spot_img

Malli Raava (2017) සිංහල උපසිරැසි සමඟින්

- Advertisement -
- Advertisement -
- Advertisement -

ඔන්න ඉතින් අවුරුද්දකට විතර පස්සේ ආයෙත් උපසිරැසියක් එක්ක තමා ඔයාලව හම්බෙන්න ආවේ. ඉතින් නිවාඩුවක් හම්බුන ගමන් උපසිරැසියක් කරා ඔයාලට බලන්න කියලා…ඉතින් මම ගොඩක් කැමැති තෙලුගු සිනමා නිර්මාන වලට නිසා ලස්සන ආදර කතාවක් කලා ඔයාලට බලන්න කියලා, ඉතින් මේක නිකුත් උනේ ගිය අවුරුද්දේ දෙසැම්බර් මාසේ, IMDB වල 8.3ක වගේ ඉහල අගයක් ගත්ත සිනමා නිර්මානයක්.ඒක නිසාමයි මම මේක කරන්න ගත්තේ. ප්‍රධාන නළුවගේ නම සුමන්ත්, සිනමා නිර්මාණ කිහිපයකම රඟපාලා තියෙනවා, නිළියගෙ නම් පළවෙනි තෙලුගු සිනමා නිර්මානය.

ෆිල්ම් එක ගැන කියනවනම් පොඩ්ඩක්, කතාව පටන් ගන්නේ විවාහය දවසේ ප්‍රීති මේ කසාදයට කැමැති නෑ කියලා කාර්තික්ව දාලා ඇමැරිකා යන තැනෙන්. ඉතින් මේ ප්‍රීති දාල යන්නේ අවුරුදු 13ක් ආදරය කරපු කොල්ලව. මේ අයගේ පාසලේ පටන් හට ගත්ත ආදරය කොහොම එකක්ද ඇයි මේ ගැණු ළමයා දාලා යන්නේ කියලා හේතුව චිත්‍ර‍පටියේ පෙන්වනවා…කොහොම හරි මෙහෙම ඇය ඔහුව දාලා ගිහින් අවුරුදු 5කට පස්සේ කාර්තික් අහම්බෙන් දවසක් දකිනවා තමන්ගේ යාළුවගේ ගෙදර ප්‍රීතිගේ වෙඩින් කාර්ඩ් එක තියෙනවා.ඉතින් කතාවේ ඉතුරු ටික ඔයාලට බලලා තමා දැනගන්න වෙන්නෙ, ප්‍රිතී ඇයි කාර්තික්ව එහෙම දාලා ගියේ ඊට පස්සෙ එයාලගේ ජිවිත කොහොම වෙයිද කියලා ෆිල්ම් එක අරන් ඔයාලා බලන්න. ඉතින් මටනම් කාලෙකට පස්සෙ හොද සිනමා නිර්මානයක් බැලුවා කියන හැඟිම ආවා මේක බැලුවම.ඉතින් ඔයාලගේ අදහසුත් පල්ලෙන් දාලා යන්න කියන ගමන් මම සමු ගන්නවා.

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  WEB / HD පිටපත් සදහා ගැලපේ

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

බුද්ධික කුමාර
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram