spot_img

Junglee (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

අද අරන් ආවේ අද උදේ පාන්දරම පිටපත් නිකුත් උන අලුත්ම චිත්‍ර‍පටියක්… මේ චිත්‍ර‍පටියේ පූර්ව ප්‍ර‍චාරක පටය නැරබුවාට පස්සේ ගොඩක් අය මේ චිත්‍ර‍පටිය එනකම් මඟ බලන් හිටියා කිව්වොත් නිවැරැදියි. මේ චිත්‍ර‍පටිය ගැන කිව්වොත් තවත් විශේෂත්වයක් තියනවා… මේ චිත්‍ර‍පටිය අධ්‍යක්ෂණය කරන්නේ Chuck Russell විසින්. මොහු ඉංග්‍රිසි ජනප්‍රිය චිත්‍ර‍පටි රැසක් අධ්‍යක්ෂණය කරපු අධ්‍යක්ෂකවරයෙක්.. The A Nightmare on Elm Street, Mask (1994), The Scorpion King (2004) ඒ චිත්‍ර‍පටි වලින් කිහිපයක්…. මේ චිත්‍ර‍පටියේ ප්‍ර‍ධාන චරිතයට රංඟනයෙන් දායක වෙනවා Vidyut Jammwal.. ඔහු ගැන කිව්වොත් චිත්‍ර‍පටිවල එන සියළුම ක්‍රියාදාම චරිත ඔහු විසින්ම කරන්න ඔහු ගොඩක් ජනප්‍රියයි.. ඒ වගේම කිසිම කේබල් එවා මේවා පවා නැතුව චිත්‍ර‍පටි වල ක්‍රියාදාම චරිත වලට දායක වෙන නළුවෙක් විදියටත් ඔහු ප්‍ර‍සිද්ධයි.. ඔහුගේ කලින් ආපු Commando චිත්‍ර‍පටි බැලුවා නම් මේ ගැන හොදටම පැහැදිලි වේවි. ඒ වගේම මෙහි ප්‍ර‍ධාන නිළියන්ගේ චරිතයට රංඟනයෙන් දායක වෙන්නේ Pooja Sawant හා Asha Bhat විසිනි.

කතාව ගැන කිව්වොතින් දිපන්කර් නායර් කියන්නේ කැලේක අලි අනාථාගාරයක් බලාගෙන යන පුද්ගලයෙක්.. නමුත් ඔහුට මේක සැනසිමේ කරගෙන යන්න බැරි හේතුවක් තියනවා.. ඒ තමයි ඇතුන්ගේ දල ගැනිමට ඇතුන් මරා දාන කල්ලි නිසා.. නමුත් කොහොම හරි මොහු හා ශංකරා (Pooja Sawant) කියන ගැණු ළමයාත් එක්ක එකතු වෙලා මේක කරගෙන යනවා. නායර් ගේ පුතා තමයි රාජ් (Vidyut Jammwal) කියන්නේ. අම්මාගේ වියෝවෙන් පස්සේ රාජ් තමන්ගේ ගම දාලා මුම්බායට යනවා. මොහු ආපහු ගමේ පැත්ත පලාතේ එන්නේ නැහැ. ඒකට හේතුවක් තියනවා. ඒක චිත්‍ර‍පටිය නරඔද්දි දැනගන්න පුලුවන්. කොහොම හරි අම්මාගේ අවුරුදු දහයේ දානය වෙනුවෙන් රාජ් නැවත තමන්ගේ ගමට එනවා.. රාජ් මෙහෙම ගමේ ඇවිල්ලා ඉන්න දවසක කැලැවේ ලොකුම දළ ඇතා මරන්න කල්ලියක් කැලැවට එනවා.. එතැනින් එහාට මොකක් වේවිද කියලා… මිනිත්තු 115කින් පිරිලා තියන ක්‍රියාදම සපිරි මේ කතාව බලන්න ඔයාලට ආරාධනා කරන ගමන් මං සමුගන්නවා. හැමෝටම සුභ දවසක්!

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  WEB / HD  පිටපත් සදහා ගැලපේ

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

ලහිරු උදයංඟ
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram