More

    No Escape (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    No Escape (Follow Me) (2020) ගොඩාක් ආතතියක් තියෙන චිත්‍රපටියක්. SAW චිත්‍රපටි පෙලේ වගේ, හිර කාමරයක අත්දැකීමක් තමයි මේකේ තියෙන්නේ. ඉතිං වද දීම්, කපන කොටන එවා මේකේ තියෙනවා. හැබැයි කතාව හිතාගන්න බැරි තරම් ලස්සනයි.

    ගිය සැප්තැම්බරයේ නිකුත් කෙරුණු මේ චිත්‍රපටිය, තරමක් දුරට ආදායම් අතින් සාර්ථකයි කියන්න පුළුවන්. ලොකු වාර්තා නැතත්, මේ දවස්වල හැටියට අසාර්ථක එකක් නෙමෙයි. මේක ලියලා අධ්‍යක්ෂණය කරන්නේ Will Wernick. මීට කලිනුත් මේ වගේම හිරකාමරයක චිත්‍රපටියක් මෙයා කරලා තියෙනවා. දිගටම මේ වගේ චිත්‍රපටි තමයි මෙයාම නිෂ්පාදනය කරලා අධ්‍යක්ෂනය කරන්නේ. මේකේ රඟපෑමෙන් දායක වෙනවා Keegan Allen, Holland Roden, Ronen Rubinstein සහ George Janko ඇතුළු නළු නිලියන් පිරිසක්. හැමෝම තම තමන්ගේ කොටස ලස්සනට කරලා තියෙනවා.

    කතාව කියනවානම්, කෝල් කියන්නේ වීඩියෝ අන්තර්ජාලයට යොමු කිරීම ජීවිකාව කරගත්ත කෙනෙක්. එයා නීතරම වෙනස් දේවල් කරලා වීඩියෝ කරනවා. එයාගේ අවුරුදු දහය සමරන්න යන්නේ, ඩෑෂ් විසින් සූදානම් කරගත්ත විශේෂිත හිර කාමරයකට. ඒක තියෙන්නේ මෙක්සිකෝවේ. රුසියාවේ. සෙල්ලමක් විදියට මේ හිර කාමරයට යන කෝල් ඇතුළු කණ්ඩායමට මුහුණ දෙන්න වෙන්නේ, සෙල්ලමක් නොවන සිදුවීම් වලට. තමන්ගේ ජීවිතය පවා අභියෝගයකට ලක් කරන මේ ප්‍රහේලිකා, කෝල් කොහොමද විසඳන්‌නේ? මෙයාලාට මුහුණ දීමට වෙන අභියෝග මොනවාද? මේවා දැනගන්න, මේකතාව ඉවර වෙනකල්ම බලන්න වෙනවා…සිංහල උපිසිරැසි සමඟ, චිත්‍රපටිය රස විඳින්න!! ජයවේවා!!!

     

     

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  BluRay පිටපත් සදහා ගැලපේ
    • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත.

     

    Download “No Escape (2020) සිංහල උපසිරැසි” No.Escape.(2020).Sinhala.Subtitle.rar – Downloaded 3994 times – 684 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    නිලුෂ හේමාල් අලහකෝන්
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    6 COMMENTS

    1. … ගොඩක්ම ස්තූතියි. …
      ඔබට සහ ඔබ පවුලේ සැමට
      තෙරුවන් සරණ ලැබේවා..!

    Leave a Reply to Arawinda Sunimal Cancel reply

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram