spot_img

Jungle (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

කාලේකට විතර පස්සේ තමයි සබ් එකක් අරන් එන්න හම්බුනේ. පොඩි කරදර වගයකට මුණ දුන්න නිසා සබ් කරන්න හම්බුනේ නැහැ. කොහොම හරි දැන් ආපහු හොද ෆිල්ම් එකක් දෙකක් අරන් එන්න ට්‍ර‍යි කරන්නම් මේ සතිය ඇතුලත. ඉංග්‍රිසි චිත්‍ර‍පටිත් හොද එවා කිහිපයක්ම ඇවිත් තියනවා දැක්ක නිසා. හින්දි දෙමළ තෙලෙගු රසිකයන්ට නම් සුම් එක්ක ඉන්න නිසා අඩුපාඩුවක් නැතුවම සබ් ලැබෙනවා නේ ඉංග්‍රිසි ටිකකුත් ඒ අතරට ගෙන්න බලන්නම්..

චිත්‍ර‍පටිය ගැන කිව්වොත් මේක ඔස්ට්‍රේලියානු චිත්‍ර‍පටියක්. මේක අධ්‍යක්ෂණය කරන්නේ Greg McLean විසින්. Wolf Creek චිත්‍ර‍පටි මාලාව වගේම The Belko Experiment චිත්‍ර‍පටියත් ඔහුගේම අධ්‍යක්ෂණයක්. චිත්‍ර‍පටියේ ප්‍ර‍ධාන චරිතය කරන්නේ අපි හැමෝම දන්න Daniel Radcliffe විසින්. මේ චිත්‍ර‍පටියට පාඨක වෙන්නේ Yossi Ghinsberg විසින් තමාට සැබවින්ම අත්දකින්නට ලැබු සිදුව්මි සියල්ල ලියු Jungle නම් කෘතිය. කතාව ගැන කිව්වොත් යොෂි කියන්නේ රට රට වල ඇවිදින සංචාරකයෙක්. මොහු බොලිවියාවේදි ඉද්දි ඔහුට තව මිතුරන් කිහිපදෙනෙක් හම්බවෙනවා. ඔවුන් නමින් කෙවින් හා මාර්කස්. කොහොම හරි මොවුන් එකට ඉද්දි යොෂිට හම්බවෙනවා එක පාරටම නන්නාදුනන අමුත්තෙක්. ඔහු නමින් කාර්ල්. කාර්ල් විසින් යොෂිට අපුරු ආරාධනාවක් කරනවා ලොකයෙන් සැඟවිලා තියන ගම්මානයක් ගැන ත්‍රාසජනක පිරුණු කැලේ මැද්දෙන් යන ගමනක් යන්න. යොෂි මේ ගැන තමන්ගේ මිතුරන්ටත් කියනවා. මුලින් ඔවුන් අකමැති උනත් යොෂිගේ දැඩි ඉල්ලිම නිසාම කැමැති වෙනවා. මොවුන් කැලේ ඇතුලට යන්න පිටත්වෙනවා. කොහොම හරි කැලේ ඇතුලට පිවිසිලා දවස් දෙකක් තුනක් යන්න කලින්ම මේ අයට තේරෙනවා මේක හිතපු තරම් ලේසි ගමනක් නොවන වග…ඉතිරිය අරන්ම බලන්න කියලා ආරාධනා කරනවා. තව චිත්‍ර‍පටියක් සමගින් හමුවෙනකම් සුභ දවසක්.

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  BluRay පිටපත් සදහා ගැලපේ

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

 

ඉමාෂා ජයසූරිය
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram