spot_img
spot_img
More

    Mardaani 2 (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -

    2020 වර්ෂයේ පළමු දින 15 තුළ පමණක් රට තුළ ස්ත්‍රී දූෂණ 142ක්, බරපතල ලිංගික අපයෝජන සිද්ධීන් 42ක් සහ ළමා අපයෝජන සිද්ධීන් 54ක් වාර්තා වී තිබෙනවා.

    - Advertisement -
    - Advertisement -
    ඉන්දියාවේ කියලාද හිතුවේ? නෑ ඒ ලංකාවේ. මේ පසුගිය දිනෙක උත්තරීතර පාර්ලිමේන්තුව තුළදි ඉදිරිපත් කළ සංඛ්‍යා ලේඛනයක්. ඇත්තෙන්ම මෙහෙම දත්තයන් ටිකක් මේ ලිපියේ සඳහන් කරන්න ලැබීම නම් මහා අවාසනාවක්. මේ තත්ත්වය රාජ්‍ය ප්‍රධානීන්ගේ ඉක්මන් අවධානයට ලක්විය යුතු මහා ඛේදවාචකයක්. මේ සංඛ්‍යා ලේඛන සුළුවෙන් තකන්න පුලුවන්කමක් කොහෙත්ම නෑ. සති දෙකක් වැනි කෙටි කාලයක් තුළ පමණක් වාර්තා වී ඇති මේ අපරාධ ගණන දිහා බැලුවාම රට ගමන් කරන දිශාව ගැන පැහැදිළි අවබෝධයක් ලබාගත හැකියි. රජය මෙම තත්ත්වයන් වළක්වන්නට අවශ්‍ය පියවර ඉක්මනින්ම ගතයුතුයි වගේම මේ අපරාධකරුවන්ට උපරිම දඬුවම් පැනවිය යුතුයි. ඒ වෙනුවෙන් රටේ නීතිගරුක පුරවැසියන් ලෙස අපේ උපරිම සහයෝගයත් ලබාදිය යුතුයි.
    ශ්‍රීලංකාවේ තත්ත්වය එසේ වෙද්දි ඉන්දියාවේ තත්ත්වය මොන තරම් දරුණු ඇතිද කියන එක ඔබට අමුතුවෙන් කියන්න වුවමනා නැහැ. ඉන්දියාව ස්ත්‍රී දූෂණයන්ට, සමූහ ස්ත්‍රී දූෂණයන්ට කප් ගහපු රටක්. ඉන්දියාව තුළ 2016 වර්ෂයේදී පමණක් කාන්තාවන්ට එරෙහි අපරාධ 338,954ක් වාර්තා වී තිබෙන බවත් ඊට ස්ත්‍රී දූෂණ පමණක් 38,947ක් ඇතුළත් බවත් දැක්වෙනවා. 2012 වර්ෂයේදී දිල්ලියේදී සිදු වූ සමූහ දූෂණය (නිර්භයා සිද්ධිය) වගේම පසුගිය වසරේ සිදුවූ හයිද්‍රාබාද් සමූහ දූෂණ සිද්ධිය (පශු වෛද්‍යවරියගේ සිද්ධිය) ලංකාවේ අපිටත් හොඳින්ම මතක තිබෙන එවැනි සිදුවීම් දෙකක් පමණයි. නිරන්තරයෙන් සිදුවන මේ දූෂණ සිදුවීම් එක්ක මේ ගැන වරින්වර කතාබහක් ඇතිවුනත් තවමත් මේ තත්ත්වය පාලනය කරගන්න ඉන්දියානු රජයට පුලුවන්කමක් ලැබිලා නෑ. දවසින් දවසම තත්ත්වය දරුණු අතට හැරෙනවා මිසක් මෙහි අඩුවීමක් දකින්න නැහැ.
    මෙහි තවත් ඉතාමත් භයානක තත්ත්වයක් තිබෙනවා. ඒ තමයි ඉන්දියාව තුල සෑම වසරකදීම සිදුවන ස්ත්‍රී දූෂණවලින් 2000කට අදික ස්ත්‍රී දූෂණ ප්‍රමාණයක් සිදුකර තිබෙන්නේ වසය අවුරුදු 18ට අඩු බාලවයස්කාර පිරිමි ළමුන් වීම. ඒ වාර්තා වූ සිදුවීම් ගණන පමණයි. ඒ කියන්නේ මේ ගණන තවත් බොහෝ සෙයින් ඉහළ යන්න පුලුවන්. ඉතින් එකී දරුණු ඛේදවාචකය ගැන කතිකාවතක් ඇති කිරීම මුලික අරමුණ කරගෙන නිර්මාණය වුනු සිනමා නිර්මාණයක් තමයි මර්දානී 2.
    2014 වසරේදී ප්‍රදීප් සර්කාර්ගේ අධ්‍යක්ෂණයෙන් නිර්මාණය වුනු මර්දානී චිත්‍රපටයේම දිගුවක් හැටියට තමයි ගෝපි පුත්‍රම් විසින් මර්දානී 2වන චිත්‍රපටය නිර්මාණය කරන්නේ. පළමු චිත්‍රපටයේදී කාන්තා පාර්ෂවයට එරෙහිව සිදුවන්නා වූ අපරාධයන්ට විරුද්ධව අභිතව නැගී සිටි ශිවානී ශිවාජී රෝයි මර්දානී 2 චිත්‍රපටයේදී ඔබට නැවතත් දකින්න පුලුවන්. මෙම චිත්‍රපටයේ ශිවානී ලෙසින් කළ රංගනය වෙනුවෙන් රාණි මුඛර්ජී 2019 වර්ෂයට අදාලව නුදුරේදී පැවැත්වීමට නියමිත ෆිල්ම් ෆෙයාර් සම්මාන උළෙලේ හොඳම නිළිය වෙනුවෙනුත්, මෙම චිත්‍රපටයෙන් සිනමාවට අත්පොත් තබපු විශාල් තේජ්වා හොඳම නවක නළුවා සම්මානය වෙනුවෙනුත් සම්මානයට නිර්දේශ වී අවසන්. ඉතින් ඔවුන්ගේ රංගනයන් ගැන වෙනම අටූවා ටීකා ලියන්න වුවමනා නෑ.
    විචාරක අවධානය වගේම ප්‍රේක්ශක ප්‍රසාදයත් නොවඩුව දිනාගෙන 7.6/10ක IMDB අගයක් ලබාගත් මර්දානී චිත්‍රපටය Crime, Triller ෂානරයේ චිත්‍රපටයක්. ආරම්භයේ පටන් අවසන් තත්පරය දක්වාම ඉතාමත් කුතුහලයකින් නරඹන්න පුලුවන් චිත්‍රපටයක් තමයි මර්දානී 2 චිත්‍රපටය. යොවුන් තරුණියන් පැහැරගෙන ගොස් අමානුෂික ලෙස වදහිංසා පමුණුවමින් දූෂණයකොට මරා දමන අවු. 18ට අඩු බාල වයස්කාර අපරාධකරුවෙක්ට එරෙහිවයි මෙවර ශිවානී ශිවාජී රෝයි සටන් කරන්නේ. අපරාධකරු බාලවයස්කරුවෙකු වුනත් මේ සටන නම් ලේසි එකක් වෙන්නෙ නැහැ. ඉතාමත් සූක්ෂම ලෙස තම අපරාධයන් සිදුකරන මෙම සාහසික අපරාධකරුවාව කොටු කරගන්නට ශිවානිට හැකි වේවිද? නරඹන්න මර්දානී 2.
    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති WEB/HD පිටපත් සදහා ගැලපේ

     

    Download “සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න” Mardaani.2.2019.Sinhala.subtitle.rar – Downloaded 1075 times – 40 KB

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    ගයාන් ගමගේ
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram