More

    Mersal (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -

    විජේ සමඟින් සමන්තා රුත් ප්‍රභූ,නිත්‍යා මෙනන්,කාජල් අගර්වාල් ඇතුලුව සත්‍යරාජ් හා ස්පයිඩර් චිත්‍රපටයේ නලුවාට වඩා දුෂ්ට චරිතයෙන් ප්‍රේක්ෂකයන්ගේ සිත් වසඟ කරගත් එස්.ජේ සූර්‍යා එහෙමත් නැත්නම් මෑතකදී බිහිවූ සුපිරි ගණයේ දුෂ්ට චරිතය රංගනයෙන් දායක වන Mersal (2017) චිත්‍රපටය Raja Rani (2013) හා Theri (2016) වැනි ජනප්‍රිය ඔබ වෙත ගෙනා Atlee Kumar අධ්‍යක්ෂණය කළ නවතම චිත්‍රපටයයි. ආදායම් වාර්ථා බිඳ දැමූ Baahubali 2: The Conclusion (2017) චිත්‍රපටයේ රචකයා වන K. V. Vijayendra Prasad අතින් තමයි මේ කතාවත් රචනා වෙලා තියෙන්නෙ.මේ චිත්‍රපටයේ සංගීතය ඔස්කාර් සම්මානලාභි සංගීත අධ්‍යක්ෂක A.R. Rahman අතින් හැඩවී තිබෙනවා.ඔහුගේ සංගීතය ගැන අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. ඉන්දියානු මුදලින් කෝටි 120 ක පිරිවැයක් ලබා නිපදවූ මෙහි ඇස්තමේන්තුගත ආදායම කෝටි 240 පමණ වෙනවා. මේ වන විට මෙම චිත්‍රපටය සඳහා IMDb හි 8.8/10 ක්,Times of India හි 3.5/5 ක සමඟින් ගූගල් මනාප ප්‍රතිශතය 90% ක් පමණ වෙනවා.

    ඩොක්ටර් මාරන් (විජේ),රෝගීන් වෙනුවෙන් අඩු මුදලට තම වඟකීම් අකුරට ඉටු කරන අවංක වෛද්‍යවරයෙක්. ඒ වගේ ඔහු ගොඩක් ජනප්‍රියයි වගේම සම්මානලාභි පුද්ගලයෙක්. ඔහුගේ අභිප්‍රාය තමයි ආර්ථිකමය වශයෙන් පොහොසත් නැති රෝගීන් හට නොමිලේ වෛද්‍ය ආධාර ලබා දෙන එක. කොහොමහරි ප්‍රංශයේදී තවත් සුප්‍රසිද්ධ වෛද්‍යවරයෙක්ට අවසන් ගමන් යන්නත් , ඉන්දියාවේදී තවත් පුද්ගලයන් හතර දෙනෙක්ට අතුරුදහන් වන්නටත් සිදු වෙනවා. මේ සම්බන්දව පරීක්ෂණ පවත්වන්නේ රත්නවේල් (සත්‍යරාජ්) කියලා පොලිස් නිලදාරියෙක්. අවසානයේ ඔහු මේවට වඟකිව යුත්තේ මාරන් යැයි සිතා ඔහුව අත් අඩංගුවට ගන්නවා . ප්‍රශ්න කිරීම් වලදී ඔප්පු වෙනවා මේ මිනිමැරුම් කර තිබෙන්නෙ වෙනත් අයෙක් විසින් බවත් එම තැනැත්තා ඩොක්ටර් මාරන්ගේ අනන්‍යතාවත් සොරාගෙන ඇති බවට. එතකොට මේ අපරාධ කරේ වෙනත් කෙනෙක්ද? මේ ඩොක්ටර් මාරන් කියන්නේ ඇත්තටම කවුද, දොස්තර කෙනෙක්ද නැත්නම් විජ්ජාකරුවෙක්ද? ඔහු ඉලක්ක කරලා මිනිස්සු මරන්න හේතුව මොකක්ද? මේ පුද්ගලයින් දෙදෙනෙක් නම් ඔවුන්ට තියෙන සම්බන්දය මොකක් වෙන්න පුලුවන්ද? ඒ ගැන දැනගන්න නම් චිත්‍රපටය නරඹන්න.

     

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  WEB / HD පිටපත් සදහා ගැලපේ

     

    Download “Mersal (2017) සිංහල උපසිරැසි” Mersal.(2017).Sinhala.Subtitle.rar – Downloaded 3608 times – 54 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    නවීන් රන්දික පෙරේරා
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram