spot_img

Lift (2024) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

Lift (2024) Sinhala Subtitle

සයිරස් කියන්නේ දක්ෂ හොරෙක්. ලොකු වටිනාකම් වලින් යුක්ත කලා කෘති හොරකම් කරන එක තමයි එයාගේ ප්‍රධාන වැඩේ. හැබැයි, මේකට එයාට අති දක්ෂ කණ්ඩායමක් ඉන්නවා. එයාලා එකතු වුනොත්, කරන්න බැරි දෙයක් නෑ. කොරියානු ජාතිකයෙක් නිර්මාණය කරපු, අළුත්ම ඩිජිටල් නිර්මාණයක් හොරකම් කරන්න සයිරස් සූදානම් වෙනවා කියලා, ඉන්ටපෝල් පරීක්ෂක ග්ලැඩ්වෙල් ට ලැබෙන තොරතුරක් පදනම් කරගෙන, එයා වෙනම මෙහෙයුමක් දියත් කරනවා. හැබැයි, සයිරස්, මේ මෙහෙයුම ගැනත් දැනගෙන, කවුරුවත් හිතන්නේ නැති විදියට හොරකම සාර්ථක කරගන්නවා.

කතාව පටන් ගන්නේ දැන්. ඇබි ග්ලැඩ්වෙල් කියන්නේ දක්ෂ නිළධාරිනියක්. ඇයගේ දක්ෂතාවයෙන් ඇය හොයාගන්නවා, සයිරස් කරපු දේවල්. හැබැයි, ඇයගේ උසස් නිළධාරියා, ඇයට බාර දෙන්නේ, වෙනම දෙයක්. මේ වතාවේ ඇයට සිද්ධ වෙනවා, ඇය අහුකරගත්ත හොරා ලවාම, හොරකමක් කරවන්න. මේ ගැන දැනගන්න, මේ චිත්‍රපටිය නරඹන්න වෙනවා.

Daniel Kunka ගේ කතා නිර්මාණයක් තමයි F. Gary Gray අධ්‍යක්ෂණය කරලා සිනමාවට අරගෙන ආවේ. Netflix ආයතනය මේ අවුරුද්දේ මුලින්ම බෙදාහැරීම් කරපු චිත්‍රපටි ගොන්නට මේකත් එකතු කලා. රඟපෑමෙන් දායක වුනා, Kevin Hart (සයිරස්), Gugu Mbatha-Raw (ඇබී), Sam Worthington (හක්ස්ලි) ඇතුළු පිරිසක්.

මේ චිත්‍රපටියෙත් web ratings තියෙන්නේ හරිම අමුතු විදියට. එක වෙබ් අඩවියක ලොකු අගයක් ලබාගන්න මේ චිත්‍රපටිය, තවත් තැනක අඩු මනාප ප්‍රමාණයක් ලබාගන්නවා. මේ ලිපිය ලියන මොහොත වෙනකොට, IMDb 5.5, Rotten Tomatoes 29%, Metacritic 40%, Google Users 64% ලබාගෙන තිබ්බා.

සුපුරුදු විදියටම, මේ සිංහල උපසිරැසිය එක්ක චිත්‍රපටිය රසවිඳින්න කියලා ඉල්ලනවා. හැමදාම වගේ, මේ උපසිරැසි වල ගුණ දොස්, වැරදි අඩුපාඩු, හොඳ නරක, ගල් මල් අපිට කියන්න. හැමෝටම ජයවේවා!!!

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි අන්තර්ජාලයේ ඇති බ්ලුරේ හා වෙබ් පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDXTV ලෙස උපසිරැසි නිකුත් කර ඇත.
  • විඩියෝ පිටපත් සුම් ලින්ක් හබ් වෙබ් අඩවියෙන් පහසුවෙන් ලබාගත හැක

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

නිලුෂ හේමාල් අලහකෝන්
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

5 COMMENTS

  1. ගොඩක්ම ස්තූතියි නිලුෂ සොයුර ……….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  2. අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
    සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
    Typing හැකියාව හා English දැනුම තව තවත්
    වැඩිවේවා…✌

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram