today-is-a-good-day
More

    Kee (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    වර්තමානයේ මුළු ලෝකෙම අන්තර්ජාලය පාවිච්චි කරනවා
    එකෙන් ගොඩ දෙනක් පැය බාගෙකට වරක්වත්
    එයාල ආදරෙන් පැරදුන එකේ ඉදන් කානුවක වැටුනත්
    ජීවිතේ සිද්ධ වෙන හැමදේම ෆේස්බුක් එකේ අප්ඩේට් කරනවා
    කලින් දවස් වල ආදරෙන් පැරදුනාම ඩයරියේ ලියල තියනව
    ඒක අපිත් එක්කම ඉවර වෙනවා
    ඒත් දැන්
    ෆේස් බුක් එකේ ටුවිටර් ඒ වගේ හැම එකකම ෂෙයර් කරනවා,
    ඔයාගෙ ගෙදර අන්තර්ජාලය තියෙනවනම්
    ඒකෙන් ඔයා ලෝකය බලනවා විතරක් නෙවෙයි
    ලෝකයයි ඔයා දිහා බලාගෙන ඉන්නෙ.
    අද තියෙන තාක්ෂණික ලෝකේ
    අපි Facebook එකේ දෙන Like,Comment එකේ ඉදන්
    අපි කෙනෙක්ට යවන මැසේජ් එකකින් උනත් අපි හිතන විදිය තව කෙනෙක්ට හොයාගන්න පුලුවන්

    ඒ කාලෙ නෙවෙයි දැන් කාලේ තාක්ෂණයත් එක්ක ලෝකය දියුණු වෙලා තියෙන්නෙ,ඒ වගේම තමයි තාක්ෂණය යොදාගෙන කරන අපරාධත් දිනෙන් දින වැඩිවෙනවා,ඔන්න්ඉතින් අද අරගෙන ආවේ ඒ වගේ චිත්‍රපටියක්, 2019 මැයි 8 නිකුත් උන techno-thriller වර්ගයට අයත් මෙහි ,Jiiva එක්ක Nikki Galrani රoගනයෙන් දායක වෙනවා. KEE චිත්‍රපටිය, අධ්‍යක්ෂනය කරන්නෙ Kalees කියන අධ්‍යක්ෂකවරයා,මේ මෙයාගෙ පලවෙනු අධ්‍යක්ෂනය,ඒ වගේම මේකට Imdb 6.7 ක අගයක් ලැබිල තියෙනව.

    තාක්ෂණය භාවිතා කරල කොහොමද තවත් කෙනෙක්ට බලපෑම් කරන්නේ,තාක්ෂණය නිසා මිනිස්සුන්ට මොන තරම් නරක දෙයක් වෙන්න පුලුවන්ද කියල තමයි මේ චිත්‍රපටියෙන් කියවෙන්නෙ,අපරාධ වලට යොමු උන හැකර්ස්ලා කණ්ඩායමක් හොයාගන්න තරුණයෙක් කරන උත්සහයක් වටේ තමයි කතව ගෙතෙන්නෙ,ඉතින් කතාව ගැන මොකුත් කියන්නෙ නෑ,ඔයාල මේ චිත්‍රපටිය එනකම් බලන් හිටියා කියල දන්නවා,එහෙනම් අරගෙනම බලන්නකෝ

    යන්න කලින් මේකත් කියලම යන්නම්,තාක්ෂණය නැති කාලේ ආදිමානවයා සතුටෙන් හිටියා එයාලට තිබ්බ ප්‍රශ්නෙ කොහොමද බඩගින්න නිවාගන්නෙ කියල විතරයි,ඒත් මේ තාක්ෂණය ආවට පස්සේ ජීවත් වෙන එකම ප්‍රශ්නයක් වෙලා,ඒකට ලස්සන උත්තරයක් මේ චිත්‍රපටිය ඇතුලෙ දීලා තියෙනවා…

    අද අපි පාවිච්චි කරන පිහියේ ඉදන් යකඩ පාවිච්චිය වෙනකම්,
    ආදි මානවයගේ තාක්ෂණය තමයි,
    ඒක අනතුරක් වෙන්නෙ නැතිව පාවිච්චි කරා වගේම,
    මේ තාක්ෂණයෙනුත් අනතුරක් වෙන්නෙ නැතිව,
    පාවිච්චි කරන්න ඉගෙන ගන්න ටික කාලයක් යයි,
    ආයෙත් මේ පරිගණක විප්ලවය කවුරු හිතුවත් නවත්තන්න බෑ,
    අපිව අපිම තමයි බේරගන්න ඕනි.

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  WEB / HD  පිටපත් සදහා ගැලපේ

     

    Download “සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න” Kee.(2019).Sinhala.Subtitle.rar – Downloaded 1008 times – 44 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    ලහිරු උදයංඟ
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    1 COMMENT

    Leave a Reply to hashan Cancel reply

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram