spot_img

Man With No Past (2025) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

Man With No Past (2025) Sinhala Subtitle

නගරයට ආගන්තුක පිරිමියෙක් පැමිණෙනවා. මෙයාට නගරය ආගන්තුකයි කියලා දන්නේ, මෙයාට අතීතය ගැන කිසිම දෙයක් මතක නැති නිසා. හැබැයි, නවාතැන් ගත්ත තැන තියෙන පොතේ ලියලා තියෙන විදියට, නම රයිඩර්. ඒ නිසා එයා ඒ නම පාවිච්චි කරන්න හිතුවා. හැබැයි, සැරින් සැරේ එයාට පරණ මතකයන් ගලාගෙන එනවා. මේවා මේ ආත්මයේ පැරණි මතකයන් නෙමෙයි, හැබැයි පෙර ආත්ම කීපයකම සිදුවුණ ‍දේවල්. ඒ මතකයන් එක්ක, රයිඩර්ගේ ඉරිදි ගමන තමයි මේ චිත්‍රපටියේ තියෙන්නේ.

රයිඩර්ගේ මතකයන් වල හැටියට එයාට මේ වටපිටාවේ ඉන්න ගොඩාක් දෙනෙක්ව, කලින් හමුවෙලා වගේ දැනෙනවා. ඇත්තටම ඒ එක ආත්මයක විතරක් නෙමෙයි, හැබැයි ආත්ම කීපයකම. දැන් මේ නගරේ අයිතිකාරයා වගේ ඉන්නේ පෝල් සන්බෝන්. එයා නගරය කඩා බිඳලා දාලා සංවර්ධන ව්‍යාපෘතියක් කරන්නයි හදන්නේ. ඒකත් එක්ක තමයි රයිඩර්ටත් ප්‍රශ්න ඇතිවෙන්නේ. ඉදිරි කතාව බලන්න, මේ සිංහල උපසිරැසිය පාවිච්චි කරන්නකෝ.

James Bamford තමයි මේ චිත්‍රපටියේ අධ්‍යක්ෂකවරයා. එක විදියකට අමුතු කතාවක් අධ්‍යක්ෂණය කරන එක ලේසි වැඩක් නෙමෙයි. හැබැයි සියළුම නළු නිලියන්ව ලස්සනට හසුරුවලා මේ චිත්‍රපටිය කරලා තියෙනවා. ඇත්තටම දක්ෂ වැඩක්. ඒ තරම් ලස්සනට මේ චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන්න අවශ්‍ය කතාව ලියලා දීලා තියෙන්නේ Steven Paul. ඒ වගේම Trevor Mirosh ගේ සංස්කරණයත් මේ චිත්‍රපටිය සාර්ථක වෙන්න ගොඩාක් බලපාලා තියෙනවා. අතීතයේ දේවල්, පෙර ආත්ම වල දේවල්, ලස්සනට එකිනෙක ගලපලා තියෙනවා. රඟපෑමෙන් දායක වුනා Jon Voight (පෝල් සන්බෝන්), Adam Woodward (රයිඩර්), Marton Csokas (සෝක්), Charlotte Vega (මෝගන්) ඇතුළු පිරිසක්.

එහෙනම් හැමෝම එකතුවෙලා, මේ සිංහල උපසිරැසිය එක්ක චිත්‍රපටිය නරඹන්න. ජයවේවා!

 

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි අන්තර්ජාලයේ ඇති WEB HD පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත.
  • විඩියෝ පිටපත් සුම් ලින්ක් හබ් වෙබ් අඩවියේ හා yts හි පිටපත් සදහා ගැලපේ

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

නිලුෂ හේමාල් අලහකෝන්
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram