spot_img
spot_img

Night At The Museum Kahmunrah Rises Again (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

Night At The Museum Kahmunrah Rises Again (2022) Sinhala Subtitle

 

Night at the Museum චිත්‍රපටි මාලාවේ animation film series එකකුත් ආවා මතක ඇතිනේ. ඔයාලා බලලාත් ඇති. මම අද උපසිරැසි අරගෙන ආවේ, ඒ animation series එකේ, මේ අවුරුද්දේ නිකුත් කෙරුණු අළුත්ම චිත්‍රපටියට. මේක Night at the Museum: Kahmunrah Rises Again (2022). මේ තියෙන්නේ ඇත්තටම මේ චිත්‍රපටි මාලාවේ හතරවෙනි දිගහැරුම. එහෙම කියලා මේක විතරක් බලන්න බාධාවක් නෑ. ඒ වගේම, මේ වතාවේ චිත්‍රපටිය නිෂ්පාදනය කලේ වෙනස් සමාගමක් විසින්. මේක එයාලාගේ පළවෙනි animated feature film එක.

කහ්මුන්රාහ් කියන්නේ රජවරුන්ගේ රජා විදියට නම් දරපු පුරාණ ඊජිප්තු දුෂ්ඨ පාලකයෙක්. මෙයාගේ පිලිරුවක්, කෞතුකාගාරයට ගෙනල්ලා තිබිලා තියෙනවා. ඒ මේ කතා මාලාවේ දෙවෙනි කතාවේදී. එහිදී, ලැරී, කෞතුකාගාරයේ රාත්‍රී ආරක්‍ෂකයා මෙයාව පරද්දලා තියෙනවා. කෞතුකාගාරයේ ඉන්න හැම දේකටම රෑට පණ එනවා කියලා ඔයාලා දන්නවානේ. මේ පාර කතාව දිවෙන්නේ, ඒ ලැරී ගේ පුතා, නික් වටා. එයාත් මේ කෞතුකාගාරයේම රාත්‍රී ආරක්‍ෂකයෙක් විදියට එනවා. අවාසනාවට, කහ්මුන්රාහ් ලෝකයේම බලය තමන්ගේ අතට ගන්න සැලසුමකුත් ක්‍රියාත්මක කරනවා. මේ දේවල් අතර සිදුවන ත්‍රාසජනක සිදුවීම් මාලාවක් තමයි මේ චිත්‍රපටියේ තියෙන්නේ.

Thomas Lennon සහ Robert Ben Garant දෙදෙනාගේ සංකල්පයක් විදියට තමයි මේ කෞතුකාගාරයට රෑට පණ එන්නේ. එයාලාගේ චරිත තමයි මේ හැම කතාවකටම පාදක වෙන්නේ. මේ චිත්‍රපටිය අධ්‍යක්‍ෂණය කලේ Matt Danner විසින්. Walt Disney Pictures ඇතුළු සමාගම් හතරක මූලිකත්වයෙන් නිෂ්පාදනය වෙච්ච මේ චිත්‍රපටිය, ලොව පුරා බෙදා හැරුනේ Disney+ විසින්.

මේ චිත්‍රපටියට තම කටහඬ ලබා දෙමින් දායක්වය දුන්නේ Joshua Bassett (නික්), Zachary Levi (ලැරී), Thomas Lennon (තියඩෝර් රූස්වෙල්ට්, ටෙඩී) ඇතුළු පිරිසක්.

Web ratings ගැනත් කියන්නම්. මේ ලිපිය ලියනකොට IMDB 5.1, Rotten Tomatoes 77%, Google Users 78% මේකට තම කැමැත්ත ප්‍රකාශ කරලා තිබ්බා. Animation චිත්‍රපටි වලට කැමති අයට බලන්න වටින ලස්සන චිත්‍රපටියක්.

එහෙනම්, හැමෝම මේ සිංහල උපසිරැසියත් එක්ක මේ චිත්‍රපටිය රස විඳින්න. හැමදාම වගේ ගුණ දොස්, ගල් මල්, හොඳ නරක අපිට කියන්න. අපේ වැරදි තියෙනවා නම් හදාගන්නත්, උපසිරැසි තව ගුණාත්මක බවෙන් වැඩි කරන්නත් ඒවා හේතු වෙනවා. ජයවේවා!

 

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

 

Download “Night At The Museum Kahmunrah Rises Again (2022) සිංහල උපසිරැසි” Night.At.The.Museum.Kahmunrah.Rises.Again.(2022).Sinhala.Subtitle.rar – Downloaded 1551 times – 902 KB

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

නිලුෂ හේමාල් අලහකෝන්
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

5 COMMENTS

  1. ගොඩක්ම ස්තූතියි නිලුෂ සොයුර ….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි……..!

Leave a Reply to Gihan Lakmal Cancel reply

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram