today-is-a-good-day
More

    Jurassic World Dominion (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    Jurassic World Dominion (2022) ජුරාසික් කතා මාලාවේ තවත් එක් දිගහැරුමක්. ජුරාසික් ලෝකයේ තුන්වෙනි දිගහැරුම වගේම ජුරාසික් කතා මාලාවේ හයවෙනි දිගහැරුම. Jurassic World: Fallen Kingdom (2018) වල අවසානයේ සිදුවූ සිදුවීමෙන් පසු තත්වය තමයි මේ චිත්‍රපටියේ අන්තර්ගත වෙන්නේ. කොවිඩ් වසංගතය නිසා දිගින් දිගටම කල් ගියපු මේ සිනමා කෘතිය, මේ අවුරුද්දේ එලි දැක්වූයේ බොහෝ කාලයක් ප්‍රමාද වීමෙන් පසුවයි.

    බොහෝ දෙනෙක් මේ චිත්‍රපටිය අසාර්ථක ලෙස වර්ගීකරණය කරන්න හැදුවත්, $ මිලියන 165 කින් නිෂ්පාදනය කරපු චිත්‍රපටිය, මේ වෙනවිට $ මිලියන 835 කට වඩා උපයගෙන තියෙනවා. ඒ නිසා සාර්ථකයි කියන්න පුළුවන්. රේටිං ගැනත් මතක් කරනවා නම්, මේ ලිපිය ලියන මොහොතේ, IMDB 5.9, Google Users 82%, RottenTomatoes 30% මනාපය පල කරලා තියෙනවා. බොහෝ දෙනෙක්ගේ ඍණාත්මක ප්‍රතිචාරය වුනේ, පැරණි නළු නිලියන් නැවත යොදාගෙන, පැරණි animation දර්ශණ නැවත පෙන්වීමක් විතරයි කියලා. හැබැයි, කතාව නම්, එක දිගට බලන්න පුළුවන් ‍එකක්.

    Universal Pictures විසින් බෙදාහැරුණු මේ චිත්‍රපටිය Colin Trevorrow විසින් අධ්‍යක්ෂණය කරනු ලැබුවා. සුපුරුදු පරිදි Michael Crichton නම් නවකතාකරුගේ චරිත පදනම් කරගෙන තමයි චිත්‍රපටිය දිවෙන්නේ. රඟපෑම සඳහා, පැරණි චිත්‍රපටි වල හිටපු අයවම යොදාගෙන තියෙනවා. ප්‍රධාන වශයෙන්, Chris Pratt (ඕවන් ග්‍රේඩි), Laura Dern (සැට්ලර්), Sam Neill (ඇලන්), Isabella Sermon (මේසී) ඇතුළු පිරිසක් රඟපෑමෙන් දායක වෙනවා.

    කතාව කෙටියෙන් කියන්නම්. ඉස්ලා නුබ්ලාර් වල ජුරාසික් උද්‍යානය විනාශ වීමෙන් පසු, ඩයිනසෝර් සත්තු ලෝකය පුරා විසිරෙනවා. මේක මිනිස් ජීවිත වලට තර්ජණයක් වෙන නිසා, බයෝසින් නම් සමාගමක් ඉදිරිපත් වෙනවා, මේ සත්තුන්ව වෙනම දූපතක තනි කරන්න. නමුත්, මේ බයෝසීන් ආයතනයේ අරමුණ, ලෝකය බේරාගැනීමම නොවන බව පසුව පේනවා. මෙයාලාගේ අරමුණ මොනවාද? ඩයිනසෝර් එක්ක පෘථිවියේ ජීවිතය මොනවගේ වේවිද? මේ සියල්ල දැනගන්න, මේ සිංහල උපසිරැසිය සමඟින්, චිත්‍රපටිය රසවිඳින්න. ජයවේවා!!

     

    (ඒ වගේම තව දැනුවත් කිරිමක් කරන්න තියනවා දැන් රටේ පවතින තත්වය හා ඩොලරයේ වැඩි විමත් එක්ක වෙබ්අඩවියේ දැන්විම් මද කමත් එක්ක අපිට මේක කරන් යන්න ලොකු අභියෝගයක් ඇවිල්ලා තියනවා.. මේ ගැන අපි පල කරපු විස්තරයක් මෙතැනින් පිවිසිලා බලාගන්න පුලුවන්… කැමැති අය ඒකටත් සහායෝගයක් දක්වන්න 🙂 ) 

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
    • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

     

    Download “Jurassic World Dominion (2022) සිංහල උපසිරැසි” Jurassic.World.Dominion.(2022).Sinhala.Subtitles.rar – Downloaded 14429 times – 995 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    නිලුෂ හේමාල් අලහකෝන්
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    9 COMMENTS

      • දැනට ඇවිත් තියෙන්නේ කොරියන් hardcore එක විතරයි. හැබැයි, kmplayer වගේ දාගත්තොත්, බලන්න ලේසියි. අකුරු තද පාටින් තියෙන නිසා.

    1. … ගොඩක්ම ස්තූතියි. …
      ඔබට සහ ඔබ පවුලේ සැමට
      තෙරුවන් සරණ ලැබේවා..!
      ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

    2. SINHALA SUBTITLE IS NOT WORKING PROPERLY,CAN YOU PLEASE CHAECK AND CONFIRM WHAT IS GOING THERE OR DO YOU HAVE NEW METHOD FOR ADDING SINHALA SUBTITILE.

    Leave a Reply to AKILA Cancel reply

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram