ඔන්න එහෙනම් රූපවාහිනි කතාමාලාවකට තමා මෙවර උපසිරැසි ගෙනාවෙ.. 2020 අවුරුද්දෙ පෙබරවාරි 7 වෙනිදා NETFLIX එකෙන් නිකුත් කරපු Locke and Key කතාමාලාව තමා ඒ.. IMDb දර්ශකයේ 7.4ක අගයකුත් R.T. හි 66%ක අගයකුත් ලබාගන්න මේක සමත් වෙලා තියනවා.. ඒවගේම පලමු කතා වාරය කොටස් 10කින් යුක්ත වෙනවා.. ඒවගේම supernatural horror හා drama කියන කාන්ඩයන්ට තමා මේක අයත් වෙන්නෙ.. එහෙනං අපි කතාව ගැන බලමු..
මේ කතාව ගලන්නෙ ලොක් කියන පවුල මුල් කරගෙන.. මේ පවුලෙ තාත්තා තමා රැන්ඩක් ලොක්. එයව එයාගෙ ශිෂ්‍යයෙක් විසින් මරලා දානවා සියැටල්වලදි.. ඉතිං Mrs.ලොක් සහ ලමයි තුන්දෙනා රැන්ඩල්ගෙ ගම වුන මැතිසන්වලට එනවා රැන්ඩල්ගෙ මහ ගෙදරට පදිංචියට.. රැන්ඩල්ගෙ මල්ලි ඩන්කන් එයාලව ගෙදරට හොඳින් පිලිගන්නවා ඉතිං. හැබැයි ඩන්කන් වුනත් වැඩි දවසක් වැඩට බොස්ටන්වල තමා ඉන්නෙ.. ලොක් පවුලෙ ලමයි තුන්දෙනෙක් ඉන්නවා.. ටයිලර්, කින්සි හා බෝඩි තමා ඒ තුන්දෙනා.. මෙයාලගෙ ගෙදරට පිටින් තියනවා ගේ කොටසක් ළිඳක් වටකරලා හදපු. ඉතිං පවුලෙ බාලයා වෙන බෝඩි ඒක ඇතුලට යනවා පොටෝ එකක් ගහන්න.. අවාසනාවට එයා ගහන පොටෝ එක ඒ ලිඳට වැටෙනවා.. ඒත් ඒක එකවරම ලිං කට උඩින් මතුවෙනවා.. මේ බෝඩි ඇතුලෙ කවුරුත් ඉන්නවද කියලා අහද්දි තමා ඇතුලෙ හිටපු දෝංකාරය එහෙමත් නැත්තං එකෝව ඇහැරෙනවා.. මෙතනින් තමා කතාව පටන්ගන්නෙ.. මෙයා බෝඩිට කියනව ලොක්ලට විශේෂ යතුරු තියනවා කියලා ඒවා විශේෂ අයට කතා කරනවා කියලා.. ඉතිං මෙහෙම යද්දි බෝඩිට එහෙම කොඳුරන සද්දයක් ඇහෙනවා.. ඇත්තටම ඒවා මායා යතුරුද? ළිඳේ ඇතුලෙ හිටියෙ කවුද? ලොක් ලට කාව හම්බෙයිද? ලොක් පවුල්ට මොනවා වෙයිද කියල දැනගන්න ඔයලට මේ කතාව බලන්නම වෙනවා.
එහෙනම් කොටස් දහය රසවිඳින්න කියලා ආරාධනා කරන ගමන්.. තවත් උපසිරැසියකින් හමුවන බලාපොරොත්තුවෙන් අදට සමුගන්නවා.. ඔබ සැමට සුභ දවසක්!! තෙරුවන් සරණයි!!
- Due to copyright issues we do not provide any torrent links
- ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති WEB පිටපත් සදහා ගැලපේ
- පහත ගොනුවේ කොටස් 10ම උපසිරැසි ලබා දි ඇත.
Download “සිංහල උපසිරැසි” Locke.and.Key.(2020).Sinhala.subtitle.rar – Downloaded 779 times – 157 KB
Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

Thanks මචො සබ් එකට
THanks sub 1ta
meke seson 2 nedda thama plzz dannako
Thanks bro ❤