spot_img
spot_img
More

    Love Mocktail (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    මේ අවුරුද්දෙ එනකම් ඉවසිල්ලෙන් බලන් ඉන්න ඉංග්‍රීසි නොවන ෆිල්ම් එක මොකක්ද කියල ඇහුවොත් ගොඩ දෙනෙක්ගේ උත්තරේ තමයි KGF Chapter 2.හැබැයි ඒක කන්නඩා ෆිල්ම් එකක්.අද මම අරගෙන ආවෙත් 2020 වසරේ සාර්ථක අන්දමින් තිරගත වෙන Blockbuster Hit වෙච්ච කන්නඩා භාෂාවේ සුපිරිම සුපිරි Romance ෆිල්ම් එකක්. Pyaar Prema Kaadhal (2018) චිත්‍රපටෙයෙන් පස්සෙ තමයි මෙහෙම ආදර කතාවකට උපසිරැසි කලේ.මම වැඩිපුර Romance ටයිප් එකේ ෆිල්ම් නොබැලුවත් මේ චිත්‍රපටයේ ට්‍රේලර් එක බලනකොටම ආස හිතුනා,ඒ තරමටම හිතට වැදුනා.ගොඩක් ආසාවෙන් කරපු උපසිරැසි වලින් එකක් තමයි මේකත්.ඒකයි චිත්‍රපටයේ ඩිජිටල් කොපිය නිකුත් වෙලා දින කිහිපයක් යන්නත් කලින්ම මේක මෙහෙම ගෙනාවේ.ලයින් නම් 2700+ක් වගේ බොහොම සුළු ප්‍රමාණයක් තමයි තිබුනේ.කන්නඩා වලින් දැන් හොද හොද නිර්මාණ බිහිවෙනව.මේ චිත්‍රපටය ත් මේ අවුරුද්දේ බලපු හොදම ආදර කතා වලින් එකක් කියලා බය නැතිව කියන්න පුලුවන්.ඒ වගේම මේකෙ Music වුනත් ලස්සනයි.ලස්සන ගීත කිහිපයක්ම තියෙනවා. මේක හොදට හිනාවෙන්න වගේම ඇසට කදුලක් එන ෆිල්ම් එකක්. වෙනින් ෆිල්ම් වල වගේ ගොන් පාට් නම් මේකෙන් බලාපොරොත්තු වෙන්න එපා.එහෙම ඒවා නම් මේකෙ නෑ.මේ චිත්‍රපටයේ එන ඔක්කොම දේවල් ප්‍රයෝගික ලෝකේ වෙන දේවල් විතරයි.

    මෙහි ප්‍රධාන චරිතය කරන Krishna Nagappa විසින් තමයි කතාව රචනය හා අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ,නිෂ්පාදනය සදහා ඔහුත් එක්ක Milana Nagaraj එකතු වෙලා තියෙනවා. Krishna Nagappa කුළුදුල්ම චිත්‍රපට අධ්‍යක්ෂණය තමයි Love Mocktail කියන්නෙ.රංගනයෙන් දායක වෙල තියෙන්නෙ Milana Nagaraj,Krishna Nagappa,Amrutha Iyengar යන අයයි. වැඩිය හුරුපුරුදු මූණවල් නම් නෙවෙයි. (හූරුපුරුදු වෙන්න මොකද මම ඉතින් කන්නඩා ෆිල්ම් කලින් බලපු එකක් යැ) වැඩිය විස්තර කරන්න ඕන නෑ.නලු නිලියන් දැක්කහම දැනටමත් බලන්න එපා වෙලා නම් තියෙන්නෙ,ෆිල්ම් එක බලපු අය කියපු දේවල් ටිකක් දාලා ඉන්නම්.

    නලු නිලියන් දැක්කහම අපෝ මේ මොන ජරා ෆිල්ම් එකක්ද කියලා හිතුනා නම් :
    “what do i tell about this movie. first of all i was hesitant to watch the movie because i had no idea about the actor and the actress. Me and my girlfriend wanted to go out and suddenly decided to go for this movie, we actually saw one of our friends posting stories of this movie. And there it was a Wonderful narration, chemistry of Adi and nidhi will take you away, humor was on point.”

    තවත් කිහිපයක් :
    “The movie that everyone should watch, practical movie, not only for lovers, even family can watch the movie, songs hits ulti direction in a very gud way cinematography super. As above all I loved the movie in love with Nidhi and adi’s character…”

    “100% 5*s “Love Mocktail Rocks”
    Most amazing movie of 2020. One among the few Kannada Movies of today that needs a BIG BIG applaud… I loved every bit of the movie, especially the first half is hilarious.”

    “Wow….really killing movie for the loved ones…😍
    if still love exists in this world means may be by this kind of relation….really heartwarming….♥️

    මේ ඇතිනේ,ඕන නම් තව දාන්න පුලුවන්.චිත්‍රපටයක් ගත්තහම Positive Reviews වලට වඩා Negative Reviews තමයි චිත්‍රපටය බලපු කට්ටියගෙන් අහන්න වෙන්නෙ,ඒත් මේ චිත්‍රපටය ගැන නම් එහෙම ප්‍රතිශතයක් විදිහට ගත්තොත් Negative Reviews හොයාගන්නත් නැති තරම්.මම කියනවට බලන්න එපා ඕන තරම් බලපු උදවිය කියපුවා බලලා ඉන්නකෝ.ට්‍රේලර් එකත් බලන්න.බලන්න ආස හිතෙන විදිහට ලොකු ලිපි ලියන්න තේරෙන්නෙ නම් නෑ,උඩ ටික කිව්වෙත් මේ චිත්‍රපටය බලන එක මිස් කර ගනියි කියල හිතලයි.එහෙනම් හොද Emotional Love Story එකක් බලන්න කැමති උදවිය බලන්නකෝ.කන්නඩා කියලා අතෑරලා දාන අයට ඉතින් කරන්න දෙයක් නෑ.මං ගියා එහෙනම්!

     

    • ලබාදි ඇති උපසිරැසි සියළුම WEB/HD පිටපත් සදහා ගැලපේ

    Download “සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න” LOVEMocktail.(2020).Sinhala.subtitle.rar – Downloaded 2851 times – 58 KB

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    නවීන් රන්දික පෙරේරා
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram