spot_img
spot_img

Kedarnath (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

2018 වසරේ දෙසැම්බර් මස 7 වැනිදා තිරඟත විම ආරම්භ කරපු ඉතාමත් ලස්සන චිත්‍ර‍පටියක් තමයි අද ඔයාලා වෙනුවෙන් මේ අරන් ආවේ. Kai Po Che,Fitoor වැනි චිත්‍ර‍පටි අධ්‍යක්ෂණය කරපු Abhishek Kapoor විසින් අතින් තමයි මේ චිත්‍ර‍පටියත් නිර්මාණය වෙන්නේ… ප්‍ර‍ධාන චරිත ලෙස ඔබ කවුරුත් දන්න Sushant Singh Rajput හා… ජනප්‍රිය නළු සයිෆ් අලි ඛාන් ගේ දියණිය වන Sara Ali Khan රංඟනයෙන් දායක වෙනවා.

මේ චිත්‍ර‍පටියට පාඨක වෙන්නේ 2013 දි සිදුවු කේදාර්නාත් වල ඛේදවාචකයයි… මෙය මැත ඉතිහාසයේ 2004 සුනාමියට පසුව ඉන්දියාවේ සිදුවු විශාලතම ස්වාභාවික ව්‍යවසනයද වනවා… එය පන්දහසක් පමණ දෙනාට මරණය ලං කරලා දුන්නා වගේම අදටත් 70000 පමණ පිරිසක් අතුරුදහන්ව පවතිනවා… මේ කේදාර්නාත් විශේෂ වන්නේ එහි තිබෙන ශිව මන්දිරය නිසා. කිලෝ මිටර් 14ක් පමණ දුරක් තරණය කරලා තමයි බැතිමතුන්ට මේ දේවාලය වැද පුදා ගැනිමට හැකි වෙන්නේ…නමුත් 2013 කේදාර්නාත් වල මේ ඇතිවු ගංවතුරින් මේ මන්දිරයට නම් කිසිම හානියක් සිදුවෙලා නැහැ. ඒකට හේතුවකුත් තියනවා… මේ ගංවතුරේ සැඩ පහර මහල් ගණන් ගොඩනැගිලි බිමට සමතලා කරමින් ඇදි ගියාත් මේ මන්දිරයට කිසිවක් නොවිම එක් අතකින් ආශ්චර්යක් වෙනවා. ගංවතුර පටන් ගන්නා විටම අසල කන්දකින් වැටෙන ලොකු ගල් පර්වතයකින් එන සැඩපහර මන්දිරයට එක එල්ලේ ගැටිමට නොදි වතුර පහර වෙනස් කර යාමට සැලැස්වු බව තමයි වාර්තා වල කියවෙන්නේ.. මේ පිළිබද සැබැ ඡයාරුප වගේම ගවේෂනාත්මක වාර්තා වැඩසටහන් යු ටියුබ් තුලද ඔබට නැරබිමට හැකියාව තිබෙනවා. 2013 North India floods යනුවෙන් සෙවිමක් කරා නම් වැඩි විස්තර ඔබට ලබා ගන්න පුලුවන්..

ඉතින් මේ ඛේදවාචකයට මුණ දෙන්න වෙන අපේ චිත්‍ර‍පටියේ මන්සූර් හා මුක්කු ගේ ආදර කතාව ඔබට නැරබිමට ආරාධනා කරමින් මං සමුගන්නවා තවත් චිත්‍ර‍පටියක් සමඟින් හමුවිමේ බලාපොරොත්තුවෙන්… කොහොම හරි ඉල්ලපු අපිට අතපහු උන හැම හින්දි චිත්‍ර‍පටියක්ම ඉක්මනින්ම ඔබට නරඔන්න හැකියාව ලැබේවි..

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති WEB / HD පිටපත් සදහා ගැලපේ

 

Download “සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න” Kedarnath.2018.Sinhala.Subtitle.rar – Downloaded 2262 times – 32 KB

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

දර්ශණ නිශාන්ත පීරිස්
+ posts

Founder & Owner - Zoom.Lk
SRI LANKAN 🇱🇰 කෝට්ටේ 🏡
Traveler 🚶Train Lover 🚂
emotional eater 🍝🥪
MI Fan 📱MI 9T PRO user

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram