spot_img

John Wick Chapter 4 (2023) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

John Wick Chapter 4 (2023) Sinhala Subtitle

 

අද මම අරගෙන ආවේ John Wick කතා මාලවේ හතරවෙනි කතාවට. මේ චිත්‍රපටිය විශේෂ ඒකක් විදියට තමයි හැමෝම දකින්නේ. ඒ්කට හේතු චිත්‍රපටිය බලන හැමෝටම තේරෙනවා. කලින් කතා බලලා නැති කෙනෙකුට වුනත්, මේ චිත්‍රපටිය තේරුම් ගන්න අමාරු වෙන්නේ නෑ, මොකද මේක වැඩිය ඒ්වාට සම්බන්ධ කරලා නැති නිසා.

කලින් සියළුම කතා ලියලා තියෙන, ජෝන් වික් නිර්මාතෘ Derek Kolstad නෙමෙයි මේක ලියලා තියෙන්නේ. ඒ්ත්, ඒ් චරිතම පාදක කරගෙන Shay Hatten තමයි මේක ලියලා තියෙන්නේ. කිසිම අඩුපාඩුවක්, අසාධාරණයක් නොවෙන්න නිර්මාණය කරලා තියෙනවා. චිත්‍රපටිය රූගත කරන්න ප්‍රංශය, ජර්මනිය, නිව්යෝර්ක් නගරය සහ ජපානය යොදාගෙන තියෙනවා.

සුපුරුදු පරිදිම මේ චිත්‍රපටියත් අධ්‍යක‍ෂණය කලේ Chad Stahelski විසින්. Lionsgate ආයතනය තමයි මේ චිත්‍රපටියත් බෙදාහරින්න බාරගෙන තියෙන්නේ. මේවෙනකොටත් ඩොලර් මිලියන 430කට වඩා ආදායමක් උපයගෙන තියෙන්නේ. රඟපෑමෙන් දායක වෙනවා, Keanu Reeves (ජෝන් වික්), Donnie Yen (කේන්), Bill Skarsgård (මාකීස්), Ian McShane (වින්ස්ටන්) ඇතුළු පිරිසක්. මේ හැමෝගේම නොමඳ දායකත්වය ලැබිලා තියෙනවා, චිත්‍රපටියේ සාර්ථකත්වයට.

වෙබ් රේටිං අරගෙන බැලුවොත්, මේ ලිපිය ලියන මොහොත වෙනකොට චිත්‍රපටිය ලබාගෙන තිබ්බා, IMDb 8.1, Rotten Tomatoes 94%, Metacritic 78%, Google Users 95%. මේ ඉහළ රේටිං වලින්ම පේනවානේ මේක කොච්චර ප්‍රේක්ෂක ආකර්ෂණය දිනාගත්තාද කියලා.

කතාව ගැනත් කෙටියෙන් කියන්නම්. ජෝන් වික් අවසානයේ හොයාගන්නවා වටමේසයෙන් ගැලවෙන්න පුළුවන් මාර්ගයක්. නමුත් ඒ්ක කරන්න ලේසි නෑ. ඊට කලින්, එයාගේ පවුලේ නෑදෑයන් හොයාගන්නත්, ඒ අයගේ පලිගැනීමක් සම්පූර්ණ කරන්නත්, තව අළුත් බලවත් හතුරෙක් සමඟ සටන් කරන්නත් සිද්ධ වෙනවා. මේ ගැන දැනගන්න, මේ චිත්‍රපටිය බලන්නම වෙනවා.

එහෙනම් මේ සිංහල උපසිරැසියත් එක්ක, චිත්‍රපටිය රසවිඳින්න. හැමදාම කියනවා වගේ, මේ උපසිරැසි වල අඩුපාඩු, ගුණ දොස්, ගල් මල්, හොඳ හෝ වැරදි අපිට කියන්න. ඒ අදහස් වලින්, අපිට පුළුවන් අපේ උපසිරැසි වල ගුණාත්මක භාවය තවත් වැඩි කරගන්න. එහෙනම්, ජයවේවා!!!

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති HD පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDXTV ලෙස උපසිරැසි නිකුත් කර ඇත.
  • විඩියෝ පිටපත් සුම් ලින්ක් හබ් වෙබ් අඩවියෙන් පහසුවෙන් ලබාගත හැක

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

නිලුෂ හේමාල් අලහකෝන්
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

10 COMMENTS

  1. පට්ටම ස්තුතියි උපසිරසියට සහෝ
    මේ සබ් එක yts එකේ තියන 1080p 3GB web කොපියට සෙට් වෙනවද??
    පොඩ්ඩක් බලලා කියනවද

  2. ගොඩක්ම ස්තූතියි නිලුෂ සොයුර ……….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram