spot_img
spot_img

Jagga Jasoos (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

Anurag Basu විසින් අධ්‍යක්ෂණය කරන ලද මේ චිත්‍ර‍පටිය ලොව පුරා තිරගත වෙන්න පටන් ගන්නේ 2017 ජූලි මාසයේ. ඇත්තටම මේ චිත්‍ර‍පටිය තිරගත වෙන්න නියම වෙලා තිබ්බේ 2016 වසරේ. නමුත් මෙහි රඟපාන රන්බීර් කපූර් හා කත්‍රිනා කයිෆ් අතර ඇතිවු ගැටළුවක් නිසා චිත්‍ර‍පටිය 2017 අප්‍රේල් මාසයට කල් යනවා. එහෙම කල් ගිය චිත්‍ර‍පටියට අවසානයේ තවත් දර්ශන කිහිපයක් එකතු කරන්න හිතපු නිසා මේක මේක අවුරුද්දේ ජුලි මාසය වෙනකම්ම කල් ගියා. කොහොම හරි පරක්කු වේවි තිබිලා මේ ආව චිත්‍ර‍පටිය නම් සුපිරිම එකක් කියලා කියන්නම ඕනි. මේ චිත්‍ර‍පටියේ 80%ක් විතරම කතාව යන්නේ සිංදුවෙන්… ඉංග්‍රිසි සුරංඟනා කතා චිත්‍ර‍පටි බලලා තියනවා නම් ඒක ඔබට නුපුරුදු අත්දැකිමක් වෙන එකක් නැහැ. මෙහි සංගිතයෙන් හැඩකරලා තියෙන්නේ ප්‍රීතම් විසින්. ඔහු ගැන කියන්න උවමනා නැහැ නේ. ජනප්‍රිය හැම චිත්‍ර‍පටියක් වගේම හැඩවෙලා තියෙන්නේ ඔහුගේ සංගිතයෙන් තමයි.

කතාව ගැන කිව්වොත් ජග්ගා කියන්නේ අම්මා තාත්තා නැති දරුවෙක්… ඔහු ගේ පුංචි අවුලක් තියනවා. හරියට කතා කරන්න බැහැ ගොත ගහනවා. ජග්ගා පොඩි කාලේ ගත කරන්නේ ගමක තියන ඉස්පිරිතාලේක.. මෙහෙම ඉද්දි තමයි ජග්ගාගේ ජිවිතේට නන්නාදුනන අමුත්තෙක් එන්නේ. ඔහුගේ නම ටුටි ෆුටි. ඔහු තමයි ජග්ගාට මුලින්ම කියලා දෙන්නේ කතා කරද්දි වචන පැටලෙනවා නම් ඒක ගායනයෙන් කියන්න කියලා. කොහොම හරි මේ හම්බුන ටුටි ෆුටි ජග්ගාව තමන්ගේ දරුවෙක් වගේ හදාගන්න ගන්නවා. නමුත් ටික කාලයක් යද්දි ටුටි ෆුටි එක පාරටම යන්න යනවා. හැබැයි ඔහු ගිය තැනින් හැමදාම ජග්ගාගේ උපන්දිනය දවසට VHS ටේප් එක ගානේ එවනවා සුභ පතලා… කොහොම හරි ජග්ගා ටුටි ෆුටි නැති නිසා උස්මහත් වෙන්නේ හොස්ටල් එකක. තමන් තනියම ඉන්න නිසා ජග්ගා හැම පොඩි පොඩි සිදුවිම් වල පවා විස්තර ටිකක් හාර අවුස්සලා හොයන්න ගන්නවා. ඒක නිසාම ජග්ගාට රහස්පරික්ෂයෙක් වගේ ලොකු ලොකු ගැටළු පවා නිරාකරණය කරගන්න පුලුවන් වෙනවා. කොහොම හරි ජග්ගා ඉන්න හොස්ටල් එකේ පාසලේ උගන්වන ගුරුවරියක් සියදිවි නසාගන්නවා. ඒක සියදිවි නසා ගැනිමක් නෙමෙයි මරණයක් කියලා ඔප්පු කරන්නෙත් ජග්ගා තමයි… කොහොම හරි ජග්ගා ගේ එක උපන්දිනයක ඔහුට ටුටි ෆුටි එවන vhs ටේප් එක ලැබෙන්නේ නැතුව යනවා. මේ නිසා ජග්ගා තිරණය කරනවා තමන්ව පොඩි කාලේ බලාගත්ත ටුටි ෆුටි කොහේද ගියේ කියලා හොයන් යන්න…. ඔය අතර කාලයේ තමයි ජග්ගාට ශුතීවත් හම්බවෙන්නේ… කොහොම හරි ජග්ගායි ශුතියි ටුටිෆුටිව හොයන් යන ත්‍රාසජනක චාරිකාව තමයි ෆිල්ම් එකට පාඨක වෙන්නේ. කොහොම හරි මේ චිත්‍ර‍පටියෙත් අපි කවුරුත් අදුනන සුපිරි නළුවෙක් ආරාධිත රංඟනයකින් දායක වෙනවා. එයා කවුද කියලා චිත්‍ර‍පටිය බලලාම දැනගන්නකෝ.

 

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  WEB / HD පිටපත් සදහා ගැලපේ

 

Download “Jagga Jasoos (2017) සිංහල උපසිරැසි” Jagga.Jasoos.2017.Sinhala.Subtitle.rar – Downloaded 972 times – 43 KB

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

 

දර්ශණ නිශාන්ත පීරිස්
+ posts

Founder & Owner - Zoom.Lk
SRI LANKAN 🇱🇰 කෝට්ටේ 🏡
Traveler 🚶Train Lover 🚂
emotional eater 🍝🥪
MI Fan 📱MI 9T PRO user

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram