More

    LGM (2023) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -

    LGM (2023) Sinhala Subtitle  LGM Lets Get Married (2023) Sinhala Subtitle

     

    කොහොමද හැමෝටම, ඔන්න ගොඩ කාලෙකට පස්සේ උපසිරැසියක් කරන්න ඕන කියලා හිතුණා…චිත්රපටය තමයි ජුලි මස 28 දින සිනාමහල් වලට දිගහැරුන LGM – Let’s Get Married කියන දමිළ චිත්රපටය.. මේක Romance | Comady ඝනයට අයිති වෙනවා..කාලෙකින් ලස්සන Entertainment චිත්රපටයක් බලන්න ඔන්න අපිට අවකාශය ලැබිලා තියෙනවා… මේක අධ්යක්ෂණය කරලා තියෙන්නේ Ramesh Thamilmani විසින් සහ මේක ඔහුගේ පළවෙනි චිත්රපටය ද වනවා. මේකේ නිෂ්පාදනය කටයුතු කරලා තියෙන්නේ සුපිරි ඉන්දීය ක්රිකට් ක්රීඩක MS දෝණීගේ Dhoni Entertainment කියන ප්රඩක්ෂන් කම්පැනිය විසින්..කොහොමහරි දෝණී නිෂ්පාදනය කරන පළවෙනි චිත්රපටයම දමිළ චිත්රපටයක් වීමද විශේෂත්වයක්..හරි එහෙනම් කවුද නළු නිළියෝ කියලා බලමු.. මේකට රංගනයෙන් දායක වෙනවා Harish Kalyan, Ivana, Nadhiya, Yogi babu සහ VTV Ganesh කියන රංගන ශිල්පීන්..

    හරි කථාව ගැන කෙටියෙන් යමක් කියන්නම්… චිත්රපටය පටන් ගන්නකොටම පෙන්නවා මීරා සහ ගෞතම් කියන්නේ අවුරුදු දෙකක් තිස්සේ ආදරය කරපු ජෝඩුවක් කියලා, නමුත් මීරා ගෞතම් එක්ක යාළු වෙන්න කලින් එයාට කෝන්දේසියක් දාලා තියෙනවා ඒක තමයි “අපි කසාඳ බදිනවා නම් බදින්නේ අවුරුදු දෙකක් ආශ්රය කරලා බලලා” කියලා..අවුරුදු දෙක ඉවර උනාට පස්සේ ගෞතම් මීරාට විවාහ යෝජානවක් කරනවා..ඒකට මීරා කැමති වෙනවා..පස්සේ ගෞතම්ගේ ගෙදර අය යනවා මනමාළි බලන්න..ඔතන තමයි ෆිල්ම් එකේ ටර්නින් පොයින්ට් එක කියන්න පුළුවන්..ඒ කියන්නේ ගෞතම්ගේ අම්මා කියනවා මීරාට “කසාඳෙන් පස්සේ මං ඔයාව මගේම දුවක් වගේ බලා ගන්නම්” කියලා..ඒකට මීරා කැමති වෙන් නෑ..ඒ කියන්නේ මීරාට ඕනේ කසාඳෙන් පස්සේ ගෞතම් එක්ක තනියම ඉන්න..ටික දවසකට පස්සේ මීරා තීරණය කරනවා තමන්ගේ අනාගත නැන්දැම්මා කොහොම කෙනෙක්ද කියලා තීරණය කරලා කසාඳ බදිනවා කියලා..ඒකට මෙයාලා කරන්නේ පවුල් දෙකම එකතු වෙලා ට්රිප් එකක් යන එක..ඊට පස්සේ මොකද වෙන්නේ? ආය මොකුත් මං කියන්න යන් නෑ..ඔයාලම අරන් බලන්න..හිනාවෙවී පැය දෙකහාමරක් බලමු නේද එහෙනම්??? හරි එහෙනම් මං ගිහින් එන්නම්, ඔයාලට භාර කරේ මගේ 13 වෙනි උපසිරැස..ඉතින් මගේ ඊළඟ උපසිරැසෙන් මුණ ගැහෙන තුරු සමුගන්නම්.. විශේෂ ස්තූතිය ලහිරු උදයංග අයියට.. හැමෝටම සුභ දවසක්…!

     

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි අන්තර්ජාලයේ ඇති එච් ඩි හා වෙබ් පිටපත් සදහා ගැලපේ
    • SRT හා IDXTV ලෙස උපසිරැසි නිකුත් කර ඇත.
    • විඩියෝ පිටපත් සුම් ලින්ක් හබ් වෙබ් අඩවියෙන් පහසුවෙන් ලබාගත හැක

     

    Download “LGM (2023) සිංහල උපසිරැසි” LGM.(2023).Sinhala.Subtitle.rar – Downloaded 5337 times – 1 MB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    දිලිප මධුෂාන්
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    3 COMMENTS

    1. ගොඩක්ම ස්තූතියි දිලිප සොයුර ……….
      ඔබට සහ ඔබ පවුලේ සැමටත්
      මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
      බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram