spot_img
spot_img

Laththi (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

Laththi (2022) Sinhala Subtitle

ඔන්න ගොඩක් අය බලාන හිටපු චිත්රපටයකට උපසිරැසියක් අරන් ආවා.. 2022 වසරේදී සාර්ථක තිරගත උනු Vishal සහ Sunaina රංගනයෙන් දායක වෙන “LATHTHI” චිත්රපටයට තමා උපසිරැසිය අරගෙන ආවේ.. මේක Adventure | Action | Thriller ගනයට තමා අයිති වෙන්නේ.. විශේෂත්වය තමා මෙකේ Villain චරිතය රගපාන Ramana තමයි මේ චිත්රපටයේ නිෂ්පාදක කටයුතුත් සිද්ධ කරලා තියෙන්නේ..කෙසේ වෙතත් මේකේ IMDB දර්ශකය 8.8/10 දක්වා තියාගන්න මෙයාලා සමත් වෙලා තියෙනවා.. කතාව පැත්තට පොඩ්ඩක් හැරිලා බැලුවොත්.. මුරුගන් (Vishal) කියන්නේ බැදලා ළමයෙකුත් ඉන්න තාත්තා කෙනෙක්..මෙයා පොලිස් කොස්තාපල් කෙනෙක් විදිහට තමා සේවය කරන්නේ..කොහොම උනත් දූෂණ නඩුවක් සම්බන්ධයෙන් මෙයාගේ අවුරුද්දකට වැඩ තහනමට ලක් වෙනවා..මෙහෙම මාස දෙකක් යනකොට නැවත පොලිස් රාජකාරි කටයුතු වලට යන්න මෙයාට අවස්ථාව හම්බෙන්නවා..මෙහෙම ඉන්නකොට තමා මෙයාගේ ඉහළ නිලධාරියෙකුගේ කීමට මෙයාට මැරයෙක්ට මූණ වහලා ගහන්න සිද්ධ වෙන්නේ.. ගහපු මැරයා කවුද නොදැන මෙයා සාමන්යා විදිහට ජීවිකාව ගත කරත්..මැරයෝ මෙයාව හොයමිනුයි ඉන්නේ..එතකොට තමා මුරුගව (Vishal) එයා ගහපු මැරයට අහු වෙන්නේ.. ඊට පස්සේ මොනවා සිද්ධ වෙයිද කියලා බලා ගන්න ඕන නම් චිත්රපටය අරන් බලන්නම වෙනවා.. අවසානය වෙනකන් කුතුහලයෙන් බලන්න පුලුවන් ලස්සන චිත්රපටයක් මේක..ඉතින් ආය උපසිරැසියකින් හමුවෙන තුරු සමුගන්නවා.

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

 

Download “Laththi (2022) සිංහල උපසිරැසි” Laththi.(2022).Sinhala.Subtitle.rar – Downloaded 13554 times – 991 KB

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

දිලිප මධුෂාන්
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

11 COMMENTS

  1. ස්තුතියි උපසිරසියට ජයවේවා – බුදු සරණයි …….

  2. ගොඩක්ම ස්තූතියි දිලිප සොයුර ……….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  3. බොහෝම ස්තුතියි ❤ සබ් එකට…👏
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
    කරපු වැඩේට, ආදරෙයි..ආ ..💕
    Typing හැකියාව හා English දැනුම 😜
    තව තවත් වැඩිවේවා…✌

Leave a Reply to Buddhika laKMal Cancel reply

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram