today-is-a-good-day
More

    Lost (2006) Season 03 සිංහල උපසිරැසි (Sinhala Subtitle)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    මේක පටන් ගන්නේ මුලින්ම හැමෝගෙන්ම සමාව ඉල්ලා… ඇත්තෙන්ම මම හිතුවේ නැහැ මේක මෙහෙමවත් දෙන්න පුළුවන් වේවි කියල, මුලින්ම ඔයාලට කියන්න ඕනේ, දහසක් වැඩ රාජකාරි මද, සුලාන් සම්පත් තමයි මේ ලොස්ට් එකේ SEASON 03 ගොඩ දැම්මේ, මම මුල Episode ටික කරගෙන එද්දී, මට වැඩ ගොඩ ගැහුණා, මම හිර වුනා… කොටින්ම කියනවා නම් පට්ටම හිර වුනා.. ඉතින් ආයෙත් කියනවා සුලාන් තමා ගොඩ දැම්මේ.. ඒ වගේම තව ස්තුති වන්ත වෙන්න ඕනේ කවීදු චාමිත්ටත් මචෝ උඹත් Episode කරලා දීලා තියනවා මම දන්නෙත් නැහැ. ඒ විතරක් නෙවෙයි මට හරි සතුටුයි Z●●M එකට ඇවිත් මම සහයෝගෙන් කරපු පළමු උපසිරැසි නිර්මාණ. තව අනිවාරෙන් කියන්න ඕනේ දෙයක් තියනවා… අපේ යාලුවෝ… දේවියනේ….☺-☹

    තුසිත කෝ ලොස්ට්????
    තුයියා ලොස්ට් එක කවද එන්නේ???
    කෝ ලොස්ට්??? ලගදීම එනවා නේ?
    කෝ ලොස්ට්? කවද්ද දන්නේ නැහැ දෙන්නේ??? 🙂
    “පිස්සුම හැදෙන ටීවී සිරිස් එකක් දීලා අතරමං කරලා මු ගියා 🙂

    අනේ මේහෙම මට දිගින් දිගටම text කරලා මාව දිරිමත් කල සැහෙන පිරිසක් ඉන්නවා, තරහකට කියනවා නවෙයි, අනේ එහෙම text කරහල්ලා… ඒ වගේම මම හුගාක් අයගේ request acpt කලේ නැහැ ඒ ගැන සමාව අයදිනවා, මම ආයේ කරලියට ආවා, සතුටින් කියන්න ඕනේ ලොස්ට් එකේ අනාගතය ගැන, ඉතිරි SEASON ටික ඉක්මනටම එවි, මොකද ඒක මම තනියම කරන වැඩ පිළිවෙලක් නෙවෙයි, මාව Fb එකෙන් දිරිමත් කරපු හැම දාම කතා කරලා හොයා බලපු හැම යාලුවෙක්ටම බොහොම ස්තුතියි. එයාලා නැති වෙන්න.. මට මේක එපා වෙන්නත් ඉඩ තිබ්බ. ඇත්තටම මම එක අගය කරනවා. ආයෙත් කියනවා, සහය දුන් හැමෝටම ස්තුති වෙන්න, ඔන්න අපි ලොස්ට් SEASON 03 අරගෙන ආවා▌▌▌ තව කියන්න ඕනේ මේ lost හොයාගෙන යන පිරිසක් ඉන්නවා.. මගෙන් අහනවා “මචං ලොස්ට් වගේ ඒවා ආයේ නැද්ද බං… ෆිල්ම් එකක් හරි කමක් නැහැ, ඒවා හැමදාම බල බල ඉන්නන පුළුවන් බං” මෙන්න මෙහෙම සෙට් එකක් ඉන්නවා, ඒ සෙට් එකට කියනවා.. Z●●M එකත් එක්ක ඉන්න ඔයාලට ඒ වගේ ඒවා ලැබේවි කියල…☺

    දැන් කට්ටියට අමතක ඇති නේ?? ☺ මෙයාලා අනතුරට පත් වෙලා දවස් 68ක් දැන් මේ දුපතේ, SEASON 02 එක සම්පුර්ණයෙන්ම ගියේ හැච් එක ගැන නේ… අනේ දුක තමා මේ SEASON එකේ ඒ හැච් එක බ්ලාස්ට්..කුඩේ කුඩු..යාකාගේ කුඩු-විල්ලක් තමා කුඩු වෙන්නේ. ලොක් පිස්සගේ පිස්සු වැඩ නිසා. මේක අස්සේ කියන්නම් නැත්නම් අමතක වෙනවා… ලොස්ට් එක Golden Globe, 9 Saturn Awards, 8 Emmy awards වගේ සම්මාන රැසක් ලබාගෙන තියනවා. මේ SEASON එකෙන් ඔයාලට මේ දුපතේ තව අරුම පුදුම දේවල් දැනගන්න පුළුවන් වෙනවා වගේම, තව දුපත් ගැනත් දැනගන්න පුළුවන් වෙනවා, ඒ විතරක් නෙවෙයි, මේ කතාවේ මගේ සිත්-ගත් චරිතය “ජැක්” හැමෝටම උදව් කරමින් තාමත් අඩ අඩ ඉන්නවා.. වගේමේ මිනිහගේ හංගගෙන හිටපු ආදරයටත් කන-කොකා හඩනවා. මේක කවුරුත් දන්නවා ‘බටර් ගාන ඒකා නෙවෙයි පාන් කන්නේ’… ☺ලොක්ගේ පිස්සු නැටිල්ලත් ඒක්ක ඩෙස්මන් ලොකු අගාදයකට වැටෙනවා… ඩෙස්මන් කාල තරණයක් කරනවා.. මම කාල තරණය ගැන ඔයාලට TSCC එකේදී පැහැදිලි කළා මේක වෙන සිද්දියක්.. මේකේ සම්පුර්ණ කතාව ගොඩ නැගිලා තියෙන්නේ… චුම්භක ක්‍ෂේත්‍රත් එක්ක, සුද්දන්ට මේක මාර ආතල්.. ඌන් මේකෙන් ඕනේ දෙයක් කරනවා… දන්නවනේ ඌන් හොල්මන් හිටන් අල්ලනවා. ඒ ගැන පස්සේ දවසක කියල දෙන්නම්. කලින් කොටස් වලදී මුණ නොදාපු කපල් එකක් මේ කතාවෙන් එන්න ගන්නවා. ඒ දෙන්නගෙත් ලස්සන කතාවක් යනවා. ඒ විතරක් නෙවෙයි මේ කතාව ගොඩ නැගෙන්නේ සම්පුර්ණයෙන්ම “The Others” “අභිරහස් දුපතේ ජිවත් වන ගුප්ත වැසියන්”. අන්න එයාලගේ හුගාක් කටයුතු ගැන ඔයාලට දැනගන්න පුළුවන් වේවි.. තව: මේ SEASON එක ඉවර වෙන්නේ… ඊලග එක නොබලාම බැරි තැනට ගෙනල්ලා… මොකද පෙනී කරලියට එන්න හදනවා වගේම. තව සැහෙන පිරිසක් එන්න යන්නේ.. අන්තිම කොටස් වලදී බලන් ඉන්න ආස හිතෙන දැවැන්ත සිද්ධි මාලාවක් වෙනවා…ඉතින් මම ඔය සැම දෙනාටම ආරාධානා කරනවා. නැවත වරක් සුලාන් සම්පත්, කවීදු චාමිත් බොහොම ස්තුතියි. ඒ විතරක් නෙවෙයි අපේ මහා ආශීර්වාදය මේ හැම දෙයක්ම පිටිපස්සෙන් හිටපු, ඉන්න HEDZ බොහොම ස්තුතියි. තව නම් නොකී සැහෙන පිරිසක් අපිව දිරිමත් කළා පෞදගලිකවම මාව දිරිමත් කළා නවින් එක උදාහරණයක්.. එතකොට ඔයාලා හිතාගන්න කොච්චර දැවැන්ත පිරිසක් මේ පිටිපස්සේ ඉන්නවද කියල. බලාපොරොත්තු වෙන්නේ Z●●M සහෝදර පිරිසගේ තවත් නිර්මාණ..!! ජය වේවා!! ☺

    (අප ලබා දි ඇති ටොරන්ට් පටයට ගැලපෙන ලෙස පමණක් උපසිරැසි නිකුත් කල ඇති අතර කරුණාකර ලබා දි ඇති ටොරන්ට් පටය පමණක් ලබාගන්න.)

     

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති ඩිවිඩි පිටපත් සදහා ගැලපේ
    • උපසිරැසි කොටස්  23ම පහත ගොනුවේ ලබා දි ඇත.

     

    Download “Lost Season 03 සිංහල උපසිරැසි” Lost.Season.03.Sinhala.Subtitles.rar – Downloaded 5191 times – 323 KB

     

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

     

    Season 02 මෙතැනින් ලබාගන්න

    තුසිත තියුෂාන්
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    14 COMMENTS

    1. … ගොඩක්ම ස්තූතියි. …
      ඔබට සහ ඔබ පවුලේ සැමට
      තෙරුවන් සරණ ලැබේවා..!

    2. බොහෝම ස්තුතියි මේක දෙනකම් ගොඩාක් අසාවෙන් බලාගෙන හිට්යේ . කියන්න වචන නැහැ අපි වෙනුවෙන් මේ කරන උතුම් වූ ඉතා වටිනා සේවයට ගොඩාක් පිං කියලා කියන්න ඕනේ .

    3. නියමයි මචෝ…
      මේක දෙනකම්මයි හිටියේ.
      බොහෝම ස්තුතියි සබ් එකට.
      ජය..

    4. thanku so mush . me web site eke sub dila thiyenava dekkama puduma hithuna . bro attack on titan ekata sub dennko

    5. උබලට ජයම වෙන්න ඕන බං උබල නැත්තං මේවගේ නියම රස අපිට අරගන්න වෙන්නෙ නෑ ආදරෙයි උබලට දිගටම #LOST එකේ SuB එක අපිට ඉක්මනට ලැබෙයි කියලා විශ්වාස කරනවා
      Season 4 sub එකත් ඉක්මනට දෙන්න උබලට ජය ❤️😘

    6. මචංල මම දන් නෑ උබල සෙට් වෙලාද කරන්නෙ නැත්තෙ කියල , හැබැයි මේක ලොකු එෆර්ට් එකක් කියන්න තේරෙනව , සීසන් 3 වෙනකම්ම සබ් ටික සුපිරියට කොලිටියට පිලිවලට තිබ්බ. කරපු කෙනාට හෝ ටීම් එකට පට්ටම ස්තුතියි අවංකවම අගය කරනවා වගේම ඉදිරියටත් එවැනි සාර්ථකත්වයෙන් යුතු කොලිටි වැඩ කිරීමට ශක්තිය සහ ආශිර්වාදය ප්‍රර්ථනා කරමි. ස්තුතියි මචං නැවතත් එල එකක් එල එකක් …

    7. Season 3 එකත් ඉක්මනටම ගේමු. සබ් එකට ස්තූතියි. ජය!!

    Leave a Reply to Nimesh Cancel reply

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram