today-is-a-good-day
More

    MASTER (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    ඔන්න ඉතින් හැමෝම ඇගිලි ගැනගෙන ආශාවෙන් එනකම් බලාගෙන හිටපු චිත්‍රපටියක් තමයි මේ අරගෙන එන්නේ…චිත්‍රපටිය ගැනනම් මොකුත්ම කියන්න ඕනි නෑනේ,2021 අවුරුද්ද පටන් ගන්න කොටම වාර්තා බිහි කරමින් තිරගත උන Master තමයි අද ඔයාලට අරගෙන එන්නේ…Aviyal,Maanagaram,Vella Raja,Kaithi වගේ චිත්‍රපටි මතකයිද,අන්න ඒ චිත්‍රපටි අරගෙන ආපු Lokesh Kanagaraj ගේ අධ්‍යක්ෂනයෙන් එන අලුත්ම චිත්‍රපටිය තමයි Master…කොරෝනා තාම ලෝකයම වෙලාගෙන ඉන්න අතරේ ඉන්දියාවේ චිත්‍රපටි ශාලා විවෘත උනේ 50%ක ප්‍රේක්ෂකයින්ට පමණයක් අවසර දෙමින්,එහෙම උනත් Master චිත්‍රපටිය කෝටි 200 කට වඩා ආදායමක් උපයගන්න සමත් වෙනවා…

    මේ වෙද්දී මනාප 41,817 කින් 7.6  ක Imdb අගයක් ලබාගන්න සමත් වෙලා තියෙනවා…හැමෝම මගබලන් හිටියට,එකෙන් කිසිම පාඩුවක්නම් උනේ නෑ කියල කියන්න පුලුවන්,Vijay,Vijay Sethupathi ,Malavika Mohanan,Arjun Das,Andrea Jeremiah ,වගේ සුපිරි නළු නිලි කැලක් එක්ක එන මාස්ටර් ඔයාලට වෙනස්ම සිනමා අත්දැකීමක් අරගෙන එයි,විජයිගේ කලින් චිත්‍රපටි වලින් දැක්ක විජයිනම් මේකෙන් ඔයාලට දැකගන්න ලැබෙන එකක් නෑ,ඒ වෙනුවට Lokesh Kanagaraj ඔයාලට වෙනස්ම විජයි කෙනෙක් තමයි අරගෙන ඇවිල්ලා තියෙන්නේ…මාස්ටර් චිත්‍රපටියේ සoගීත අධ්‍යක්ෂයනය කරන්නෙ Anirudh Ravichander,

    කතාව ගැන කිව්වොත්…JD ( විජයි) කියන්නේ විශ්ව විද්‍යාලයක ප්‍රොෆෙසර් කෙනෙක්,ඒත් මෙයා තනිකරම බේබද්දෙක්,මෙයාගේ බේබදු කම නිසාම කොලේජ් එකේ අනිත් ප්‍රොෆෙසර්ලා එහෙම මෙයත් එක්ක හොදින් නෙවෙයි ඉන්නේ,කොලේජ් එකටම වදයක් වෙලා ඉන්න JD,කොලේජ් එකේ ශිෂ්‍යය ශිෂ්‍යාවන් අතරෙනම් ගොඩක්ම ජනප්‍රිය පුද්ගලයෙක්,ඉතින් මෙහෙම ඉන්න JD ට දවසක් වගකීමක් පැවැරෙනවා,ඒ තමයි කොලේජ් එකේ ශිෂ්‍යය සභාපති තෝරන චන්දේ කරන්න කියල,ඒත් ඒකේදී මොකක්ම හරි ප්‍රශ්නයක් උනොත් JDට ඒ කොලේජ් එකෙන් යන්න වෙනවා,එහෙම කොන්දේසියකුත් එක්ක JD චන්දේ තියන්න වැඩකටයුතු පටන් ගන්නවා…ඒත් JD හිතුව විදියටනම් චන්දේ වැඩේ සිද්ධ වෙන්නේ නැ,ඒක නිසාම එයාට කොලේජ් එකෙන් යන්න වෙනවා,එහෙම කොලෙජ් එකෙන් අයින් කරන JDව මාස තුනකට, ලමා අපරාධකරුවන් පුනරුත්ථාපනය කරන පරිවාස නිවාසෙකට යවනවා….චිත්‍රපටියේ කතාව පටන් ගන්නේ එතනින්…එතනින් එහාට කතාව බලන එක ඔයාලට බාරයි එහෙනම්….

    විජයිගේ ෆිල්ම් එකක් උනාම සුපිරි වගේම ඒක සිංහල උපැසිරැසි එක්ක බලන ඔයාලටත් ලස්සනම අත්දැකීමක් වෙන්න චිත්‍රපටියේ ඔක්කොම ගීත සිංහල උපැසිරැස ගන්වල චිත්‍රපටියට උපරිම සාධාරණයක් ලැබෙන විදියටම සිංහල උපැසිරැසියත් ඔයාලට ලබා දුන්න කියල හිතනවා..මේ සබ් එක ඉක්මනින්ම Syn කරල ඔයාලට අරගෙන එන්න උදව් කරපු අපේ අශේන් කවිදුවත් මතක් කරන ගමන්ම අදට සමුගන්නවා…. එහෙනම් අරගෙන බලන්න Master

    උපසිරැසි ගොනුවේ දැනට ආපු කොපි දෙකටම ගැලපෙන්න උපසිරැසි දිලා ඇති. ධාවන කාලය පැය 2. විනාඩි 50 හා පැය 2. විනාඩි 57 කොපිය. ඔයා ගත්තු කොපියට ගැලපෙන උපසිරැසි එක දාගෙන බලන්න 

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් හා එච් ඩි පිටපත් සදහා ගැලපේ
    • SRT  ලෙස උපසිරැසි නිකුත් කර ඇත.

     

    Download “MASTER (2021) සිංහල උපසිරැසි” MASTER.(2021).New.Sinhala.Subtitle.rar – Downloaded 40973 times –

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    ලහිරු උදයංඟ
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    13 COMMENTS

    1. … ගොඩක්ම ස්තූතියි. …
      ඔබට සහ ඔබ පවුලේ සැමට
      තෙරුවන් සරණ ලැබේවා..!

    2. නියමයි කියන්න වචන නැහැ සුපිරිම වැඩක් .ඔයා හරිම ලස්සනට වැඩේ කරනවා .බොහොම ස්තුතියි අපි හැමෝම වෙනුවෙන් කරන මේ වටිනා උතුම් සේවය අගය කරනවා .

    Leave a Reply to Kantha_DLA Cancel reply

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram