spot_img

Mission Cross (2024) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

Mission Cross (2024) Sinhala Subtitle

 

පාර්ක් කන්ග්-මූ කියන්නේ හිටපු ආරක්ෂක බුද්ධි අංශ නිළධාරියෙක්. හැබැයි, හමුදාවේ සිදුවුණු සිද්ධියක් හේතුකොට ගෙන, කන්ග්-මූ ආරක්ෂක අංශයෙන් ඉවත්වෙනවා. ඊටපස්සේ, එයා මී-සියෝන් කියන අති දක්ෂ අපරාධ විමර්ෂණ නිළධාරියෙක් හා විවාහ වෙන්නේ තමන්ගේ අනන්‍යතාවය සඟවාගෙන. හදිස්සියේම ඔහුට හමුවෙනවා හී-ජූ නම් කාන්තාවක්. ඇයව කලින් ඉඳලාම අපේ කතා නායකයාව දන්නවා. හැබැයි මේ හමුවීම මී-සියෝන් දකින්නේ කොහොමද? අනික, මේ හමුවීමෙන් ඇතිවෙන අනෙක් දේවල් වලට මොකද වෙන්නේ? ප්‍රහසන සහ ක්‍රියාදාම සියල්ල කැටිකරගත්ත වෙනස්විදියේ කතාවක් ගැන තමයි මේ කියන්නේ.

Lee Myeong-hun විසින් රචනා කරලා අධ්‍යක්ෂණය කරපු චිත්‍රපටියක් තමයි මේ. රඟපෑමෙන් දායක වෙනවා Hwang Jung-min (පාර්ක් කන්ග්-මූ), Yum Jung-ah (කන්ග් මී-සියෝන්), Jeon Hye-jin (ජන්ග් හී-ජූ), Jung Man-sik (ලී සන්ග්-උන්ග්) ඇතුළු පිරිසක්. මේ හැමෝම එක හා සමානව මේ චිත්‍රපටියට තමන්ගේ දායකත්වය ලබා දීලා තියෙනවා. ඒ නිසා තමයි, මේක මෙච්චර ලස්සන කතාවක් වුනේ. Netflix ආයතනය තමයි මේ චිත්‍රපටිය ලොව පුරා බෙදාහැරීමේ කටයුතු කරන්නේ.

මේ චිත්‍රපටියේ වෙබ් රේටිං ගැනත් ටිකක් කතා කරමු. මේ ලිපිය ලියන වෙලාවේදී IMDb 6.1, MyDramaList 7.7, Rotten Tomatoes 88%, Google Users 62% තම කැමැත්ත ප්‍රකාශ කරලා තියෙනවා. කොරියානු චිත්‍රපටි වල සාමාන්‍යයෙන් ගන්නා අගයන් වලට වඩා වැඩි අගයක් අරගෙන තියෙනවා.

එහෙනම් සුපුරුදු විදියටම, මේ සිංහල උපසිරැසියත් එක්ක, මේ ලස්සන කොරියානු චිත්‍රපටිය රසවිඳින්න. හැමෝටම ජයවේවා!!!

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි අන්තර්ජාලයේ ඇති එච් ඩි පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDXTV ලෙස උපසිරැසි නිකුත් කර ඇත.
  • විඩියෝ පිටපත් සුම් ලින්ක් හබ් වෙබ් අඩවියෙන් හෝ YTS වෙබ් අඩවියෙන් පහසුවෙන් ලබාගත හැක

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

නිලුෂ හේමාල් අලහකෝන්
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram