spot_img
spot_img

Nizhal (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

අද මං අරන් ආවෙ අළුතින්ම ආපු හැමෝම බලාගෙන හිටිය මලයාලම් චිත්‍රපටියක උපසිරසියත් එක්කයි.චිත්‍රපටියේ නම Nizhal 2021(සෙවණැල්ල). Mystery/thriller ගණයට ආසකරන අයට එකම හුස්මට කිසිම කම්මැලිකමක් නැතුව මේ චිත්‍රපටිය බලන්න පුලුවන්. 6.5ක imdb අගයක් වගේම 85%ක ගූගල් පරිශීලක කැමත්තකුත් මේ චිත්‍රපටියට ලැබිල තියෙනවා.චිත්‍රපටියේ ප්‍රදාන චරිත නිරූපණය කරන්නේ දමිල සිනමාවේ සුරූපී නිලී Lady Super Star නයන්තාරා වගේම දක්ෂ මලයාලම් නළු Kunchacko Boban විසින්.

කතාව ගැනත් ටිකක් කිව්වොත් ජෝන් බේබි කියන්නේ මහේස්ත්‍රාත්වරයෙක්.මෙයයි මෙයාගෙ යාළුවෙක් ඉන්නවා ශාලිනි කියලා,දවසක් ශාලිනිට දැනගන්න ලැබෙනවා පොඩි දරුවෙක් මිනීමැරුමක් ගැන කියපු කතාවක් පිලිඹඳව.ඉතින් එයා ඒ ගැන ජෝන් බේබි කියන එයාගෙ යාළුවටත් කියනවා.ඊටපස්සෙ ඒ දෙන්න ඒ කතාව ගැන හොයල බැලුවම දැනගන්න ලැබෙනව ඒක නිකන්ම කතාවක් නෙවෙයි ඇත්තටම වෙච්ච දෙයක් කියල. ජෝන් බේබි ඒ මිනීමැරුම ගැන හොයන්න ගන්නවා, ඒත් එක්කම ඒ දරුවා කියනව එයා තවත් කතා ගොඩාක් දන්නව කියල, ඒ දරුව කියන කතා ඔක්කොම කාලෙකට කලින් වෙච්ච මිනීමැරුම් කියල ජෝන් බේබි දැනගන්නවා. ඉතින් කවුද ඒ දරුවට ඒ කතා කියල දුන්නේ, එයා කොහොමද ඒ කතා දැනගත්තේ? ඇත්තටම කවුද ඒ මිනීමරුවා? කියල දැනගන්න මේ චිත්‍රපටිය බලන්නම වෙනවා.කාලෙකට පස්සෙ නයන්තාරාගෙ ආපු සුපිරිම චිත්‍රපටියක් කියල මේ චිත්‍රපටිය හඳුන්වන්න පුලුවන්.ත්‍රාසය කුතුහලය එක විදියටම තියෙන මේ චිත්‍රපටිය බැලුවා කියල කිසිම පාඩුවක් ඔයාලට වෙන්නෙ නෑ කියල නම් කියන්න පුලුවන්. ඉතින් ඔයාලට මේ සුපිරි චිත්‍රපටිය බලන්න කියල ආරාධනා කරන ගමන් මං අදට නවතිනවා..බුදුසරණයි!!!

 

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

 

Download “Nizhal (2021) සිංහල උපසිරැසි” Nizhal.(2021).Sinhala.Subtitle.rar – Downloaded 9155 times – 761 KB

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

තිසර දර්ශන විතාන
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

4 COMMENTS

  1. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  2. niyama story eka.kuthuhalaya uparimetama dila thiyenawa..sub ekath supiriyatama thibba…thanks

Leave a Reply to Kantha_DLA Cancel reply

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram