spot_img
spot_img
More

    Malang (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    දෙසැම්බර් 24 හරියට රාත්‍රී 7.00 ට අගාසි කියන පොලිස් නිලධාරියට දුරකථන ඇමතුමක් ලැබෙනවා,ඒ කතා කරන කෙනා කියන්නේ මිනීමරුමක් වාර්තා කරන්න තියෙනවා කියල,ඉතින් අගාසි කියනවා ඒක එයා ඉන්න පලාතේ පොලිසියට පැමිණිලි කරන්න කියනවා,එතකොට තමයි කතා කරන කෙනා කියන්නේ,තාම මිනීමරුම උනේ නෑ දැන් තමයි මිනීමරුම කරන්න යන්නේ කියල,ඉතින් පොලිසි නිලධාරියෙක්ටම කතා කරල මිනීමරුමක් කරන්න යන්න තරම් හයියක් තියෙන්නෙ කාටද,එතකොට ඇයි මෙයා මේක අගාසිටම කිව්වේ,මේ පටලැවිල්ල ලිහාගන්නම්  එකතු වෙන්න වෙනවා අද්විත් සහ සාරාගේ සංචාරයත් එක්ක..

     

    මේක කරේ කවුරු උනත්,එයා සාමාන්‍යය මිනීමරුවෙක් නෙවෙයි,
    එයා භයානක යක්ෂයෙක්,
    මෙච්චර දරුණු වෙන්න පුලුවන් එක්කෙනාටයි,
    එයාගෙ කිසිම බලාපොරොත්තුවක් ඉතුරුවෙලා නැති කෙනෙක්ටයි ,
    මෙහෙම හුස්ම  හිර කරල  මරන්න පුලුවන් එයාටයි
    එයාටම කියල මේ ලෝකේ  මොකුත්ම නැති,
    මේක කතාවේ අවසානය නෙවෙයි,
    පටන් ගැනීමයි,
    අද අදුර ගොඩක් භයානක විදියට එන්න හදන්නෙ,
    මේ රාත්‍රිය එහෙම ඉක්මනින් ඉවර වෙන්නෙ නෑ…..

     

    ඔන්න ඉතින් covid 19 උවදුරින් ලෝකයටම බලපෑමක් වෙලා තියෙන කාලයේ,හැම කේෂ්ත්‍රයකටම වගේම චිත්‍රපටි කේෂ්ත්‍රයටත් එය විශාල බලපෑමක් කරා,ගොඩක්ම චිත්‍රපටි දින නියමයකින් තොරව කල් ගිහින් තියෙන වෙලාවක,ඉන්දියාවේ බොලිවුඩයෙන්,මේ වසංගතය දුරුවෙලා යනකම් අපිට බලන්න පුලුවන් අන්තිම චිත්‍රපටිය තමයි අද මේ විදියට අරගෙන එන්නේ

     

    හැමෝම ගොඩක් ආශාවෙන් බලපු චිත්‍රපටියක් තමයි Ek Villain කියන්නේ,ඉතින් ඒ චිත්‍රපටිය වගේම Aashiqui 2,Hamari Adhuri Kahani,වගේ ලස්සන ගීතමය චිත්‍රපටි අරගෙන ආපු Mohit Suri ගේ අලුත්ම චිත්‍රපටිය තමයි Malang…මෙයාගේ චිත්‍රපටි වල තියෙන විශේෂත්වය තමයි,චිත්‍රපටිය පුරාවටම ලස්සන සිoදු ඇතුලත් වෙන එක,ඉතින් මේ චිත්‍රපටියේ තියෙන ඔක්කොම සිංදුත් ඔයාලට සිංහල  උපැසිරැසි එක්කම නරබන්න පුලුවන්,2020 පෙබරවාරි 07 නිකුත් උන මේ චිත්‍රපටියේ පිටපතක් අන්තර්ජාලයට නිකුත් වෙන්නේ අද,ඒවගේම Imdb 6.7 ක  අගයක් අරගන්න සමත් වෙලා තියෙනවා,

    එක දවසක් ඇතුලත වෙන සිද්ධි දාමයක් තමයි චිත්‍රපටිය තුලින් ඔයාලට දැකගන්න ලැබෙන්නේ,ඒවගෙම කියන්න ඕනි මේ පැය 2 යි විනාඩි 15 ඔයාලව කොයිම මොහොතකවත් කම්මැලි කරන එකක් නෑ,ඒවගේම ඔයාල නොහිතන අවසානයක් චිත්‍රපටියේ දැකගන්න පුලුවන්,ඒ කුතුහලයත් එක්කම අදට එහෙනම් මම සමුගන්නවා,ආයෙත් ඉක්මනටම හම්බවෙමු.. මේ රාත්‍රිය එහෙම ඉක්මනින් ඉවර වෙන්නෙ නෑ..

     

    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති WEB/HD පිටපත් සදහා ගැලපේ

     

    Download “Malang (2020) සිංහල උපසිරැසි” Malang.(2020).Sinhala.subtitle.rar – Downloaded 5475 times – 45 KB

     

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

     

    ලහිරු උදයංඟ
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram