today-is-a-good-day
More

    Lisaa (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    ඔයාල හැමෝම නිකුත් වෙනකම්ම බලාගෙන හිටපු ඒ දමිල 3D චිත්‍රපටයට තමයි අද උපසිරසි අරගෙන ආවේ.චිත්‍රපටයේ නම තමයි lisaa 2019.මෙම වසරේ ජූලි 28 වන දින තමයි මෙම චිත්‍රපටයේ හොද කොපියක් නිකුත් උනේ.නමුත් අවාසනාවකට වගේ නිකුත් උනේ HDTV RIP කොපියක් තමයි.ඔයාල දන්නවනි ඉතින් TV Rip සදහා ඉංග්‍රිසි උපසිරසි නිකුත් වෙන්නෙ නැහැ කියල?ඉතින් අපේ සයිට් එකේ ලහිරු උදයංග සහෝදරයාගේ පූර්ණ උපකාරීත්වයත් සමග මෙම චිත්‍රපටයට අසා ලිවීමක් ලෙස උපසිරසි නිර්මාණය කරා. 3.8 imdb අගයක් හිමි කරගැනීමට සමත් වූ මෙම චිත්‍රපටයට 76%ක ගූගල් පරිශීලකයන්ගේද කැමැත්ත හිමි වී තියෙනවා.

    Raju Vishwanath විසින් අධ්‍යක්ශිත මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට පණ පොවන්නෙ දමිල සිනමාවේ අපි හැමෝම ආදරය කරන සුරූපී නිලී Anjali [ලීසා] විසිනි.ඒ වගේම දමිල සිනමාවෙ විකට නළුවකු වන yogi babu වගේම වැඩිම තෙලුගු චිත්‍රපට ප්‍රමාණයක රගපෑ,අපි හැමෝම කැමති විකට නළු Brahmanandam ද මෙම චිත්‍රපටයට රංගනයෙන් දායක වේ.drama/thriller ගණයට අයත් මෙම චිත්‍රපටය මුල සිටම කිසිම කම්මැලිකමකින් තොරව බලන්න පුලුවන් කියල 100% මට විශ්වාසයි.

    කතාව පැත්තට හැරුනොත් මෙම කතාව ගලායන්නේ ලීසා කියන මිණිපිරිය විසින් තමා කවදාවත් දැකල නැති තම ආච්චිවයි සීයවයි බලන්න යන ගමනකිනි.ඇත්තටම ඒ ගෙදර ගොඩාක් භයානක,පාළු ගෙදරක්.කතාවේ 90% පමණ දේවල් සිදුවෙන්නේ ඒ ගෙදර ඇතුලේ තමයි.ලීසාගෙ ආච්චියි සීයයි ගොඩාක් අමුතුයි වගේම ගොඩාක් භයානක දෙදෙනෙකි.ඒ ගෙදරදි ලීසාට ගොඩාක් භයානක දේවල් අත් විදින්න සිද්ද වෙනවා.ඒ මොනවද කියල දැනගන්න නම් ඔයාලට චිත්‍රපටය බලන්න වෙනව ඉතින් ලීසාගේ සීයා ගොඩාක් මිනීමරපු කෙනෙක්,ඒක පිටුපසත් ලොකූ කතාවක් තියෙනවා.ඒ කතාවත් ඔයාලට චිත්‍රපටය බලනකොට දැනගන්න පුලුවන්

    මේක දමිල චිත්‍රපට ප්‍රේක්ෂකයින්ට නම් වෙනස්ම වෙනස් අත්දැකීමක් වෙනවා නිසැකවම. මෙම චිත්‍රපටයෙන් ඔයාලට වැදගත් ආදර්ශයක් ලබාදෙනවා.ඒ තමයි කවදාවත් ඔයාලව හදපු වඩපු අම්මව තාත්තව වයසට ගියාට පස්සෙ තනිකරන්නෙපා,එයාලගෙ දේපළ ආදිය අරන් එයාලව වැඩිහිටි නිවාස වලට ගිහින් දාන්නෙපා කියන එක.හොද දෙමව්පියන්ගේ හැදිච්ච දරුවෙක් නම් කවදාවත් කිසිම විටෙක එහෙම දෙයක් කරන්න එපා කියල ඔයාල හැමෝගෙන්ම ඉල්ලා සිටිනවා. අවසාන වශයෙන් චිත්‍රපටය නරඹන්න කියල ඔයාල හැමෝටම ආරාධනා කරන ගමන්,උපසිරසිය සදහා සහය දුන් ලහිරු උදයංග සහෝදරයාට ස්තූතිවන්ත වෙමින් මම සමුගන්නවා.බුදුසරණයි !!!

     

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  WEB / HD  පිටපත් සදහා ගැලපේ

     

    Download “සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න” Lisaa.(2019).Sinhala.Subtitle.rar – Downloaded 360 times – 20 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    තිසර දර්ශන විතාන
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram