More

    Mission Chapter 1 (2024) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    Mission Chapter 1 (2024) Sinhala Subtitle

     

    උත්සව සමය වූ ජනවාරියේ තිරගත වුණ තවත් චිත්‍රපටයකට උපසිරැසි අරගෙන ආවා. තෛපොංගළ් වලට දමිළ සිනමාවෙන් චිත්‍රපට තුනක් එකට ගැටුණා. ඒ තමයි ධනුෂ්ගේ කැප්ටන් මිලර්, ශිවකාර්තිකෙයන්ගේ අයලාන් සහ අරුන් විජේගේ මිෂන් චැප්ටර් වන්. ඉතින් ඔන්න තුනටම මං උපසිරැසි අරගෙන ආවා. මේක පොඩ්ඩක් ප්‍රමාද වෙලා තමයි අන්තර්ජාලය නිකුත් කෙරුණේ. ආපු විගසම සූම් අපි අරගෙන ආවා.

    ඇක්ෂන් ශාරයේ චිත්‍රපටයක් වූ මෙයට ප්‍රේක්ෂකන්ගෙන් ඉහළ ප්‍රතිචාර ලැබුණා. මේකේ අරුන් විජේට අමතරව එමි ජැක්සන්, මළයාලම් නිළි නිමිෂා සජයන, අබි හසන්, භරත් බෝපානා වගේම ලියෝ චිත්‍රපටයෙන් රසික සිත් උදුරාගත් ළමා නිළි ඉයල් ද රංගනයෙන් දායක වෙනවා.

    ගුණසේකරන් කියන්නේ හිටපු ජේලර් කෙනෙක්. නමුත්, අතීතයේ ඇති වූ සිද්ධි දාමයක් නිසා රැකියාවෙන් අස් වෙලා ඉන්නේ. ඒකට හේතුවක් තමයි තමන්ගේ දරුවාගේ සැත්කම. ඉන්දියාවේ එම සැත්කම කිරීමට පහසුකම් නැති හෙයින් ගුණසේකරන් දරුවා සමග එංගලන්තය කරා යනවා. හදිස්සියේම එංගලන්තයට යෑමට සිදු වූ නිසා සැත්කමට අවශ්‍ය මුදල් හවාලා නම් නීති විරෝධී මුදල් හුවමාරු ක්‍රමයකට තමයි මාරු කරගන්නේ. ඉතින් මේ මුදල් එංගලන්තයේ අයෙක්ගෙන් අරගන්න යන විට රණ්ඩු සරුවල් වීමකින් බ්‍රිතාන්‍ය පොලීසියට අහු වෙනවා. පොලීසියට පහර දීම හේතුවෙන් ගුණසේකරන්ව බන්ධනාගාර ගත කරනවා. ගුණසේකරන් බන්ධනාගාරයෙ සිටින විට හදිස්සියෙම බන්ධනාගාරයේ සියළුම දොරටු විවෘත වී රැඳවියන් පැන ගන්න උත්සහ කරන බවක් දකිනවා. ඒත් එය පකිස්ථාන ත්‍රස්තවාදීන් පිරිසක් පැනගන්න සලස්වපු සැලැස්මක් බව ගුණසේකරන් දැනගන්නවා. ඉතින් ගුණසේකරන් මොකක් කරයිද? කවුද මේ ත්‍රස්තවාදීන්? ඔයාලම අරගෙන බලන්න.

    ඔයාලට ගුණාත්මක උපසිරැසියක් ලබා දීමේ අරමුණින් මෙහි අඩංගු සියළුම ගීත උපසිරැසි ගන්වා ඇත. එහෙනම් තවත් උපසිරැසියකින් හමුවෙමු. බුදු සරණයි!

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි අන්තර්ජාලයේ ඇති එච් ඩි පිටපත් සදහා ගැලපේ
    • SRT හා IDXTV ලෙස උපසිරැසි නිකුත් කර ඇත.
    • විඩියෝ පිටපත් සුම් ලින්ක් හබ් වෙබ් අඩවියෙන් පහසුවෙන් ලබාගත හැක

     

    Download “Mission Chapter 1 (2024) සිංහල උපසිරැසි” Mission.Chapter.1.(2024).Sinhala.Subtitle.rar – Downloaded 2368 times – 973 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    දිලිප මධුෂාන්
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram