෙවන්ස් තරගාවලිය වසර ගාණක් තහනම් කරල තියෙන්නේ එහි ඇති කෲර බව සහ කිසිම නීති රීතියක් නැති නිසාවෙනි.තමන්ට කැමති ආකාරයකට සෙල්ලම් කරලා විරුද්ධ පිලේ අයගෙ අත පය පවා කැඩුවත් කිසිම දඬුවමක් ලැබෙන්නෙ නෑ.අවුරුදු 10 පස්සෙ මේ පැවත්වෙන තරගාවලියට ජඩා සහ එයාගෙ කණ්ඩායමත් තරග වදින්න යනවා.එහි අර්ධ අවසන් හා අවසන් තරග සේතු කියන නැසී ගිය ශ්‍රේෂ්ඨ ෆුට්බෝල් ක්‍රීඩකයගේ ගමේ තමයි තියෙන්නේ.ඒ සේතු මැරුණෙත් මේ ෆුට්බෝල් කේස් එකක් නිසා තමයි.ඉතින් ජඩායි එයාගෙ කණ්ඩායමයි ඒ ගමට යනවා තරගවලට.නමුත් එයාල ගමට අඩිය තියනකොටම එයාලට විවිධාකාර අත්භූත සිදුවීම් රැසකට මූණපාන්න සිද්දවෙනවා.ඒ මොනවාද කියල චිත්‍රපටය බලලම දැනගන්නකෝ.ජඩා සහ කණ්ඩායම තරගාවලිය දිනයිද?සේතුව මැරුවේ කව්ද? මේ දේවල් ඔක්කොම ඔයාලට චිත්‍රපටය බැලුවාම පැහැදිලි වෙයි. චිත්‍රපටය බලලා හොද නරක ගැන අපේ Fb පිටුවේ අදහසක් සඳහන් කරන්න කියල ඉල්ලමින් අදට මම නවතිනවා

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති WEB / HD පිටපත් සදහා ගැලපේ

     

    Download “සිංහල උපසිරැසි” Jada.(2019).Sinhala.subtitle.rar – Downloaded 171 times – 35 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

     

    තිසර දර්ශන විතාන
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    1 COMMENT

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram