spot_img

Loki (2021) 1 වැනි කොටසේ සිංහල උපසිරැසි (Sinhala Subtitle)

- Advertisement -
- Advertisement -
- Advertisement -

Loki Laufeyson කියන්නේ Laufey (Jotunheim වල පාලකයා) ගෙ පුතා. Loki ඉපදිලා ටික කාලෙකින් තාත්තා නැතිවෙනවා. ඊ‌ට පස්සෙ මෙයාව බාරගන්නෙ Odin. පොර Loki ව Asgard වලට අරන් ගිහින් Asgardian කුමාරයෙක් විදිහට හදාවඩාගන්නවා. මෙයාලගෙ අනිත් පුතා වුණේ අපි කවුරුත් දන්න Thor.

පස්සෙ කාලෙක Thor ට  Asgard වල රජකම හම්බෙන්න ඉද්දි  Loki යෝධයොන්ට කියලා Asgard වලට පහරදීලා මේක කඩාකප්පල් කරනවා. ඊටපස්සෙ Thor ව පෘථිවියට පිටුවහල් කරනවා. ඉතින් ඔයාලා දන්නවා ඇති Odin කාලෙකදි Odinsleep කියලා නින්දකට වැටෙනවා. මේ අතරෙදි Frigga (Thor ගෙ අම්මා) Loki ට රජකම දෙනවා. ඒත් එක්කම පිටුවහල් කරපු Thor ආයෙත් Asgard වලට ඇවිත් Loki ගෙ ආධිපත්‍යය නැති කරලා දානවා. ඊටපස්සෙ Loki warmhole එක්කින් ගැඹුරු අභ්‍යවකාශෙට යනවා. එහෙදි Loki ට සෙට් වෙනවා Thanos ව. ඊටපස්සෙ පොර Thanos ගෙ Army එක වුණ Chitauri එක්ක පෘථිවිය ආක්‍රමණය කරන්න යනවා. පෘථිවියට ගිහින් tesseract එක්කින් Thanos ව ගෙන්නගන්න Loki ට පුලුවන් වෙනවා. හැබැයි මේ ආක්‍රමණෙ නවත්තන්න අපේ Avengers ලට පුලුවන් වෙනවා. ඊටපස්සෙ Thor, Loki ව ආයෙත් Asgard වලට ගෙන්නවා ඇස්ගාඩ් වල ඇදිරිගේ හිරකරනවා. හැබැයි පස්සෙ කාලෙක Loki, Thor එක්ක එකතු වෙලා වැඩ කරනවා බලාගන්නත් පුලුවන්. කොහොම වුණත් Loki කියන්නෙ මුල් කාලෙදි රාජ්‍ය බලයට ගොඩක් ආස කරපු පොරක්.

ඉතින් ඔයාලට ඇවේන්ජර්ස් අන්තිම ෆිල්ම් එකේදී මතකයිනම් ලොකී අතුරුදහන් වෙලා යනවනේ..එතනින් තමයි මේ කතාමාලාව පටන් ගන්නේ..ඉතින් ලොකී අතුරුදහන් වෙලා කොහෙටද ගියේ කියල,අපිට මේ කොටසින් බලාගන්න පුලුවන්..ඉතින් කතාව ගැන ලොකුවට කියන්න යන්නේ නෑ,ඔයාලට ආරාධනා කරනවා කොටස් හයකින් සමන්විත මේ කතා මාලාව නරබන්න එකතුවෙන්න කියල..මම අද පලවෙනි කොටස ඔයාලට අරගෙන ආවා වගේම,ඉතිරි කොටස් 5 අපේ හිමාශ් මල්ලි ඔයාලට අරගෙන එයි..එහෙනම් ඉතින් දෙවනි කොටසින් හම්බවෙන්නකම් අදට සමුගන්නවා..

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් හා psa සදහා ගැලපේ
  • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත.

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

ලහිරු උදයංඟ
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

14 COMMENTS

  1. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  2. සහො අනේ මේ වගේම SMALLVILLE එකත් සබ් දෙන්නකො සම්පුර්ණ කතාවම . ජයවේවා බුදු සරණයි.

  3. බොහොම ස්තූතියි උපසිරැසියට.😀
    ජයවේවා! 👍

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram