spot_img
spot_img
More

    Madha (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    ලෝකෙ තියෙන භයානකම ආයුධය මොකක්ද? දන්නෙ නැද්ද? මේ චිත්‍රපටය තුල ඒකට පිලිතුර තියෙනව! ඇත්තටම මේ තෙලිඟු චිත්‍රපටය නම් සුපිරිම තිර රචනයකට හදපු හොඳ නිර්මාණයක්. පුදුමේ කියන්නෙ මේක අධ්‍යක්ෂනය කරල තියෙන්නෙ කාන්තාවක් විසින් ඇයගේ නම තමයි Srividya Basawa. ඉතින් ඇය තමයි Psychological Thriller සබ්ජෙක්ට් එකෙන් තෙලිඟු සිනමාව හරහා මේ වගේ සුපිරිම නිර්මාණය කරපු පලවෙනි කාන්තාව වෙන්නෙ. ඒ වගේම තව රෙකෝඩ් එකක් තියෙනව මේ චිත්‍රපටය තමයි තෙලිඟු සිනමාවෙ මව Indira Basawa විසින් Producer වශයෙන් කටයුතු කරල දුව Director වශයෙන් කටයුතු කරපු පලවෙනි චිත්‍රපටය වශයෙන් වාර්තා අතරට යන්නෙ. හුගක් මේ චිත්‍රපටය තුලන් කාන්තාවටත් තෙලිඟු සිනමාව තුල වැඩ පෙන්නන්න පුලුවන් කියල ඔප්පු කරල තියෙනව.

    ඒ වගේම මේ චිත්‍රපටය තුල ප්‍රධාන චරිතය කරන්නෙ Trishna Mukherjee කියන නවක නිළිය විසින්. ඇය මේ චිත්‍රපටයෙ රංගනයෙ යෙදෙන්න ගිහිල්ල අඩි 12 ක් උස තාප්පයකින් වැටිල තුවාල කරගෙනත් තියෙනව.ඒත් වේදනා නාශක වල පිහිටෙන් තමයි චිත්‍රපටයෙ ඉතිරි වැඩ කටයුතු කරල තියෙන්නෙ. ඊට අමතරව ඇය තෙලිඟු භාෂාව ඉගෙනගෙන තියෙනව මේ චිත්‍රපටය ඩබ් නොකර ඇයගේ හඬින්ම හඬ කැවීම් සඳහාම. ඉතින් ඔන්න ඔය වගේ සුවිශේෂී සිදුවීම් එක්ක තමයි මේ චිත්‍රපටය නිර්මාණය වෙලා තියෙනව කියන්නෙ.ඒ වගේම මේක හොඳ සැලකියයුතු සම්මාන ප්‍රමාණයකුත් දිනාගැනීමට සමත්වෙලා තිබෙනව. මේකෙ Cover Pic එකට වෙනම සම්මානයක් ලැබිල තියෙනවලු. කොහොමහරි චිත්‍රපටය පටන් ගැන්මෙම Cast එකත් එක්ක පසුබිම් පින්තූර ටිකත් හරිම ලස්සනයි.ඉතින් මේකෙ කතාව ගැන කිව්වොත් මුලින් පෙඩි කම්මැලි ගතියක් දැනුනත් කතාව ඉදිරියට යද්දි ඒ සිදුවන සිදුවීම් එක්ක අපිව සම්පුර්ණයෙන්ම කුතුහලයෙන් මුසපත් කරනව. ඉතින් ඊට පස්සෙ මෙහි සේරම සිදුවීම් ටික ලස්සනට තැනින් තැන පුරවන් ගිහිල්ල අන්තිමටම ප්‍රේක්ෂකයාව වික්ෂිප්ත කරවල තියෙනව.ඇත්තටම ඒක සුපිරිම වැඩක්.මෙහෙමයි මේකෙ පටන්ගන්නෙ මනෝචිකිත්සක වරයෙකුගෙ දේශනයක් සමගින් පොර අහනව ලෝකෙ තියන භයානකම ආයුධය මොකද්ද කියල අන්න එහෙමයි මේක පටන්ගන්නෙ ඒ භයානක ආයුධයෙන් කරන්න පුලුවන් වැඩකිඩ මේ චිත්‍රපටය තුල අපිට බලාගන්න ඇහැකි.

    ඉතින් ඊට පස්සෙ මේකෙ Arjun(Rahul Venkat) කියල පොරක් මෙහි ප්‍රධාන චරිතය වන Nisha(Trishna Mukherjee) සමග ආදර සම්බන්ධතාවයක් ඇතිකරගන්න සිදුවීමක් සමග තමයි කතාව ඉදිරියට ඇදීගෙන යන්නෙ. පස්සෙ මේ කොල්ල හොඳට ලව් කරල ඕනෑකමින්ම බූට් එක තියෙනව මේ කෙල්ලට, ඒ වගේම මේ කෙල්ලව විවිධ උපක්‍රම භාවිතා කරල පිස්සියක් බවට පත්කරනව. ඉතින් ඇයි ඒ විදිය ඔහු මේ කෙල්ලව විනාශ කරන්න හදන්නෙ? මොනවගේ පරමාර්ථයක්ද ඔහුට තියෙන්නෙ? ඒ වගේ දහසක් ප්‍රශන එනව ඒ සිදුවීමත් සමග ඉතින් ඉතිරි ටික චිත්‍රපටයෙන් බලන්න.විද්‍යාව සහ මිනිසා එකතුවෙලා ලෝකයට සෙතක් කරනව වගේම අනික් පැත්තෙන් ඒක ලෝකය විනාශත් කරනව. ඉතින් චිත්‍රපටය තුල Cinematography එහෙම සුපිරියි. වර්ණයන් සහ ආලොකය යොදාගැනීම හරිම වෙනස් විදියකට කරල තිබුන. අන්තිමට කියන්න තියෙන්නෙ බලන්න මේක හොඳ චිත්‍රපටයක් කියල

     

    • ලබාදි ඇති උපසිරැසි සියළුම WEB/HD පිටපත් සදහා ගැලපේ

     

    Download “සිංහල උපසිරැසි” MADHA.(2020).sinhala.subtitle.rar – Downloaded 267 times – 22 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    චාමික දිල්හාර
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram