More

    Jil (2015) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    කොහොමද කට්ටියටම… කට්ටිය බලනවා ඇති කලින් පල කරපු ෆිල්ම් එකක් ඇයි මේ ආපහු දාන්නේ කියලා. මේ චිත්‍ර‍පටියේ මෙච්චර කාලේකට තිබ්බේ ටිවි කොපියක්.. ඒකට තමයි අපි උපසිරැසි ලබා දුන්නෙත්.. පහුගිය දවස් වල ටැමිල් හඩකවපු මේකේ අන්කට් කොපියක් නිකුත් උනා. ඒ කොපියට ගැලපෙන්න අපි සබ් එක ආපහු හැදුවා. ඒ කොපි එකේ නම ආවේ Jil Jil 2021 කියලා.. ෆිල්ම් එක අරන් බලද්දි ඒ ටැමිල් ඩබ් කරපු කොපියේ තෙලෙගු ලැන්වෙඩ් එක සිලෙක්ට් කරගෙන බලන්න. මොකද මේක ඔරිජිනල්ම නිකුත් උනේ තෙලෙගු නිසා..

    2015 මාර්තු 27 ප්‍රථම තිරගත වීම ආරම්භ කරන මෙම චිත්‍රපටියේ රංගනයෙන් දායක වන්නේ තෙලිගු චිත්‍රපට කලාවේ දැවැන්තයෙක් වන Gopichand විසින්. නිලිය විදිහට ඉන්නේ Rashi Khanna. ඒ වගේම මෙම චිත්‍රපටයේ අධ්‍යක්ෂනය, කතාව, තිර රචනය, මේ හැම දෙයක්ම කරලා තියෙන්නේ Radha Krishna kumar විසින්. එහෙනම් චිත්‍රපටියේ කතාව ගැන කියන්නම්කෝ.

    චිත්‍රපටය ආරම්භයේම මොම්බායි වල දරුනු අපරාධකාරයෙක් වන චෝටා නායක් කියන පුද්ගලයා පොලිස් අත්අඩංගුවෙන් පැන යනවා. එතනින් තමයි කතාව පටන් ගන්නේ. මෙහෙම පැනලා යන නායක්. එයා පොලීසියට අල්ලලා දීපු රංගනාත් කියන කෙනාව හොයන්න පටන් ගන්නවා. දවසක් ප්‍රධාන නලුවා වන ජයි යාලුවොත් එක්ක කඩේක ඉන්නකොට මෙයාව දකිනවා. එවෙලෙම එතනට එන නායක්ගේ මිනිස්සු අතේ රංගනාත්ගෙ පින්තූරයක් තියෙනවා දැකලා එයා රංගනාත් මෙතන සිට ගිය බය පවසනවා. ඔවුන් රංගනාත් පසු පස එලවන් යනවා. ඒත් ජයි මෙතන ප්‍රශ්නයක් වෙන්න යන බය දැන ගෙන ඔවුන් පිටුපසින් යනවා. එහෙම ගිය ජයි රංගනාත්ව බේර ගන්නවා. ඒ නිසාවෙන් නායක්ගේ මිනිස්සු ජයි රංගනාත්ට උදව් කර කෙනෙක් කියලයි හිතන්නේ. ජයි කියන්නේ ගිණිනිවීම් භටයෙක් දවසක් බිල්ඩින් එකක් ගිනි ගන්න වෙලාවක මෙයා ඒකේ ඇතුලේ හිර වෙච්ච කෙනෙක්ව බේර ගන්නවා. ඒ බේර ගන්නනෙත් රංගනාත්ව. එවෙලේ රංගනාත් මොහුට යමක් පවසනවා. එයා මාධ්‍ය හරහා. නායක් දකිනවා. ඔන්න ඔතන ඉදලා ජයිගෙ ජීවිතේ ගොඩක් හැල හැප්පීම් වලට ලක් වෙනවා. ගොඩක් දේවල් ජයිට අහිමි වෙනවා. ඒ ඇයි කියලා ඔයාල අරගෙනම බලන්න. කතාව සේරම කියන්න වෙනවා ඒවත් කියන්න ගියොත්.

    එහෙනම් අදට මම නවතිනවා. ඔයාලාට අපි ලබා දුන්න එත් අලුතින් නිකුත් උන ෆිල්ම් දැක්කොත් එවා ගැන දැනුවත් කරන්න මේ වගේම එවාටත් සබ් අලුත් කොපියට අලුත් විදියට හදලා ලබා දෙන්න පොරොන්දුවෙනවා.

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
    • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

     

    Download “Jil (2015) සිංහල උපසිරැසි” Jil.(2015).Sinhala.Subtitle.rar – Downloaded 1980 times – 53 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    රොෂාන් මදුසංක
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    3 COMMENTS

    1. … ගොඩක්ම ස්තූතියි. …
      ඔබට සහ ඔබ පවුලේ සැමට
      තෙරුවන් සරණ ලැබේවා..!

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram